Divaina - අපේ රජයක් යටතේ නැහැ...බැහැ... බලමු... වචනවලට ඉඩක් නැහැ - හංසයාගේ ජනපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

re9 1- ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කර ගන්නා පාක්‍ෂිකයෝ  සජිත් වටා රොක්විය යුතුයි - එජනිස මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා

ආණ්ඩු වෙනස් වනවිට ජනාධිපතිට, අගමැතිට, ඇමැතිවරුන්ට පිටරටින් අලූත් වාහන ගෙන්වා මහජන මුදල් නාස්ති කරන යුගය. තමන් අවසන් කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යටිනුවර, උඩුනුවර, නාවලපිටිය, කොත්මලේ, මස්කෙළිය, යටියන්තොට යන ප‍්‍රදේශවල පෙරේදා (20 දා* පැවති ජනහමුවලදීය.

එහිදී පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මෙරට සෑම පවුලකම ආදායම් මාර්ග ශක්තිමත් කරන්න අප දියුණු රටක් ගොඩනඟන්න අප රාමුවකට කොටු වෙලා තීන්දු තීරණ ගන්නේ නැහැ. අලූත් දෙයක් කරන්න යනකොට විවිධ චක‍්‍රලේඛ පෙන්නලා වැඩ නොකරන සම්ප‍්‍රදායික ගතානුගතික ක‍්‍රමවේද අපේ රටේ තියෙනවා. අපේ රජය යටතේ නැහැ...බැහැ...බලමු යන වචන සම්පූර්ණයෙන්ම පැත්තකට විසිකර ජන දුකට විසඳුම් නිර්මාණය කරන සොඳුරු රජයක් අපි නිර්මාණය කරනවා. මෑත ඉතිහාසයේ නොදුටු ඓතිහාසික සංවර්ධනයක් නුවරඑළිය දිස්ත‍්‍රික්කය ඇතුළු මුළු රටේ ක‍්‍රියාත්මක කිරීමට සජිත් පේ‍්‍රමදාස ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා.

ජනශක්තිය තුළින් තමන් බලයට පත්වූ පසු මාස 3ක් ඇතුළත නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අවශ්‍ය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ලබාදීමට කටයුතු කරනවා.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සාමාජිකයන් 4 දෙනකුගෙන් යුත් එක් පවුලකට මසක් ජීවත්වීම සඳහා අවම වශයෙන් රුපියල් 50,000 සහ 55,000ක් අතර ආදායමක් අවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා. නමුත් දිනකට රුපියල් 700ක වැටුපක් ලබන වතු කම්කරු ජනතාවට මසකට රුපියල් 14,000ක පමණ ආදායමක් හිමිවීම පිළිබඳව අපි ලැජ්ජා විය යුතුයි.

රණසිංහ පේ‍්‍රමදාස තම පියාණන් ලක්‍ෂ

12 කට වැඩි ජනතාවකට මෙරට පුරවැසි අයිතිය ලබාදුන්නා. රජයේ මුදල් උපයෝගී කරගෙන හෝ මෙරට සියලූම වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප ලෙස අවම වශයෙන්

රුපියල් 1,500 ක් වත් ලබාදීමට තමන් ඇප කැප වෙනවා.

අවබෝධයක් නැති සමහර ප‍්‍රතිවාදී පිරිස් අහනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න සජිත්ට ඇයි මේවා කරන්න බැරි වුණේ කියලා. ඇමැතිවරයෙක් ලෙස කළ හැක්කේ සීමා සහිත වැඩ කොටසක් පමණයි. නමුත් ජනාධිපති ධුරයට පැමිණි පසු නියෝග ලබාදීමේ බලය මට ලැබෙනවා. මම කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන පුද්ගලයෙක්. එක් එක් අයගේ පුහු තර්කවලට මේ සජිත් පේ‍්‍රමදාස යටත් වෙන්නේ නැහැ.

පොදු ජනතාවට සහන ලබාදීම සඳහා බදු ප‍්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් කරනවා. ආණ්ඩු වෙනස්වන විට ජනාධිපතිට, අගමැතිට, ඇමැතිවරුන්ට පිටරටින් අලූත් වාහන ගෙන්වමින් මහජන මුදල් නාස්ති කිරීමට පුරුදු වී සිටින යුගය නිමා කරනවා. මම මැතිවරණයට එන්නේ කෝටි ප‍්‍රකෝටිපතියන් රකින්නවත් ධන බලය, පවුල් බලය ඇති පරපුර ආරක්‍ෂා කිරීමටවත් නෙවෙයි. පොදු ජනතාව වෙනුවෙන් ඇප කැප වුණු පරාර්ථකාමී ජන සෙත සලසන ඉතිහාසයේ කිසිම දිනයක නොතිබුණු රජයක් සජිත් පේ‍්‍රමදාස නිර්මාණය කරනවා.

මෙම ප‍්‍රදේශයේ ජීවත්වන සුළු අපනයන බෝග වගා කරන ගම්මිරිස් ගොවියා ඇතුළු සුළු අපනයන බෝග වගා කරන ගොවීන් ගැටලූ රැුසකට මැදිහත් වී සිටිනවා.

මේ ප‍්‍රදේශයේ ජනතාව ඇතුළු රටේම ජනතාව නොවැම්බර් 16 වැනිදාට මට ජයග‍්‍රහණය ලබාදුන් විට මම ඔබට බලපා ඇති ගම්මිරිස් ප‍්‍රති අපනයන ජාවාරම නතර කරනවා.

මෙම ප‍්‍රදේශයේ ජීවත්වන අහිංසක දුප්පත් වතු ප‍්‍රජාව ඇතුළු සියලූම වතු ජනතාව ජීවත්වන්නේ සොච්චම් දීමනාවකිනි.

මම මෙම වතු ප‍්‍රජාව නඟා සිටුවීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් ඇතිකරනවා. එමඟින් වතු ජනතාවගේ සොච්චම් දීමනාව වෙනුවට ජීවත්වීමට සරිලන දීමනාවක් ලබාදී පවුලේ ¥ දරුවන් ඇතුළු සියලූ දෙනාගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා මගේ පෞද්ගලික අවධානය යොමු කර දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා.

ඔබ මේ තරම් උද්‍යෝගයෙන් අපට ශක්තිය ලබාදීමට එක්ව සිටින්නේ ඇයි? මේ රටේ අතිමහත් බහුතරය ජීවත්වන්නේ මහපොළොවේ පයගහලා ඉන්න සාමාන්‍ය ජනතාවයි. එම සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වන්නේ තමුන්ට ජීවය දෙන තමුන්ට ශක්තිය දෙන තමුන්ට සහන ලබාදෙන තමුන්ගේ දුක හඳුනන සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පොඩි මිනිහෙක් රටේ ජන නායකයා බවට පත්කිරීමටයි.

මම ප‍්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. එදත් මම මෙහෙමයි. අදත් මම මෙහෙමයි, හෙටත් මම මෙහෙමයි. 16 වැනිදා මම ජයග‍්‍රහණය කළ පසු සාමාන්‍ය ජනතාව ජීවත් කරන්න ජයග‍්‍රහණය කරන්න කටයුතු කරනවා. පොඩි මිනිහාගේ දෙපතුල් ළඟට මා එනවා. එනිසා පොඩි මිනිහාට ශක්තිය ලබාදෙන්න සේවය කරන්න පුංචි පේ‍්‍රමදාසට ශක්තිය ලබාදෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

මගේ ප‍්‍රතිවාදී දේශපාලනඥයා බලා සිටින්නේ නැවත වරක් මන්දිර දේශපාලනය කරන්නයි. තම පවුලේ අයට නෑදෑයින්ට සේවය කරන්නයි. රටේ දේපළ තමුන්ට හිතු හිතු සේ පරිහරණය කරමින් රාජ්‍ය දේපළ සූරාකන දේශපාලනය නැවත ගෙන එන්න උත්සාහ ගන්නවා.

ඒ අය හිතාගෙන ඉන්නවා ධන බලයෙන් මේ ඡුන්දය දිනන්න පුළුවන් කියා. පවුල් බලයෙන් ඡුන්ද දිනන්න පුළුවන් කියලා.

ඒ අයට තිබෙන්නේ පවුල් බලය විතරයි. නමුත් සජිත් පේ‍්‍රමදාස කියන මේ පොඩි මිනිහාට මේ රටේ සියලූම ජනතාවගේ පවුල් බලය හිමි වී තිබෙනවා.

මගේ ප‍්‍රතිවාදියා කියනවා රුපියල් තුන්සිය පනහට දුන්න පොහොර නිකන් දෙනවා කියලා. නමුත් වී ගොවියාට පොහොර දුන්නේ රුපියල් පන්සියයටයි. ඒකවත් ඒ අය දන්නේ නැහැ. නමුත් ඒ අයට අමතක වුණා එළවළු ගොවියා, පලතුරු ගොවියා, හේන් ගොවියා, ගොඩ බෝග ගොවියා, තේ, පොල්, රබර්, ගම්මිරිස් ගොවියා පිළිබඳව මම කිසිදු ගොවියෙක් වර්ග කරන්නේ නැහැ. සියලූ දෙනාටම නොමිලේ පොහොර ලබාදෙනවා.

සමෘද්ධි සහනාධාරය දෙගුණ කළේ මමයි. එනිසා මම ඔබට පොරොන්දු වෙනවා සමෘද්ධි අරමුදල ශක්තිමත් කර සමෘද්ධි සහනාධාරය තවත් වැඩි කරනවා. දුප්පත් ජනතාවට ලොකු හයියක් වෙනවා. දුප්පත්කම අවියක් කරගෙන සමෘද්ධියට අමතරව ජන සවියත් ලබාදෙනවා.

ජනතාවගේ එකම ප‍්‍රාර්ථනය රට නව යුගයක් කරා ගෙනයන අලූත් ආරම්භයක් ඇතිකිරීමයි. ඒ සඳහා වයස 52ක් වයසැති මට ලබාදිය හැකියි. මම විශ්වාස කරනවා මේක තමයි මගේ කඩිසරම කාලය, සුපිරිම කාලය, ශක්ති සම්පන්න කාලය. මම පොරොන්දු වෙනවා මන්දිරවල ජීවත්වන්නේ නැතිව මහමඟට බැහැලා පුංචි මනුස්සයාගේ දහදිය සුවඳ හඳුනාගෙන මගේ ජීවිතයත් කැප කරලා මගේ වයසත් කැප කරලා රට දියුණුව කරා ගෙන යන්න.

නව තාක්‍ෂණය යොදාගෙන තාරුණ්‍යය ශක්තිමත් කරනවා. කර්මාන්ත පුරවර ඇතිකරලා ගමේ නගරයේ සිටින තාරුණ්‍යයට රැුකී රක්‍ෂා දියුණු කර ගැනීමේ අවස්ථාව උදාකරනවා.

ඩිජිටල් තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය, ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමේ අයිතිය ලබාදෙනවා. අගනුවර සිටින එක්තරා ප‍්‍රභූ පැලැන්තියකට පමණක් සීමා වෙච්චි මේ වරප‍්‍රසාද ගමටත් ගෙන එනවා.

මාතෘ මන්ද පෝෂණය, ළමා මන්ද පෝෂණය නැති කළ යුතුයි. හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුයි. ඒ සඳහා පියවර ගන්නවා. පෙර පාසල් ගුරුවරුන්ට, සහායකයන්ට රජයෙන් දීමනාවක් ලබාදෙනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට මුළු පාසල් දිවිය දක්වාම දිවා ආහාර වේල ලබාදීම මගේ පාලන කාලය තුළ ලබාදෙනවා.

මම මේ කරන්නේ වේදිකාවක් තුළ හිඳගෙන හිස් පොරොන්දු ලබාදීම නෙවෙයි. රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ජානවලින් ලේ වලින් පෝෂණය වූ මම රාජ්‍ය දේපළ හොරාකන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. දිවි හිමියෙන් මේ රට රකිනවා.

අද රටේ ජනතාවට ලොකු ජීවන බරක් තියෙනවා. අමාරුවෙන් ජීවත් වන්නේ. දරු පවුල බොහොම අමාරුවෙන් නඩත්තු කරන්නේ. උද්ධමනය නිසා බඩු මිල වැඩිවීම නිසා ජීවන වියදම වර්ධනය වීම නිසා මේ රටේ පවුල් පරපුරට ජීවත්වීමේ අපහසුවක් තියෙනවා. මම ඒක දන්නවා. මම ඒක අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි මම හිතක් පපුවක් තියෙන දේශපාලනඥයෙක් නිසා.

මගේ පාලනයක් තුළ අපේ කණ්ඩායම ජනතාවට හිංසාකාරී, ජනතාවට පීඩාකාරී කිසිම බද්දක් පනවන්නේ නැහැ. මුළු බදු ක‍්‍රමයම සංශෝධනය කරලා මේ රටේ පොදු ජනතාවට මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු හැම කණ්ඩායමකටම බදු බර පැටවීම වෙනුවට බදු සහන ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. මේ රටට අවශ්‍ය සොඳුරු නායකයෙක්. හිතක් පපුවක් තියෙන නායකයෙක්. කයිවාරුවට වඩා ක‍්‍රියාවෙන් ජනතාවට වැඩ කරන නායකයෙක්. මම කියන්න කැමතියි ඒ සොඳුරු නායකයා ඒ මානව හිතවාදී නායකත්වය සජිත් පේ‍්‍රමදාස ලබා දෙනවා කියලා.

අනාගත රජය තුළ අපි දක්‍ෂයන්ට පමණයි තැන දෙන්නේ. පෞද්ගලික හිතවක්කම මත කිසිම තනතුරක් දෙන්නේ නැහැ. මම මාත් එක්ක වාද විවාද කරන අය වැඩට දක්‍ෂයෙක් නම් කඩියා වගේ වැඩකරනව නම් ඒ මනුෂ්‍යයාට මම තැන දෙනවා. මට දේශපාලනයේ කිසිම හීන මානයක් නැහැ. මම එකක් කියනවා. මගේ පවුලට හා පවුලේ ඥාතීන්ට මගේ ආණ්ඩුවේ තැනක් නැහැ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය පොහොට්ටුවට ඔළු ටික ගියාට කඳවල් තියෙන්නේ අපි ළඟ. අපිත් එදා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට බැස්සේ පුද්ගලික ප‍්‍රශ්න නිසා නොවෙයි. ඔවුන්ගේ ක‍්‍රියා කලාපය බැරිම බැරි නිසයි. එහෙම කළාම අපිට කීවා කට්ටිය කළු ගලේ ඔළුව ගහගන්න එපා කියලා. අද මිනිස් ජීවිතවලට ආරක්‍ෂාව ලැබිලා තියෙනවා. සුදු වෑන් සංස්කෘතිය නෑ. පුද්ගල අතුරුදන් වීම් නෑ. ඒ කාලේ ආණ්ඩුවේ හොර ගනුදෙනු හෙළි කළ ලසන්ත වික‍්‍රමතුංග,

එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් මැරුවා. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. පසුගිය වසර හතර හමාරක කාලය තුළ එම තත්ත්වය වෙනස් වෙලා. මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට බලපෑම් කළේ නෑ. ඔවුන්ට නිදහස දුන්නා. සමහර මාධ්‍යවේදීන් විදේශගත වෙලා ඉන්නවා. ඒ නිදහස තුළින්ම අපිම විවේචනය කළ අවස්ථා තිබුණා. ඒ නිසයි ඒ රාජපක්‍ෂලාගේ නඩු ටික වහගන්න තමයි මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මේ වසර හතර හමාරක කාලේදී අපි මොනවද කළේ කියලා අහනවා. 1948න් පස්සේ ජනතාවගේ දුගී දුප්පත්කම නැතිකළ මේ ආණ්ඩුව තරම් තවත් ආණ්ඩුවක් නෑ. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා,

පසුගිය වසර හතර හමාරක කාලය තුළ සුදු වෑන් නෑ. ජනතාවගේ පණ ටික රැුකලා දුන්නා මදිද. මේ වසර හතර හමාරක කාලය තුළ ජනතාවට නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතිය දුන්නා. ස්වාධීන රාජ්‍ය සේවය, අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම පත් කළා. එදා මම ඌවේ මහ ඇමැති වෙලා ඉන්න කාලේ පළාත් සභාව බලෙන් විසුරුවන්න කීවා. ඊළඟට ඡුන්දය ඉල්ලන්න දැම්මේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ. අන්න එහෙමයි රාජපක්‍ෂලා අපිට කළේ. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උදවියට පොහොට්ටුවේ රැුස්වීම්වලදී හූ කියනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සලකන්නේ එහෙමයි. මම කියනවා ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයට සජිත් පේ‍්‍රමදාස මහතා සමග එක්වන්න කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැුකගැනීමට නම් කියලා. දැන් ඇල්පිටියේ ඡුන්දය අල්ලාගෙන කියනවා පොහොට්ටුව දිනුම් කියලා. එදා මහින්ද රාජපක්‍ෂ සියයට 62 ට ක් ලැබුණා. අද එය සියයට 54 ට බැහැලා තියෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ යටියන්තොට ආසන සංවිධායක හා කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් පෙරේරා මහතා,

2015 දී ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතුවෙලා යහපාලනය ඇති කළා. නමුත් අපිට තනි බලයක් නැති නිසා ඔබලාට යමක් කරන්න බැරි වුණා. අපි දෙයක් කරන්න හදනකොට අනිත් අය ඊට බාධා කළා. එක්සත් ජාතික පක්‍ෂයට චෝදනා කරනවා බුද්ධාගමට සලකන්නේ නෑ කියලා එය අසත්‍යයක්. සජිත් පේ‍්‍රමදාස මහතා එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ව සිටින කාලයේ තමයි සසුනට අරුණ වැඩසටහන පටන් ගත්තේ. එතුමා පසුවත් මේ යටියන්තොට ආසනයට පවා විශාල මුදලක් එතුමාගේ අමාත්‍යාංශයෙන් ලබාදීලා තියෙනවා. එතුමා ජනතාවගේ දුක හඳුනන නායකයෙක්. මේ රටේ දුගී දුප්පත්කම නැතිකරලා සංවර්ධනය කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එනිසා නොවැම්බර් 16 වැනිදා සජිත් පේ‍්‍රමදාස මහතා මේ රටේ ජනාධිපති කරන්න. පසුව පාර්ලිමේන්තුවේ හා පළාත් සභා සියල්ලේ බලය ද අපි ලබාගන්නවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුසිතා විජේමාන්න, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් වන නිහාල් ෆාරුක්, සිරිල් පල්ලේපොල, ලක්‍ෂමන් කොඩිකාර, ඩබ්ලිව්. සෝමදාස, මද්දුම බණ්ඩාර රණසිංහ, එක්සත් ජාතික පක්‍ෂයේ කෑගල්ල ආසන සංවිධායක ලිලාන් අමරකෝන්, එක්සත් ජාතික පක්‍ෂයේ කෑගල්ල දිස්ත‍්‍රික් සංවිධායක ජානකී අතුකෝරල, බුලත්කොහුපිටිය, දෙහි ඕවිට, රුවන්වැල්ල යන ප‍්‍රාදේශීය සභාවල විපක්‍ෂ නායකවරු හා මන්ත‍්‍රීවරු ද සහභාගි වී සිටියහ.

මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ සමුළුවේ උපලේකම් (කෑගල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කළ* බන්දුල සපරමාදු හා කෑගල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු සංවිධායක ලතිෆ් යන අය සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදීමට එක්වීම ද සිදුවිය.

බුලත්කොහුපිටිය - වසන්ත සමරවර්ධන, යටියන්තොට - කේ. කේ. ඞී. රූපසිංහ, මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, රත්තොට - රිචඞ් ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles