Divaina - ගිනිගත්හේනේ වෙඩි තැබීමට ඇමැති ආරක්‍ෂකයෝ 2ක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

 හේමන්ත රන්දුණු නුවරඑලිය නාලක රත්නායක
 
 ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප‍්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
 
 ගිනිගත්හේන පොලිසිය මගින් ඊයේ (07 දා* අලූයම සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරුවේ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 දින දක්වා රක්ෂිත
 
 බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඇමැති ආරක්ෂක අංශයේ පො.කො. ජානක පේ‍්‍රමසිරි (49559* සහ පො.කො. දුමින්ද ලක්මාල් (50391* යන නිලධාරීන් දෙදෙනායි.
 
 අදාළ සැකකරුවන් දෙදෙනා 11 වැනිදා හඳුනා
 
 ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
 ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවෝ දෙදෙනා සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
 
 මෙම සිද්ධිය මෙවර ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී වාර්තා වූ පළමු වෙඩිතැබීමේ සිද්ධිය බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
 
 වෙඩිතැබීම සඳහා යොදාගත් රාජකාරී පිස්තෝල දෙක ද පොලිසිය භාරයට ගෙන තිබේ.
 
 මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
 
 ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප‍්‍රදේශයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක පොකුරු රැුස්වීම්වලට සහභාගි වී එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා ඇතුළු ආරක්‍ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින් පෙරේදා (06 දා* රාත‍්‍රි 8.00 ට පමණ ගමන් කරමින් සිටියදී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී නිවස කරා යමින් සිටි තරුණයන් සිවුදෙනකු රැුගත් වෑන් රථය ඇමැති ආරක්‍ෂක අංශයේ වෑන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩිය තරුණයන් රැුගත් වෑන් රථයේ පැති කණ්ණාඩියේ ගැටී ඇත.
 
 අනතුරත් සමග ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු එම ස්ථානයට මහනුවර දිස්ත‍්‍රික් පා. ම. එස්. බී. දිසානායක මහතා පැමිණ සිද්ධිය සමථයකට පත්කර ඔහු ගමන් ගත් වෑන් රථයට ගොඩ වී පිටව යෑමත් සමග ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමන්ට සහ තම මිතුරකුට පිස්තෝලයකින් වෙඩි තැබූ බවත් වෙඩි වැදීමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප‍්‍රාදේශීය රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබන ගිනිගත්හේන, මිනුවන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන් (22* පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත.
 
 තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත් තම මිතුරාගේ වම් පාදයට වෙඩි වැදුණු බවත් පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප‍්‍රාදේශීය රෝහල වෙතත් තම මිතුරා වන ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි චරිත් මධුෂාන් (23* කරවනැල්ල මූලික රෝහල වෙතත් මාරු කර යැවූ බවත් රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles