Divaina - සජිත්ගෙන් උදව් නොලද කෙනෙක්‌ සෙවීම නොමළ ගෙයකින් අබ ඇටයක්‌ සොයනවා වගේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ නියෝජ්‍ය භාණ්‌ඩාගාරික අමල් වික්‍රමතුංග
 
 එළැඹෙන ජනපතිවරණයේදී තමන්ගේ අපේක්‌ෂකයාගේ නියත පරාජය දන්නා විරුද්ධවාදීන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දිගින් දිගටම මඩ ප්‍රහාර සහ අවලාද නැඟීමට පටන් ගෙන ඇති බවත් බලු කූඩුවක්‌වත් ජනතාවට හාදා නොදුන් සමහරු දැන් සජිත් ප්‍රේමදාස රට වටා ඉදිකරන නිවාස ව්‍යාපෘති දැක ඒවාටත් විවිධ ආකාරයේ බොරු ප්‍රචාර ගෙන යන බවත් සජිත්ගෙන් උදව් නොලද ගෙයක්‌ හම්බන්තොටින් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක්‌ සොයනවා වැනි ක්‍රියාවක්‌ බවත් ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ නියෝජ්‍ය භාණ්‌ඩාගාරික අමල් වික්‍රමතුංග මහතා පැවසීය.
 
 පසුගිය මාස 40 ක්‌ තුළ ආදර්ශ ගම්මාන 2560 ක්‌ ආරම්භ කළා. එක්‌ මාසයකට ආදර්ශ ගම්මාන 64 යි. රටේ කුමන හෝ සතර දිග් භාගයේ එක්‌ දවසකට ආදර්ශ ගම්මාන 2 ක්‌ ඉදිවුණා. එම වැඩපිළිවෙළ යටතේ අවම වශයෙන් දිනකට වර්ග අඩි 550 ක නිවාස 50 ක්‌ ඉදි වුණා. මේවා ඉවසගන්න බැරි අය එක එක සමච්චල් කතා කියන්න පටන් ගත්තා. අඩු ගණනේ බලු කූඩු හෝ කුකුල් කූඩුවක්‌ වත් හදා ගන්න බැරි අය නොයෙක්‌ කතා කිව්වත් ඒ වැඩපිළිවෙළ සජිත් ප්‍රේමදාස මහතා නැවත්තුවේ නැහැ. එවැනි විශ්ම කර්ම වැඩක්‌ කළ අයෙක්‌ තමයි මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. සාරධර්මවලින් පිරිපුන් සමාජයක්‌ බිහිකිරීමේ අරමුණ ඇතිව අදියර තුනක්‌ යටතේ චෛත්‍ය 1125 ක්‌ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ශ්‍රී සුචරිත ව්‍යාපාරයේ නියෝජ්‍ය භාණ්‌ඩාගාරික අමල් වික්‍රමතුංග මහතා එස්‌. ජී. පී. මාධ්‍ය ජාලය මගින් ජනාධිපති අපේක්‌ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමට අම්පාරේ සංවිධානය කළ රැස්‌වීමේදී හා මහඔය පැවති ශාඛා නියෝජිත රැස්‌වීමේදී පැවසීය.
 
 එහිදී වැඩිදුරටත් කතා කරමින් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ ඇමැතිවරයෙක්‌ විදියට පක්‌ෂ විපක්‌ෂව සිටින්නට පළමුව සිටම හම්බන්තොට ජනතාවට ළදරු පාසල් සිටම උපකාර කරමින් විශාල සේවයක්‌ කළා. ඔහුගෙන් උපකාරයක්‌ ලබා නොගත් නිවසක්‌ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් සොයා ගන්න බැහැ. ඒක හරියට බෞද්ධ කතාවල එන පටාචාරවට නොමළ ගෙයකින් අබ ඇට ගේන්න කිව්වා වගේ අසීරු කටයුත්තක්‌ ඒ වගේ උදව් ලබා නොගත් ගෙයක්‌ සොයා ගන්න බැහැ. කුමන හෝ උදව්වක්‌ කරලා තිබෙනවා. තම තමන්ගේ හෘද සාක්‌ෂි ඒවා හොඳට දන්නවා. ඒ වගේම දිවගංත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ යම් යම් අතපසුවීම් මගින් සිදු වූ අඩුපාඩු අල්ලාගෙන පුතාට ඒවා ආදේශ කරන්න සමහර විරුද්ධවාදීන් උත්සාහ කරනවා. විරුද්ධවාදීන් විදියට අපහාස උපහාස කරමින් අවලාද නැඟුවත් ඡන්දදායකයන් බුද්ධිමත්ව නිහඬව ජනාධිපති අපේක්‌ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන බව විශ්වාස යෑයි අමල් වික්‍රමතුංග මහතා කීවේය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles