Divaina - ආණ්‌ඩුවේ ඇමැතිලා දැන්ම ෆයිල් පන්නනවා.... එස්‌. බී. දිසානායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

නෝමන් පලිහවඩන
 
sbya13rආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැබෙන්නේ යෑයි මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා 'දිවයින'ට ඊයේ (08 දා) ප්‍රකාශ කළහ.
 
 ලිපි ගොනු පැන්නවූවාට පලක්‌ නොවන බව කී එස්‌. බී. දිසානායක මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරදින බව ඔවුන් හොඳ හැටි දැනගෙන මෙම ලිපි ගොනු මෙසේ ඉවත් කරන බව ද කීවේය.
 
 මෙම මැතිවරණය පිළිබඳව ආණ්‌ඩුව වඩාත් බලාපොරොත්තුව තබා ගෙන සිටින්නේ යාපනය ඡන්ද බව ද ඒත් මෙදා ඔවුන් හිතන තරම් නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය. උතුරු නැගෙනහිර පැවති යුද්ධ සමයේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් වීරයන් ලෙස සැලකු අතර අද අපේ හමුදා නිලධාරීන්ව මෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතා පිළිබඳව මේ ආණ්‌ඩුව සැහැල්ලුවට හිතන බවත් හෙතෙම පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles