Divaina - කොළඹ ඇරඹූ සංවර්ධනය මේ රජය අත්හිටුවා දැම්මා - ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ - ලක්ෂ හතරක රැකියාත් අහිමි වුණා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p10 2- කැඞී ගිය ආරක්ෂක සැලැස්ම නැවත අරඹනවා

ඉකුත් මහින්ද රාජපක්ෂ රජය යටතේ කොළඹට මා විසින් ආරම්භ කර ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධන කටයුතු මේ රජය මගින් අත්හිටුවා ඒවා විනාශ කළ නිසා ලක්ෂ හතරක පමණ රැුකියා අහිමි වුණා. එදා ආසියාවේ ශීඝ‍්‍රයෙන්ම දියුණු වූ නගරය ලෙස කොළඹ නගරය සුන්දර නගරයක් කළා. ඒ ව්‍යාපෘති සියල්ල මේ රජය කඩා බිඳ දැම්මා. ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසූවේ ඊයේ 21 දින පෙ.ව 9.00 ට බෙලිඅත්ත නගරයේ සහ පෙරේදා (20 වැනිදා) මොරවක පැවැති ජන හමු අමතා කතා කරමිනි.

ඒ මහතා තවදුරටත් කතා කරමින් පැවසුවේ මගේ පියා වන ඞී. ඒ. රාජපක්ෂ මහතාට දේශපාලනයට එන්නට මහජන සේවය කරන්නට ආරාධනා කළේ මේ බෙලිඅත්තේ ජනතාවයි. ඒ වගේම 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන බලය ලබාදී මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගන්නා ලෙස ඉල්ලා සිටි මේ රටේ ජනතාව අතර බෙලිඅත්ත ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට සමීපව සිටිමින් ඒ සඳහා ලොකු ශක්තියක් ලබා දුන්නා. වසර 30 ක් තිබුණු යුද්ධය වසර 02 කින් පරාජය කර අවසන් කර නැවත මේ රටේ අන්තවාදී ත‍්‍රස්තවාදයක් ඇති නොවීමට විශාල සැලසුමක් මා ඇති කළා. විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් ඇති කළා. එහෙත් මේ රජය රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ දමා රණවිරුවා හිරගෙවල් වලට දැමුවා. ඉන් නැවතුනේ නැති මේ රජය ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රණවිරුවාට තිබූ ගෞරවය නැති කළා. ජාත්‍යන්තර අධිකරණයට රණවිරුවන් ගෙන යන්නට පාර කැපුවා. ඉන් පැහැදිලි වන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මේ රජයට කිසිඳු අවබෝධයක් නොමැති බවයි.

ත‍්‍රස්තවාදය නැති කළ අපට මේ රටේ නැවත ත‍්‍රස්තවාදයක් ඇති නොවන්නට මේ රට සුරක්ෂිත කරන්නට මට හැකි වෙනවා. මා බලයට පත් වූ වහාම කැඞී ගිය ආරක්ෂක සැලැස්ම නැවත නිර්මාණය කර මේ රටට කවදාවත් අන්තවාදී ත‍්‍රස්තවාදය ඇති නොවීමට කටයුතු කරනවා. එවිට මේ රටේ සියලූ ජාතීන්ට ආරක්ෂාව සහිත එකමුතුව ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කරන්නට මට හැකි වෙනවා.

මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට මට පැහැදිලි සැලැස්මක් තියෙනවා. ඒ සඳහා මේ රටේ උගත් බුද්ධිමත් දක්ෂ කණ්ඩායමක් දැනට සූදානම්ව සිටිනවා. ඒ අය සමග මේ රට අපි ඉදිරියට ගෙන යනවා. මේ රටේ සෑම පාසල් දරුවකුටම කුමන හෝ රැුකියාවක් සඳහා නිපුණත්වයක් ලබාදීම අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කරනවා. රටට අවශ්‍ය

රැුකියාවන් සඳහා පුහුණු කරනවා. කෘෂිකර්මාන්තය ගැන මේ රජයට කිසිම අවබෝධයක් නෑ. මහින්ද රාජපක්ෂ රජය කාලයේ මේ රට ස්වයංපෝෂිත වුණා. ඒ කෘෂි ආර්ථිකය මේ රජය කඩා දැම්මා. මා බලයට පත් වූ පසු පොහොර නොමිලේ්් නැවත ලබා දෙනවා. ගොවියා රක්ෂණය කරනවා. අඩු සහන පොලී මත ගොවීන්ට ණය ලබා දෙනවා. රටට ඔබින ජනතාවට දරා ගත හැකි සරල බදු ක‍්‍රමයක් ඇති කරනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. මේ තුළ දේශීය විදේශීය ආයෝජකයන් මේ රටේ ආයෝජනය කරන විට ඔවුන්ට සහනදායී පහසුකම් ලබා දෙනවා. අද ආයෝජකයන් එන්නේ නැහැ. ඒ අය මේ රජය කෙරෙහි විශ්වාසයක් නෑ. මා බලයට පැමිණ පසු ආයෝජකයන් තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති කර මේ රටට ඔවුන්ගෙන් සේවයක් ලබා ගන්නවා. අපේ රජය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා මා වෙත පැවරූ සෑම කාර්යයක්ම ඉතා හොඳින් අවසන් කර ඒ වගකීම මා ඉටු කරා. ඒ වගේම ඔබ සියලූ දෙනා වෙනුවෙන් මේ රටට අවශ්‍ය වගකීම් මා ඉටු කරනවා. ඒ නිසා මට ඔබේ වගකීම ඉටු කරන්නැයි මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මේ රජය දේශීය ව්‍යාපාරිකයන්, දේශීය ගොවියන් ගැන කිසිම සැලකිල්ලක් දැක්වූයේ නෑ. ඒ නිසා තමයි ඔවුන් පිටරටවලින් තේ, ගම්මිරිස්, කරුංකා ගෙනැත් අපේ කෘෂි ආර්ථිකය බිඳ දැම්මේ. ඒ මදිවට පිටරටින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනැල්ලා අපේ තේ සමග මිශ‍්‍ර කරලා ලෝක වෙළෙඳ පොළට යවලා අපේ තේ වෙළෙඳපොළ කඩා දැම්මා. මේ පළාතේ ඉන්නවා කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ තේ වතු හිමියන්. ලංකාව පුරාම සියයට හැත්තෑපහක් ඉන්නේ කුඩා හා මධ්‍යම තේ වතු හිමියන්. අද ලෝක වෙළෙඳපොළේ තේ මිල කඩා වැටුන නිසා, රජයේ අ¥රදර්ශි වැඩපිළිවෙළ නිසා අපේ තේ වලට තිබුණ මිල වැටුන නිසා, තේ ගොවීන් අද අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. තේ ආර්ථිකය කඩා වැටිලා තිබෙනවා. රජය මේකට මැදිහත් වෙන්න ඕන. අපි අපේ රජයක් යටතේ ගුණාත්මක තේ ලෝකයාට හඳුන්වලා දීලා නැවතත් අපේ තේ මිල වැඩි කරන්න කටයුතු කරනවා. ලෝක වෙළෙඳපොළේ ශ‍්‍රී ලංකාවේ තේ වල ගුණාත්මක භාවය ප‍්‍රචලිත කරනවා. එතකොට පෞද්ගලික අංශයේ අයත් තේ වගාවට යොමු වේවි. නැවත තේ වගා කරන්න, අලූතින් තේ වගා කරන්න තේ වගාකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙමින් තේ කර්මාන්තය නඟා සිටුවන්න කටයුතු කරනවා.

අපි යම්කිසි දෙයක් කරන්නේ, පොරොන්දු දෙන්නේ අරමුණක් ඇතිව. මේ රජය විදේශිකයන්ගේ උපදෙස් මත කෘෂිකර්මාන්තයට අවධානයක් යොමු කළේ නෑ. ඒ නිසා එදා සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ අපිට පිටරටින් හාල් ගේන්න වුණා. දියුණු වෙන්නනම් රට සහලින් ස්වයංපෝෂිත කරන්න ඕන. ඒ වගේම ආහාර සූරක්ෂිතභාවයත් වැදගත්. ඒ නිසයි අපි බලයට ආ ගමන් ගොවියන්ගේ ගොවි ණය කපා හරින්නේ. ඔවුන්ට අවශ්‍ය පොහොර ටික නොමිලේ ලබා දෙන්නේ.

ඒ වගේම තමයි අද විවිධ බදු බර නිසා ව්‍යවසායකයන් අමාරු තත්ත්වයට වැටිලා. ඒ නිසා අපි බලයට ආ පසු මේ බදු ක‍්‍රමය වෙනස් කරලා සරල බදු ක‍්‍රමයක් ගේනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. නැවතත් ව්‍යාපාරිකයාට කරදරයක් නැතුව ව්‍යාපාර කරගෙන යන්න හැකි වාතාවරණයක් හදනවා. ජනතාව කේන්ද්‍ර කරගත් පැහැදිලි ආර්ථික සැලැස්මක් අපිට තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම තුළින් සෑම මට්ටමකම සිටින ජනතාව ඉහළට ගේන්න පුළුවන්. ඉන්දියාව, චීනය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව වගේ අපේ රටත් දියුණු කරන්න අවශ්‍යයි. මේ රටවල් දියුණු වෙලා තිබෙන්නේ බුද්ධිය, ඥානය මුල්කරගත් කර්මාන්ත හරහා. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේවා අපේ රටේත් දියුණු කරගන්න පුළුවන් ක්ෂේත‍්‍ර. අපේ රටේත් බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා. මේ බුද්ධිමත් තරුණ අය වැරදි අධ්‍යාපන ක‍්‍රමය නිසා අතරමං වෙලා. අපේ රජයක් යටතේ විශාල මුදලක් මුල් වසරේ සිටම අධ්‍යාපනය සඳහා අපි ආයෝජනය කරනවා. කිසිම තරුණ තරුණියකට අතරමං වෙන්න දෙන්නේ නෑ. උසස් පෙළ සමත්වන සෑම අයෙකුටම උසස් අධ්‍යාපනය ලබාගන්න විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව සලසනවා. අනෙකුත් අය සඳහා තාක්ෂණික විද්‍යාල වලින්, කාර්මික විද්‍යාල හරහා නිපුණත්වයක් ලබාදෙනවා. නිපුණත්වයක් තිබෙන අයට ඕන තරම් රැුකියා තිබෙනවා. ඒ වගේම නිපුණත්වයක් තිබෙනවා නම් හොඳ වේතනයක් ලබාගන්න පුළුවන්

රැුකියාවල් තිබෙනවා. තොරතුරු තාක්ෂණයේ, පරිගණක ක්ෂේත‍්‍රයේ ඉන්න කර්මාන්තකරුවන්, සමාගම් ඩොලර් මිලියනයක විදේශ විනිමය මේ රටට ගේනවා. ඒ අය කියන්නේ මේක ඩොලර් බිලියන 3 ක් 5 ක් දක්වා වැඩි කර ගන්න පුළුවන් කියලා. ඒ සඳහා අවශ්‍ය නිපුණත්වය තිබෙන ශ‍්‍රම බළකායක් ඕන. අපි මේ ශ‍්‍රම බළකාය පුරුදු කරන්න ඕන. මේකෙන් තමයි අපි ආර්ථිකය ගොඩනඟන්න ඕන.

අපිට සංචාරක ක්ෂේත‍්‍රය ඉතා වැදගත්. දෙණියාය සිංහරාජය ආශ‍්‍රිතව ස්ථාන බලන්න සංචාරක පිරිස් එනවා. මේ ආශ‍්‍රිතව ව්‍යාපාර ඇති කරන්න පුළුවන්. ව්‍යාපාර අරඹන්න කැමැති අයට රජය මැදිහත් වෙලා ඔවුන්ට නිසි පහසුකම් සලසන්න ඕන. මේවා කරන්න මේ රජයට සැලසුම් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් නෑ. අපිට ඒවාට හොඳ සැලසුම් තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා,

රටේ ජනතාවට ප‍්‍රශ්නයක් වී තිබුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගනී ද යන්නයි. අපි කවදාවත් එක්සත් ජාතික පක්ෂයට යන්නට තීරණයක් නොගන්නා බව ජනතාව දන්නවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සියලූම දෙනා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ගම් මට්ටමින් සංවිධාන කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙවර ජයග‍්‍රහණය කරන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දක්ෂතම දේශපාලනඥයා වන බවට අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අපත් සමග සිටි සියලූ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පෙළගැසෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී චානක මහතා,

ගෝඨාභය මහතා සම`ග රට දිනවන සටනට බෙලිඅත්තේ අපි සූදානම් කියන පණිවිඩය මේ රැුස්වීමෙන් අපි කියනවා. හම්බන්තොට දිස්ත‍්‍රික්කයට වැඩක් කෙරුණේ 2005 සිට 2015 දක්වා පමණයි. හම්බන්තොට වරාය හැදුනා. ගුවන්තොටුපළ හැදුනා. හම්බන්තොට පාරවල් ටික ඉතිහාසයේ කවදාවත් නැති විදියට ඉතා හොඳින් හැදුනා. මේ රජය කිසිවක් හම්බන්තොටට කළේ නෑ. කළේ හම්බන්තොට අපේ සම්පත් විදේශිකයන්ට විකුණන එකයි. එවිට සජිත් පේ‍්‍රමදාස පාර්ලිමේන්තුවේ කිසිවක් නොදන්නවා වගේ සිටියා.

කවදා හරි සජිත් පේ‍්‍රමදාස වැරදිලා හරි බලයට ආවොත් රනිල් විකුණුවාට වඩා වේගයෙන් මේ රටේ සම්පත් විකුණනවා. හම්බන්තොට ලූණු ලේවාය අද විශාල පාඩු ලබනවා. ඒ විදියට හම්බන්තොට විනාශ කළ ජනතාවට කිසිදු සේවයක් නොකළ සජිත් පේ‍්‍රමදාස හම්බන්තොටින් ඉහළින්ම පරාජය කිරීමට හම්බන්තොට ජනතාව සැදී පැහැදී සිටිනවා.

බෙලිඅත්ත රැුස්වීමට ප‍්‍රදේශයේ මහා සංඝරත්නය විශාල ප‍්‍රමාණයක් වැඩම කර සිටි අතර රැුස්වීම අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, දකුණු පළාත් සභාවේ හිටපු සභාපති කේ. ඒ. සෝමවංශ, බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ යන අය ද කතා කළහ.

දෙනියාය රැුස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර, හිටපු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති විජය දහනායක, හිටපු දකුණු පළාත් සභා ඇමැති වීරසුමන වීරසිංහ යන අය ද අදහස් දැක්වීය.

ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට බදු ගහලා - විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

p10 1අද මේ රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා. මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමටම මිනිසුන්ගේ පිට බදු ගහලා. ඒ විතරක් නෙමෙයි අපි රටේ ඇති කරලා තිබුණු නිදහසත් අද රටේ නැති වෙලා. මිනිසුන්ට දැන් නැවතත් මේ රටේ බියෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ සියල්ලට මේ ආණ්ඩුව වගකියන්න ඕනේ යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සූරියවැව නගරයේ පෙරේදා (20 දා) පැවති පාක්ෂික හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මේ රටේ තිස් වසරක් පැවති යුද්ධය නැති කරලා මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක් හදලා තියෙද්දී තමයි පසුගියදා සහරාන්ලා ඇවිත් නැවතත් මේ රටේ බෝම්බ ගහලා මිනිස්සුන්ට තිබුණු නිදහස නැති කළේ. මේකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු මේ ආණ්ඩුව. මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රහාරයට කලින් සියලූම විස්තර ටික දීලා තියෙද්දිත් ඒක වළක්වා ගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. අද මේ අය රටේ ජාතික ආරක්ෂාව ඇති කරනවා කියලා කියවනවා. එදා සහරාන්ගේ බෝම්බය ගැන සියලූම විස්තර දීලත් මේ ආණ්ඩුවට ඒක නවත්ව

ගන්න බැරි වුණා. අහවල් දවසේ, අහවල් වෙලාවේදී, අහවල් පුද්ගලයා විසින්, මේ මේ පල්ලිවලට, හෝටල්වලට පහර දෙනවා. මෙන්න පුද්ගලයගේ නම, මෙන්න ඒ පුද්ගලයගේ හැඳුනුම්පත් අංකය, මෙන්න ලිපිනය ඔහුගේ, ප‍්‍රහාරයට එන කෙනාගේ දුරකථන අංකය මෙන්න කියලා සියලූම විස්තර ටික දීලා තියෙද්දිත් මේ ආණ්ඩුව ඒ පිළිබඳව ඇස් ඇරලා බැලූවේ නෑ. මේ දීපු තොරතුරු ගණන් ගත්තේ නෑ. ඒකෙන් වුණේ අහිංසක ජීවිත සිය ගණනක් අහිමි වීමයි. ප‍්‍රහාරයෙන් පසුවවත් මේ ආණ්ඩුව මේ ප‍්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන්න නිසි ක‍්‍රියා මාර්ග ගත්තේ නෑ. එහෙම ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය නායක තමයි අද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇවිත් වේදිකාවේ පපුවට ගහ ගනිමින් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා කියන්නේ. එදා කරන්න බැරු වුණු ආරක්ෂාව දැන් කොහොම කරන්න හදනවද කියලා අපිට නම් තේරෙන්නේ නෑ. අද මේ රටේ මිනිස්සු බයෙන් ජීවත් වෙන්නේ. පන්සලකට යන්න බයයි. වෙසක් එකට මිනිස්සු පන්සල් ගියේ නෑ. නුවර පෙරහැර බලන්න මිනිස්සු ගියේ නෑ. වෙනදා ගියා වගේ මිනිස්සු පල්ලියට ගියේ නෑ. කෝවිලට ගියේ නෑ. ඒ විතරක් නෙමෙයි අහිංසක මුස්ලිම් ජනතාවට පාර තොටේ නිදහසේ යන්න බැරි වුණා. යුද්ධය තිබුණු කාලේ වගේ නැවත දෙමාපියන්ට ඉස්කෝල මුර කරන්න යන්න වුණා. මේ රටේ තිබුණු යුද්ධය අපි අවසන් කරලා රටේ ආරක්ෂාව ඇති කරලයි තිබුණේ. මේ රටේ ආරක්ෂාව විනාශ කරලා බුද්ධි අංශ හිර කරපු ආණ්ඩුවක් මේක. ඒ විතරක් නෙමෙයි මේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ කාලේ හදපු වරාය, මත්තල ගුවන් තොටුපළ මේ ආණ්ඩුව විකුණා දමන්න පියවර ගත්තා. වරාය මේ වන විටත් විකුණලා ඉවරයි. ගුවන් තොටුපළ විකුණනන්න අත්සන් කරලා තියෙන්නේ. සූරියවැව හදපු ක‍්‍රීඩාංගණය නිසා සූරියවැව නම ලෝකයට ගියා. ඒකට මේ ආණ්ඩුව මැච් එකක් දුන්නේ නෑ. මේ ආණ්ඩුව කළේ මේ පැතිවල ඉන්න මේ මිනිස්සුන්ගෙන් පළිගත්ත එක විතරයි. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමෙන් ඒක හොඳට පැහැදිලියි. වී දමන්න තැනක් නැතිව මත්තල දැම්මද. අද මත්තල වී ගබඩා කිරීම නිසා ඊට වෙලා තියෙන පාඩුව අති විශාලයි. අද රට හදන්න මේ ප‍්‍රදේශය සංවර්ධනය කරන්න මාව ජනාධිපති කරන්න කියලා වේදිකාවල කතා කරන නියෝජ්‍ය නායකයා එදා මේ හම්බන්තොට සම්පත් ටික විකුණන්න යෝජනා ගේන කොට ඒකට පක්ෂව අත ඉස්සුවා. අඩුම තරමේ පළාතේ මන්ත‍්‍රීවරයා විදියටවත් එතුමාට මේ යෝජනාවලට විරුද්ධ වෙන්න තිබුණා. නමුත් ඔහු මේ කිසිදු යෝජනාවකට විරුද්ධ වුණේ නෑ. ඔහුත් මේවා විකුණන්න සහාය දුන්නා. අවුරුදු පහකට බලයට එන කිසිදු ආණ්ඩුවකට කිසිදු අයිතියක් නෑ මේ රටේ සම්පත් මේ විදියට විකුණා දමන්න. අද අපිට පේනවා හැම තැනම ගෙවල් හද හදා යනවා. මේ ගෙවල් හදන්නේ කිසිදු සැළසුමකට අනුව නෙමෙයි. ඒ ගෙවල් හැදීමත් හරියට නිකන් දෙනවා වගේ තමයි කතා කරන්නේ. ගෙට ගිහින් පදිංචි වුණාම තමයි දන්නේ රුපියල් ලක්ෂ හයක හා එහි පොලියේ ණයත් ගෙවන්න තියෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා ඔය වේදිකාවල කෑ ගහන අයට මේ රට හදන්න බෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව මේ අයට දෙන්න බෑ. මේ රටේ කඩා වැටිලා තියෙන ආර්ථිකය මේ ආණ්ඩුවට ගොඩ ගන්න බෑ කියන එක අද මේ මුළු රටේම ජනතාවට තේරිලා ඉවරයි.

මහ ලොකුවට පපුවට ගහගෙන මම මේ රටේ මිනිස්සු වෙනුවෙන් ඇප කැප වෙනවා කියන කෙනා එක පාක්ෂිකයෙකුගේ ගෙදරකින් තේ එකක් නෙමෙයි වතුර වීදුරුවක් බීලා තියේද බලන්නකෝ. වේදිකාවල ඉඳගෙන කෑ ගහලා රට හදන්න බෑ. රට හදන්න නම් පැහැදිලි ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. ආණ්ඩුවේ අපේක්ෂකයා තුළින් ඒක දකින්න නෑ. කඩා වැටිලා තියෙන මේ රට ගොඩ ගන්න නම් 16 වෙනිදට තමුන්නාන්සේලා පොහොට්ටුව ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ලෙස පත්කර ගන්න කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලනවා යැයි පැවසීය.

මේ අවස්ථාව සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී. වී. චානක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බෙලිඅත්ත - රමනායක, අකුරැස්ස - ප‍්‍රසාද් විiාරූප, දෙනියාය - සසිනි නිලංකා

මත්තල - දිලීප් එන් ජයසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles