Divaina - කටුවන ද්විත්ව ඝාතනයට ජුලම්පිටියේ අමරේත් ගස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 මත්තල දිලීප් එන්. ජයසේකර
 
 
julanවසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ
 
 රැුස්වීමකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම හා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී. ජී. අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (07 දා* මරණීය දණ්ඩනය නියම කළේය.
 
 මෙලෙස මරණ දඬුවම නියම වූයේ මිද්දෙණිය, ජුලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නමැත්තාටය.
 
 2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැුස්වීමකට රාත‍්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලැබීය.
 
 වෙඩි වැදීමෙන් මිය ගියේ කටුවන තල්වත්තේ ගම්බාරේ ගෙදර පදිංචිව සිටි පනස් හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නමැත්තිය හා කටුවන, හැඩිවත්ත, කීරපිටිය ගෙදර පදිංචිව සිටි 18 හැවිරිදි ජයසේකර පටබැදිගේ නිමන්ත ගේ‍්‍රෂන් නමැති දෙදෙනායි. කටුවන, හැඩිවත්ත පදිංචි 26 හැවිරිදි පලිහක්කාර නෙත්තසිංහ ලියනගේ ප‍්‍රදීප් සාරංග නමැත්තා වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබීය.
 
 ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ අදාළ සිදුවීමෙන් පසුව පොලිසිය මගහැර සිටි අතර පසුව සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාර වීය. පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවතිණි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනක් ජුලම්පිටිය අමරේ හඳුනා ගැනීමට සමත් වූහ. ඒ අනුව සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරුණි. ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා සැකකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණි.
 
 වෙනත් සිදුවීමකට ජුලම්පිටිය අමරේ 40 වසරක සිර දඬුවමක් විඳින අතර සැකකාර ජුලම්පිටිය අමරේ ඊයේ අධිකරණයට රැුගෙන ආවේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.
 
 පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා සමග කටුවන පොලීසියේ කොස්තාපල් (50705* ලලිත් පේ‍්‍රමකුමාර මහතා පෙනී සිටියේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles