Divaina - දූෂිතයන්ට තනතුරු නොදෙන බවට හැකිනම් ගෝඨාභ පොරොන්දුවක්‌ දෙන්න - මනූෂ නානායක්‌කාර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අකිත පෙරේරා
 
manuska135 ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වුවහොත් දූෂිතයන්ට, වංචනිකයන්ට තනතුරු ලබා නොදෙන බවට හැකි නම් පොරොන්දු වන්නැයි කියා අභියෝගයක්‌ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්‌කාර මහතා පැවසීය.
 
 ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බවට පිළිගත හැකි ලිපි ලේඛන ප්‍රසිද්ධ කරන්නැයි කියා ද තමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව ද හෙතෙම සඳහන් කළේය.
 
 වෝක්‌ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
 
 සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් රටේ ජනතාවට විශාල සහන රැසක්‌ සලසන්න කටයුතු කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි දිනෙන් දින ජනතාව දැනුවත් කරනවා.
 
 එහිදී ගැබිනි මාතාවන්ට ලබාදෙන රුපියල් 20,000 ක සහන මල්ල රුපියල් 30,000 ක්‌ දක්‌වා වැඩිකරන බව ප්‍රකාශ කර තිබෙනවා. එය රටේ දරු සම්පත ගැන සලකළා කළ දෙයක්‌. ඒ වගේම අසරණ කාන්තාවන්ට ඉතාමත් අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් පවා ලබාදීමට එතුමා පොරොන්දු වුණා. එය කවුරුවත් නොහිතපු දෙයක්‌.
 
 පාසල් දරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වී තිබෙන දිවා ආහාරය, නිල ඇඳුම් කට්‌ටල් දෙකක්‌, සපත්තු ජෝඩුවක්‌ ලබාදීම වගේම සුරක්‍ෂා රක්‍ෂණය ලබාදීම වැනි ප්‍රතිලාභ ලබාදීම අනිවාර්යයෙන්ම ලබාදෙනවා.
 
 ත්‍රිරෝද රථ රියෑදුරන්ට රුපියල් ලක්‍ෂ තුනක පොලී රහිත ණයක්‌ ලබාදීම වැනි යෝජනා මඟින් දුප්පත්භාවය ඉතා ඉක්‌මනින් අවසන් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. ඒ වගේම දැනට මධ්‍යම පාන්තිකයන්ට හා රජයේ සේවකයන්ට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි උපයන විට බදු අයකිරීමේ රුපියල් ලක්‍ෂයේ සීමාවේ තිබුණේ. එය ලක්‍ෂ එකහමාරක්‌ දක්‌වා වැඩි කරලා තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ එකහමාරකට අඩුවෙන් උපයන අය සඳහා බදු ගෙවන්න අවශ්‍ය වන්නේ නෑ.
 
 අපි වක්‍ර බදු අයකිරීම අඩු කිරීමටත්, Rජු බදු ප්‍රමාණය වැඩි කිරීමට අදහස්‌ කරනවා. එමඟින් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා අවමයි. වැට්‌ බද්ද ද 12.5 දක්‌වා අඩු කිරීමට පියවර ගන්නවා.
 
 ඒ වගේම ව්‍යාපාරිකයන්ට දවසකට රුපියල් එක්‌ ලක්‍ෂ තිස්‌තුන් දහස දක්‌වා ඉපයිය හැකි ආදායම් බදු නොගෙවා. එමඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට විශාල සහනයක්‌ ලැබෙනවා. පුංචි ව්‍යාපාරිකයන් ශක්‌තිමත් කිරීම තමයි මෙහි බලාපොරොත්තුව වන්නේ.
 
 මසකට ලක්‍ෂ 40 ක්‌ වසරකට මිලියන 50 ක්‌ බදුවලින් තොරව ඉපැයිය හැකි වෙනවා. ඒ අයට වගේම විදේශගත ශ්‍රමිකයන් තැන්පත් කර තිබෙන මුදල් වලට පොලියක්‌ අය කළා. එය අපි අයකරන්නේ නෑ. දරුවන්ගේ ඉතිරි කිරීම්වලින් බදු නිදහස්‌ කිරීමටත් තීරණය කරනවා. සංචාරක බදු ක්‍රමයක්‌ ඇති කිරීම අපේ අරමුණයි.
 
 සජිත් ප්‍රේමදාස මහතා කිව්වා දූෂිතයන්, චූදිතයන් සිය කැබිනට්‌ මණ්‌ඩලයට නම් කරන්නේ නෑ කියලා. අපි ගෝඨාභය රාජපක්‍ෂට අභියෝග කරනවා පුළුවන් නම් කියන්න දූෂිත අය, නඩු තිබෙන අය එතුමාගේ කැබිනට්‌ මණ්‌ඩලයට ඇතුළුකර ගන්නේ නෑ කියන පණිවුඩය දෙන්න කියලා.
 
 මොකද හොරු, වංචාකාරයෝ තමයි ඒ පැත්තේ ඉන්නේ. මාල කඩපු, විදේශ වත්කම් හොරකම් කරපු, මුදල් විශුද්ධිකරණය, ස්‌ත්‍රී දූෂකයන්, මිනීමරුවන් ආදී විවිධ චෝදනා තිබෙන අය ඒ පැත්තේ සිටිනවා.
 
 විශේෂ නඩු තීන්දුවක්‌ පසුගිය දා ලබාදුන්නා. ඒ අය බොහොම තැතිගැන්මකින් තමයි ඒ දෙස බලාගෙන හිටියේ. ඒ නිසාම තමයි ඒ අය චමල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේ. ඔවුන්ට ගැටලුවක්‌ තිබුණා ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව අධිකරණයෙන් ඒ අයට අවාසිදායක තීරණයක්‌ ලැබෙයි කියලා. ඒත් ඒ අයට වාසිදායක තීන්දුවක්‌ ලැබුණේ ඊට අදාළ ලිපිගොනු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වී තිබීම නිසායි. ඒක ඒ අයගේ ක්‍රමය.
 
 කොහොම වෙතත් අද වෙනකම් ඔහුට බැරිවෙලා තිබෙනවා. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු කියා ඔප්පුකරගන්න. අධිකරණය මඟින් ඔප්පු කළේ ඔහු ද්විත්ව පුරවැසියෙක්‌ කියලා විතරයි.
 
 ද්විත්ව පුරවැසියකුට මෙසේ මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි. ඇමෙරිකාව විසින් ගෝඨාභයගේ නම පුරවැසිභාවයෙන් නිදහස්‌ කළා කියන ලිපිගොනු නම් අපි තවම දැකලා නෑ.
 
 හැබැයි අපි ඔහුට අභියෝග කරනවා ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කරලා පෙන්වන්න කියලා. ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ ලේඛන පුළුවන්නම් ප්‍රසිද්ධ කරන්න කියලා අපි ඔහුට අභියෝග කරනවා.
 
 ඒ වගේම හොරකමෙන්, දූෂණයෙන් මේ රට බේරාගැනීමට තිබෙන අන්තිම අවස්‌ථාව බව කිව යුතුයි. දුප්පත් මිනිස්‌සුන්ව ඒ දුප්පත්බවෙන් මුදා ගැනීමට තිබෙන අවස්‌ථාව මේකයි. ගෝඨාභයට වයස 72 යි මහින්දට වයස 74 යි. ඒ නිසා ඒ අයට තිබෙන අවසන් අවස්‌ථාව මේකයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles