Divaina - දක්‍ෂිණ අධිවේගයේ ඉගිල්ලූන මෝටර් රිය මාර්ග අලූත්වැඩියාවේ යෙදී සිටි සේවකයන් 3 ක් යට කරලා... අයෙක් මරුට: දෙදෙනකුට අසාධ්‍යයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

බණ්ඩාරගම-ආර්.ඒ.එස්.පේ‍්‍රමතිලක, හේමන්ත රන්දුණු,
 
 huwarදක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් දොඩංගොඩ ප‍්‍රදේශයේ මාර්ග අලූත්වැඩියාවේ නිරතවී සිටි සේවකයන් තිදෙනකු යට කරගෙන යාමෙන් එක් අයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
 
 මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (22 වැනිදා* දහවල් 12.30 ට පමණය.
 
 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර දී සිදුවූ මෙම මාරක අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු සුළු තුවාල ලබා ඇති අතර මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇත.
 
 මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ දැඩි නොසැලකිලිමත්භාවය නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
 
 අනතුරින් මියගොස් ඇත්තේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කරමින් සිටි ප‍්‍රියන්ත අබේසේකර නමැති අයෙකි. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර මාර්ග අලූත්වැඩියා කටයුත්තක් ඊයේ දහවල් සිදුකර ඇත. මෙම රාජකාරියේ යෙදී සිටි සේවකයන්් මාර්ගයේ මීටර් 100 ක් පමණ දුරින් මාර්ග බාධක යොදා සිය කාර්ය කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.
 
 මාතර සිට කඩවත බලා ධාවනය වූ මෝටර් රථය පාලනය කරගත නොහැකි වේගයෙන් පැමිණ මාර්ග බාධක බිඳගෙන මාර්ගයේ සේවකයන්ද යට කර ගෙන ගොස් අනතුරට ලක්වී ඇත.
 
 අනතුරින් බරපතළ තුවාල ලැබූ සේවකයන්්් වහාම නාගොඩ රෝහල කරා ගෙන යාමට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලිසිය සහ සේවකයන් කටයුතු කර තිබිණි.
 
 රෝහල කරා ගෙන යද්දී එක් සේවකයකු මිය ගිය අතර අනෙක් දෙදෙනාගේ තත්ත්වය ද අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
 
 මෙම අනතුර සිදුකළ සැකකරු පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන අයෙකි. එම පුද්ගලයා සහ අනතුරට ලක්වූ මෝටර් රථය අධිවේගී මාර්ග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ඒ. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසේන, පොලිස් පරීක්‍ෂක ගාමිණි ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles