Divaina - පාස්කු දා ප‍්‍රහාරය විශේෂ තොරතුරු ඇතුළත් ඇමුණුම් 34 ක් පංච පුද්ගල ජනපති කොමිසමට භාර දෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

පාස්කු දින එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ තොරතුරු ඇතුළත් ඇමුණුම් 34 ක් දිවුරුම් ප‍්‍රකාශ සහිතව කොළඹ අගරදගුරු මැදුර විසින් පසුගියදා පංච පුද්ගල ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට භාර දී ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප‍්‍රමුඛ සහායක රදගුරු මැක්ස්වල් සිල්වා, ජේ. ඞී. ඇන්තනි, සහාය රදගුරුතුමාලාගේ අත්සනින් යුතුව දිවුරුම් ප‍්‍රකාශ අනුව එම තොරතුරු අඩංගු ඇමුණුම් 34 නීතිඥ ෂමිල් පෙරේරා මහතා මගින් ඉකුත් 14 වැනිදා මෙසේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම වෙත භාර දී ඇත. සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමෙන් පසු එම දිවුරුම් ප‍්‍රකාශ ලබාදුන් සියලූම දෙනාම සාක්‍ෂි ලබාදීමට කැඳවීමට හැකියාවක් ඇතැයි කොළඹ අගරදගුරු මැඳුර කියයි.

මෙම දිවුරුම් ප‍්‍රකාශවලට අමතරව සෙත්සරණ අධ්‍යක්‍ෂක ලොරන්ස් රාමනායක, කොච්චිකඬේ දෙව්මැදුර පාලක ජූඞ් රාජ් ප‍්‍රනාන්දු, කටුවාපිටිය දෙව්මැදුර පාලක සමීර පියතුමන්ලාද ප‍්‍රකාශ ලබාදී තිබේ.

ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පැමිණිලි බාර ගැනීම ඉකුත් 14 වැනිදා අවසන් විය.

නෝමන් පළිහවඩන

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles