Divaina - බදු බරින් ජනතාව මුදාගෙන ජනතාවගේ අතමිට සරු කරන යුගයක් උදාකරනවා - ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස දැරණියගලදී හා දෙහි ඕවිටදී කියයි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

sajith3- දැනුම මත පදනම් වූ ආර්ථික ක‍්‍රමයකට  යා යුතුයි

- සමෘද්ධිය ශක්තිමත් කර ජනසවිය නැවත  ආරම්භ කරනවා

- රටේ සම්පත්වල අයිතිය ඇත්තේ එක පවුලකට නොවේ සමස්ත ජනතාවටමයි

දැනට පනවා තිබෙන කාබන් බද්ද අහෝසි කරන අතර බදු බරින් මිරිකී සිටින ජනතාව ඉන් මුදාගෙන අතමිට සරු කරන යුගය උදාකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ දැරණියගල, රුවන්වැල්ල, මීරිගම, අත්තනගල්ල, දඹදෙණිය, කුරුණෑගල යන ප‍්‍රදේශවලදී පෙරේදා (15 දා* පැවැති ජනහමු අමතමිනි. එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

re9 2රටේ අනාගතය තීන්දු කරන අවස්ථාවේ රාජ්‍ය නායකත්වය රටේ සුදුසු නායකයා තෝරා ගැනීමේදී ජනතාව විසින් හිතන්න ඕනෑ මහ පොළවට පය ගහන අයකු ජනතාව සමග ජීවත් වන අයෙකු පත් කිරීමට. ඒ හරහා අලූත් ගමනක් අලූත් වැඩපිළිවෙළක් උගත්කමට ගැළපෙන ඩිජිටල් තාක්‍ෂණය, පරිගණකය, ඉංගී‍්‍රසි භාෂා දැනුම කේන්ද්‍රකර පදනම් වූ ආර්ථික ගමනක් අපි යා යුතුයි. මගේ ඉලක්කයද මාතෘ භූමියට නවීන ක‍්‍රමෝපායන් ඇතුළත්ව ජනතාවගේ දුක නිවන ජනතාවගේම සංවර්ධන යුගයක් බිහි කිරීමයි. දිව දෙකේ කතා මා ළඟ නැහැ. එම යුගය දිවි හිමියෙන්ම කි‍්‍රයාවට නංවන බව පැවසීය.

මේ රටේ අති බහුතරයකට පවුල් බලය ධන බලය නැහැ. බහුතර ජනතාව හරි වේලාවට හරි දේ කරන්න බලා පැහැදී සිටිනවා. මෙම ඡුන්ද සටනේ මම දේශපාලන රූකඩයක්ද නොවේ. වහල්වූ ජනාධිපති අපේක්‍ෂකයකුද නොවේ. රටේ ජනතාව ජනාධිපති ලෙස තමා දිනවන විට මාව හසුරුවන්න පාලනය කරන්න කවුරුත් නැහැ.

මගේ අඩුපාඩු තිබෙන්න පුළුවනි. එම අඩුපාඩු හදාගෙන ජනතාව ඉදිරියට පැමිණ සමාව ඉල්ලා සිටින්න මට ශක්තිය තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වන්නේ රටට හොඳ දරු පරපුරක් හොඳ ශී‍්‍ර ලංකාවක් ඇති කරන්නයි. ඒ සඳහා විනයගරුක, යුක්තිගරුක, ජන සමාජයක් රට තුළ ස්ථාපිත කරනවා. රට තුළ ක‍්‍රම දෙකකට නීති කි‍්‍රයාත්මක විය යුතු නැහැ. එවැනි යුගයක් එදා රට තුළ පැවතුණා. එවැනි යුගයක් යළි අවශ්‍ය නැහැ. මා පත්වූ විට රජවන්නේ සමස්ත රටේ ජනතාවයි.

මගේ පියාගේ කාලේ දැරණියගල ඇඟලූම් කම්හලක් විවෘත කළා. අද වන විට 3000 ක් පමණ රැුකියා කරනවා. ඒ හරහා වක‍්‍ර රැුකියා බිහිවී තිබෙනවා. පියා කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් ගම්බදට මා ඉටුකරනවා.

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා රැුකියා ප‍්‍රශ්නය විසඳන්න රට දියුණු තාක්‍ෂණ යුගය කරා යන්න දැනුම කේන්ද්‍රකර ගෙන ඉංගී‍්‍රසි භාෂාව දියුණුවට අරගෙන අලූතින් තාක්‍ෂණ විiාල ඇති කරනවා. ඒවා ජාත්‍යන්තර මට්ටමට බිහි කරනවා.

පියා වතුකරයේ ජනතාවට පුරවැසි අයිතිය ලබාදුන්නා. එම ජනතාවට මා සාධාරණ වැටුපක් ලබා දෙනවා. එය ස්ථිරයි. රට තුළ මහත් ව්‍යසනයක්ව පවතින කුඩු ජාවාරම් විනාශ මුඛයට ගෙන යන්න වැඩපිළිවෙළක් හදනවා. කුඩු ජාවාරම්කාරයෝ දේශපාලනයටත් ඇවිත්. තවත් ක්‍ෂේත‍්‍රයේ කුඩුකාරයන් බලවතුන් හා ධනවතුන් වෙලා. බලයට ආ විට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව නීතිය සාමය ආරක්‍ෂක ඇමැතිකමට පත්කර රටේ ආරක්‍ෂාව තහවුරු කරනවා.

මගේ තේමාව එක්ව ඉදිරියට යාමයි. ගජ මිතුරු සංගම්, ඥාති සම්බන්ධකම්, පවුල් සංගම් මා ළඟ නැහැ. රට තුළ ජාති ආගම් පක්‍ෂ භේදවලින් තොරව ජනතාව සමග වැඩකරනවා. රටට මා වැඩකර පෙන්වාදී තිබෙනවා. මේ රටේ සම්පත්වල අයිතිකාරයෝ එක පවුලක්ම නොවේ. රටේ ජනතාවයි. ඒ හරහා රට දිනවන ජයගන්නා ක‍්‍රමයට

ගේනවා. ලොව ජය ගන්වන බවද හෙතම පැවසීය.

රබර් ගොවියා අසහනයට පත්වෙලා. ඒවාට සහතික මිලක් ලබාදෙනවා. ජනතාවගේ ශක්තිය තුළින් පොදු ශක්තියෙන් ස්ථිර සහතික මිලක් උපරිම ශක්තිය යොදා දායකත්වය ලබලා දෙනවා.

අපේ රණවිරුවන්ට සුභ සාධනය දෙනවා. යුධ, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකායට මනා පුහුණුවක් ලබාදිය යුතුයි. දැනට ඇති පුහුණුවට අමතරව ත‍්‍රස්තවාදයට මුහුණ දෙන්න රණවිරුවන්ට පහසුකම් ලබා දෙනවා. මිලිටරි රාජ්‍යයක් නිර්මාණය වීමට අවශ්‍ය නැහැ. තම තමන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන අයකු පත්කර ගත යුතුයි. අපේ ගමනට කෙටි මාර්ග, ෂෝට්කට් නැහැ. ජනතාව විසින් මා පත්කළ විට කාර්යශූරත්වය පෙන්වනවා.

ප‍්‍රතිවාදී අපේක්ෂකයා මෙන් තමන්ගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙන යාම නෙවේ. මගේ ව්‍යායාමය ජනතාව ජීවත් කරවීමයි. ජනතාව මත පටවා ඇති කාබන් බද්ද ඉවත් කිරීමට තමන් කටයුතු කරනවා. මම පරිසරය ආරක්ෂා කර ගැනීමට ඇප කැප වෙන පරිසර හිතවාදියෙක්. බදු බරින් පීඩනයට පත් වී දුක් විඳින පොදු ජනතාව එම බදු බරින් මුදා පුරවැසි පරපුර ජීවත් කරවීම මගේ වගකීමයි.

ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව බිහිවන අපේ රජය ජාත්‍යන්තරයේ කිසිම බලවේගයකට හිස නමන්නේ නැහැ. බැගෑපත් වන්නේ නැහැ. ජාත්‍යන්තරය ඉදිරියේ දණ නොගසන, අභිමානවත්, තේජස්වන්ත ශ‍්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ඇප කැප වී කටයුතු කරනවා.

මගේ ප‍්‍රතිවාදියාට ජනාධිපති අපේක්‍ෂකම ලැබුණේ වලව්ව ඇතුළේ තිබුණ පවුලේ සාකච්ඡුාවකින්. සහෝදරයා, සහෝදරිය, නැන්දා, මාමා, මුණුබුරා, මිනිබිරිය එකට එකතුවෙලා තීන්දු කරලා, බන්දේසියක තියලා ජනාධිපති අපේක්‍ෂකකම ලබා දුන්නා. මට ඊට හාත්පස වෙනස් ගමනක් යන්න සිදුවුණේ. පක්‍ෂය එක්සේසත් කරමින්, පක්‍ෂය ශක්තිමත් කරමින් තමයි මම අපේක්‍ෂකත්වය ලබාගත්තේ. ඒ අපේක්‍ෂකත්වය ලබා ගත්තේ මේ රටේ පොදුජන රැුල්ලෙන්. මට අපේක්‍ෂකත්වය ලැබුණේ කටුක අභියෝගාත්මක ගමනක් තුළින්. මම ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තේ කිසිම කොන්දේසියකට යටත්ව නෙමෙයි. ඒ නිසා මම ජනාධිපති බවට පත්වූ විට, අපි ජාත්‍යන්තරයට වහල් වෙන්නෙ නෑ. බලවතුන්ගේ ගැත්තන් වෙන්නේ නැහැ. මම යටත්වන එකම කොන්දේසිය ශී‍්‍ර ලංකා ජනතාවගේ ජනමතය.

ප‍්‍රතිවාදීන්ගේ පාලන සමය තුළ මිනිසුන් පිරිසිදු පානීය ජලය ඉල්ලන විට කොම්පැණිකාරයන්ගේ පැත්ත ගත්තේ. ඔවුන් සල්ලිකාරයන්ගේ පැත්ත අරන්, ජනතාව වතුර ඉල්ලන කොට වතුර දුන්නේ ටී 56 න්. අර්ථසාධක අරමුදල ගසා කද්දී, කම්කරු ජනතාව මහ පාරට බැස්සා. ඔවුන් උද්ඝෝෂණ කරන විට වෙඩි වරුසාවක් එල්ල කළා. මේකද අපේ රට බලාපොරොත්තු වන අනාගතය. උද්ඝෝෂණවලට වෙඩි වර්ෂා එල්ල කිරීමද, ජාතික නායකත්වය. ධීවර ප‍්‍රජාව ඉන්ධන සහනාධාර ඉල්ලූවා. ඔවුන් ඝාතනය කළා. ජනතා පැතුම මිනීමරු අනාගතයක්ද? භීෂණකාරී අනාගතයක්ද? එහෙම නැත්නං අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරනවා.

රටේ ජනතාව පීඩනයට පත් කරමින් රජ පවුලේ දරුවන් රජකළ යුගය නැවත මේ රටට අවශ්‍යද. මම ජනාධිපති වූ පසු රජවන්නේ මෙරට සමස්ත දරු පරපුර සහ ජන පරපුරයි. ජනාධිපතිවරණවලදී එකිනෙකා පාලනය කරන වහල් අපේක්‍ෂකයකු බවට මම පත් වන්නේ නැහැ. ජනාධිපති වූ පසු මාව පාලනය කරන්නේ වෙන කවුරුවත් නොවේ මෙරට මහ පොළොවේ පය ගසා ජීවත්වන පොඩි මිනිසායි.

සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුරවර ඇති කර තරුණ තරුණියන්ට රැුකියා අවස්ථා උදා කරනවා. ඊට සමගාමීව සෑම කොට්ඨාසයකම තාක්‍ෂණික විශ්වවිiාල ආරම්භ කර තරුණ තරුණියන්ට නොමිලේ අධ්‍යාපන ශක්තිය ලබාදී තාක්‍ෂණයේ පෙරගමන්කරු බවට අපේ රට පත් කරනවා. ත‍්‍රස්තවාදය සහ රටම වෙලා ගත් කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීම සඳහා රටේ සිටින නියම රණවිරුවකු වන සරත් ෆොන්සේකා මහතාව පත්කර රට ආරක්‍ෂා කිරීමට කටයුතු කරනවා.

‘සමෘද්ධි සහනය’ තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන ගමන් දුගී දුප්පත් ජනතාවට ශක්තිය ලබාදීම වෙනුවෙන් ‘ජනසවිය’ වැඩසටහන නැවත මා ආරම්භ කරනවා.

වගා කටයුතු කරන ගොවි ජනතාවටත්, කර්මාන්තකරුවන්ටත් ලබාදිය හැකි උපරිම සහන ලබා දෙනවා. ඔවුන්ගේ කර්මාන්ත ශාලා ශක්තිමත් කර, ආර්ථික වශයෙන් සවිබල ගන්වනවා. ජනතාවගේ හද ගැස්ම අවබෝධ කරගෙන වැඩ කටයුතු කරගන්න ඕන. මා ජනාධිපති බවට පත්වූ පසු කාබන් බද්ද ඉවත් කරනවා. පරිසරය ආරක්ෂා කරන්න ඕන. මම පරිසරය හිතවාදියෙක්. පරිසර හිතකාමී පුද්ගලයෙක්. නමුත් දැන් පොදු ජනතාවගේ කරපිට බදු බර වැඩි වෙලා. මේ නිසා පොදු ජනතාව පීඩනයට පත්වෙලා. බදු පනවන්න පෙර එය ජනතාවට දරාගත හැකිද යන අවබෝධය මත තමයි බදු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුත්තේ.

ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයත් දුක්ඛිත තත්ත්වයට පත්වෙලා. මේ නිසා ඔවුන්ට ලබාදිය හැකි උපරිම ආර්ථික ශක්තිය උපරිම ප‍්‍රතිලාභ, උපරිම සහන ලබාදෙන්න අපි කටයුතු කරනවා. ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින්, සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ශක්තිමත් කරන්න, ඒ ව්‍යාපාර ගොඩ නැඟීම සඳහා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා. නව නිර්මාණවලට, නව සැලසුම්වලට, නව පාලනයට, මුල්තැන ලබාදී දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කරන්න අප කටයුතු කරනවා.

කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා යටියන්තොට ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුජිත් සංජය පෙරේරා මහතා-

2015 වර්ෂයේ අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවන්න කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂය විදියට යම් සේවයක් ඔබලාට කරන්න බැරි වුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ දෙකක් එකතුවෙලා රට පාලනය කළේ. අවසානයේ ඒ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තේ එදා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව කටයුතු කළ අයයි. එම නිසා ජනතාවට සේවය කිරීමට අපිට අවස්ථාව ලැබුණේ නෑ. එම නිසා ඉදිරියේ දී අපිට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා. දැන් අපිට ප‍්‍රතිවාදීන් විවිධ ලේබල් ගහනවා. අපි ජාතිවාදී ආගම්වාදීන් කියලා. අපේ අපේක්ෂකයා දේශපේ‍්‍රමීත්වය පෙන්වීමට බොරුවට පපුවට ගහ ගන්නේ නෑ. සජිත් පේ‍්‍රමදාස මහතා සසුනට අරුණ වැඩසටහන පටන් ගත්තේ එතුමා මන්ත‍්‍රීවරයෙකුව ඉන්න කාලෙයි. පසුව එතුමාට අමාත්‍ය ධූරයක් ලැබීමෙන් පසුව එම සේවය ඉදිරියට කරගෙන යනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ අද පන්සල් ඇතුළු ආගමික ස්ථානවල සංවර්ධනයට ලක්ෂ 5 ත්, ලක්ෂ 10 ත් ලැබී තිබෙනවා මෙම දැරණියගල ආසනයේ.

පසුගිය දිනවල පැවති ආබාධිත රණවිරුවන්ගේ ප‍්‍රශ්නයේ දී ඔවුන් මසක් පමණ එම උපවාසය පවත්වාගෙන ගියා සජිත් පේ‍්‍රමදාස මහතා මැදිහත් වී එය නිම කිරීමට කටයුතු කළා. දැන් කියනවා අපි රණවිරුවෝ සිරගත කළා කියලා. රනිල් වික‍්‍රමසිංහ නායකතුමා කිසි විටෙක රණවිරුවෝ හිරේ දැම්මේ නෑ. අධිකරණයෙන් යම් යම් වැරදි සම්බන්ධයෙන් කටයුතු කරපු අයයි හිරේ දැම්මේ. දැනට 40 දෙනකු පමණ ඉන්නවා විවිධ වැරදිවලට සම්බන්ධ අය. දැන්

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයා බලයට ආපුවාහම රණවිරුවෝ නිදොස්කොට නිදහස් කරනවා කියලා. එතුමා මහාධිකරණ විනිසුරුවෙක් ද මම අහනවා.

කෑගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලිලාන් අමරකෝන් මහතා-

පසුගිය වසර හතර හමාරට අපේ විරුද්ධවාදීන් අහනවා මොනවා ද කළේ කියලා. අපි කියනවා වසර 20 ක් පමණ රාජපක්ෂවරු කළ වැඩවලට වැඩියෙන් විසි ගුණයක විතර වැඩ ඒ කලයේ කළා කියලා. ඒ අය සංවර්ධනය කියලා මොනවා ද කළේ හම්බන්තොට නැව් එන්නේ නැති වරායවල්, ගුවන්යානා නැති ගුවන් තොටුපළවල්, ක‍්‍රීඩා නොකරන ක‍්‍රීඩා පිටි නෙලූම් කුලූන වගේ පෙන්වා රටේ මහා සංවර්ධනය කියලා පෙන්නුවා. ඒවාට රුපියල් මිලියන 64 දහසක්වත් යන්නේ නෑ. ඉහළ පොලියට තමා ණය ගත්තේ.

අපි දැන් කොළඹ නගරයේ වාහන තදබදය නිම කිරීම සඳහා දශම 7 ක ණයට ඩොලර් බිලියන 1 ලක්ෂ 20 දහසක් ගෙන රාජපක්ෂවරු කළ සංවර්ධනයට වැඩි කෙටසක් කිරීම ආරම්භ කරලා තියෙනවා. මෙම වසර හතර හමාරක කාලයට මාධ්‍යවේදීන් අතුරදන්වෙලා නෑ. ජනතාවත් අතුරුදන්වෙලා නෑ. කාගෙවත් ජීවිත අහිමි කරලා නෑ. ගම්පෙරළිය වැඩසටහන යටතේ ලක්ෂ 4000 ක් මේ දැරණියගල ආසනයට ලැබිලා තියෙනවා. ඒ ආකාරයට රට සංවර්ධනය කරලා තියෙනවා.

අරණායක එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා-

එදා ඞී. එස්. සේනානායක මහතා වැනි අගමැතිවරුන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා, ජනතාව සජිත් පේ‍්‍රමදාස ඉල්ලූවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කළා. එදා පොහොට්ටුවේ බදුල්ල සංවිධායක වෙලා හිටපු කුමාර වෙල්ගම මහතා ගෝඨාභයට විරුද්ධ වීම නිසා එහි සංවිධායක කමින් ඉවත් කළා. මේකද ඒ අයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. සජිත් පේ‍්‍රමදාස කියන්නේ එදා ජනසවිය ජනතාව වෙනුවෙන් ආරම්භ කළ රණසිංහ පේ‍්‍රමදාසගේ පුතා. එතුමාට ඇමරිකන් පුරවැසිභාවය නෑ. ද්විත්ව සුරවැසිකම් නෑ. අද එතුමා රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ වැඩපිළිවෙළ නොවැම්බර් 16 දාට පසුව මේ රටේ ඉදිරියට ගෙන යනවා.

මෙම ජන රැුලිය සඳහා කඳුරට ජනතා පෙරමුණේ නායක ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය රාධා ක‍්‍රිෂ්නන්, මහ මාර්ග හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුසිතා විජේමාන්න, එක්සත් ජාතික පක්ෂයේ

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරු ද දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායක රංජිත් පොල්ගම්පොල, දැරණියගල ප‍්‍රාදේශිය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා යන මහත්ම මහත්මීහු ඇතුළු ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුද සහභාගි වී සිටියහ. මෙම වේදිකාවේ දී කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයකු වූ එම්. එම්. ඞීන් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවීම ද සිදු විය

දැරණියගල - සෝමචන්ද්‍ර යකන්දාවල, දෙහි ඕවිට - ඩබ්ලිව්. එම්. තිලකරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles