Divaina - දෙමළ සන්ධානයේ සියලූ පක්‍ෂවල සහාය සජිත්ට.... ටී. එන්. ඒ. නිවේදනයකින් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සියලූ පක්‍ෂවල සහයෝගය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.
 
 දෙමළ ජාතික ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අඩයික්කලනාදන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැපවීම, රාජ්‍ය ආයතනවල නිදහස ආරක්‍ෂා කිරීම සහ ඒවා රැුකගැනීම, මූලික අයිතිවාසිකම් සහ මානව අයිතීන් වෙනුවෙන් කැපවීම සහ ජාති ආගම් බේද පසෙකලා සාධාරණත්වය සහ සමානාත්මතාවය සුරකිමින් එකම රටක් සියලූ දෙනාට අයිති කරදීම යන ප‍්‍රධාන කරුණු හතර මූලික කරගෙන දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
 
 තම සන්ධානය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් අතුරින් සජිත් පේ‍්‍රමදාස, ගෝඨාභය රාජපක්‍ෂ, අනුර කුමාර දිසානායක සහ මහේෂ් සේනානායක යන සිව් දෙනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවත් ඔවුන් අතුරින් පිරිසිදු චරිතයක් ඇති නායකයා සජිත් පේ‍්‍රමදාස මහතා බවත් එම නිවේදනයේ දැක්වේ.
 
 ජාතික ප‍්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලන විසඳුමක් එක්සත්, නොබෙදුණු බෙදිය නොහැකි රටක් තුළ ලබාදීම, අතුරුදන් වූවන්ගේ ගැටලූ සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලූ, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය කිරීම, දේශීයව සහ අන්තර් ජාතික සමාජයට ශ‍්‍රී ලංකා රජය විසින් ඉටු කිරීමට කැපවූ පොරොන්දු ඉටු කිරීම ආදී කරුණු සම්බන්ධව සලකා බැලීමේදී සජිත් පේ‍්‍රමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ යන ජනාධිපති අපේක්‍ෂකයින් දෙදෙනාගේ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල සඳහන් කර ඇති කරුණු සහ පසුගිය කාලයේ ඔවුන්ගේ ක‍්‍රියා කලාප අනුව නිවැරදි තීන්දුව වනුයේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීම බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles