Divaina - නොමිලේ පොහොර දීමෙන් වකුගඩු රෝගීන් වැඩි වෙනවා.... ජනපති පවසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

කරුණාරත්න ගමගේ
 
 myt135ගොවීන්ට පොහොර නොමිලයේ ලබා දීම තුළින් වකුගඩු රෝගීන් වැඩිවීම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (07 දා* ප‍්‍රකාශ කළේය.
 
 ගොවීන්ට නොමිලයේ දීමට රසායනික පොහොර පිටරටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව් ද ගෙන්වන එක හොඳ යැයි ජනාධිපතිවරයා කීවේය.
 
 කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යයට සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ පැවැසීය.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ, විශ්වවිiාල පර්යේෂණ අංශ කරන ලද සියලූ පර්යේෂණවලින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර, කෘෂි රසායන, වකුගඩු රෝගයට මුල් වී තිබෙන බව යැයි ජනාධිපතිවරයා කීය. ගොවි ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ද සහනාධාර දිය යුතු අතර එහෙත් පොහොර නොමිලයේ දීම හොඳ වැඩක් නොවේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
 
 දුප්පත් ගොවියා නඟා සිටුවීම අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා පොහොර නොමිලයේ ලබාදීම තුළින් වකුගඩු රෝගීන් වැඩිවීම සිදුවන හෙයින් එය කසිසේත් ම සුදුසු දෙයක් නොවන බව ද කීවේය.
 
 ආණ්ඩුකාරවරුන් වන කීර්ති තෙන්නකෝන්, සුරේන් රාඝවන්, රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වූහ.

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles