Divaina - එක්නැලිගොඩ සිද්ධිය: බුද්ධි නිලධාරීන් 7 කට නඩු පවරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
 මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමට ආධාර අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (07 දා* හෝමාගම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය.
 
 2009 අගෝස්තු 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පැමිණිල්ල නොදත් අන් අය සමග එක්ව ගිරිතලේ, හබරණ සහ කොට්ටාවේදී මාධ්‍යවේදී ප‍්‍රගීත්
 
 එක්නැලිගොඩ පැහැරගෙන යෑමට හෝ එකී වරද සිදුකිරීමට අනුබල දීම කුමන්ත‍්‍රණය කිරීම යන අධි චෝදනා යටතේ එම නඩුව පවරා ඇත. ශම්මි අර්ජුන් කුමාරරත්න, තාන්තුලගේ ටොෂිනාත් ප‍්‍රබෝද සිරිවර්ධන, ආර්. එම්. පී. කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, මඩුගෙදර විනී ප‍්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, සෙනවිරත්න මුදියන්සේලාගේ රවින්ද්‍ර රූපසේන හෙවත් රංජී, එම්. පී. ජී. ඩබ්ලිව්. එස්. කේ. උළුගෙදර හා සේනාධීර ආරච්චිගේ හේමචන්ද්‍ර පෙරේරා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇත.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles