Divaina - මං සමෘද්ධිය දෙන්න ගියේ නෑ: දැනුවත් කිරීම් පමණයි කරන්න ගියේ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 චමින්ද සිල්වා
 
 daya135මෙවර අයවැයෙන් සමෘද්ධිය සඳහා වෙන් කළ මුදල් සමෘද්ධි නිලධාරීන්ට ලබාදීම වැරැුදි නම් අයවැයෙන් පාලම්, බෝක්කු ඇතුළු සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ මුදල් යෙදවීමත් වැරදි බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ඊයේ (22 දා* පැවසීය.
 
 සමෘද්ධි හිමිකම්පත් ලක්‍ෂ 08 කට ලබාදීමට සමෘද්ධි අධිකාරිය මගින් පියවර ගැනීම මැතිවරණ කොමිසම මැදිහත් වී නතර කර ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇති බවත්, එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇමැතිවරයා ඊයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
 
 පසුගිය වසරේ (2018* අයවැයක් ඉදිරිපත් කරන්න තිබූ අවස්ථාවේ කුමන්ත‍්‍රණකාරී ලෙස අපේ රජය ඉවත් කර නීත්‍යනුකූල නොවන අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තා. එයට එරෙහිව අධිකරණයෙන් සාධාරණය ඉටුවීමෙන් පසු මේ වසරේ අපේ‍්‍රල් මාසේ අයවැයක් සම්මත කර ගත්තත් එහි වැඩකටයුතු සිදුකිරීමට හැකියාව ලැබුණේ මැයි මාසයේ සිටයි.
 
 මැයි මාසයේ සිට දෙසැම්බර් දක්වා මාස අටක කාලයට මගේ අමාත්‍යාංශයට වෙන්කර ගත් මුදල් වැය කිරීමට ඇමැතිවරයකු ලෙස මගේ වගකීමක් තියෙනවා. අලූතෙන් ලක්‍ෂ 05 කට සමෘද්ධි සහනාධාරය ලබාදුන්නා. තව ලක්‍ෂ තුනහමාරක අයැදුම්පත් ලැබී තිබෙනවා. එයින් සුදුසුකම් ලැබූ තවත් ලක්‍ෂ තුනකට ලබා දෙන්න මුදල් තියෙනවා. ඒ පිරිසට ලබාදෙන්න කටයුතු කරමින් සිටියා. ඒ අයට දෙන්න අපි කටයුතු කරන්නේ නොවැම්බර් 17 සිට නොවැම්බර් 31 දක්වා කාලය තුළයි.
 
 මට කරන චෝදනා වැරැුදියි. මම සමෘද්ධිය දෙන්න ගියේ නැහැ. දැනුවත් කිරීම් පමණයි කරන්න ගියේ. ඒ දැනුවත් කිරීම් සිදුකරන්න නියමිතව තිබියදී සමෘද්ධි අධිකාරියේ දේශපාලනය කරන සමෘද්ධි නිලධාරීන් කිහිපදෙනෙක් එය කඩාකප්පල් කරන්න මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. සමහර නිලධාරීන් අපි සමෘද්ධි නිලධාරීන් ස්ථිර කිරීම් ඇතුළු සමෘද්ධියේ ගැටලූ විසඳනවාට කැමැති නැහැ. එතකොට ඒ පිරිසට දේශපාලනය කරන්න බැරි වන නිසා.
 
 මොන බාධක ආවත් අපි කරන වැඩ කරගෙන යනවා. අපි කරන හැම වැඩක්ම නීත්‍යනුකූල ලෙසයි. කර තියෙන්නේ. මම අහන්නේ අයවැයෙන් සමෘද්ධියට වෙන් කළ මුදල් වලින් සමෘද්ධි ලබාදීම වැරැුදිනම් අයවැයෙන් මුදල් වෙන් කර සිදුකරන පාලම්, බෝක්කු ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතුත් නතර කළ යුතුයි කියායි.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles