Divaina - මෙරට සුපිරිසිදුම ආණ්ඩුව හදනවා...... මගේ රජයක ආරක්‍ෂක ඇමැති ධුරය පවරන්නේ ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාටයි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

- ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස කියයි

අකිත පෙරේරා

sajමෙරට තුළ සුපිරිසිදුම ආණ්ඩුව තම නායකත්වය යටතේ බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ගාලූමුවදොර පිටියේදී ඊයේ (10 වැනිදා* පැවැති ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැලිය අමතමින් පැවසීය.

එම පාලන කාලය තුළ රටේ අනාගත තීන්දු ගනු ලබන්නේ වලව්වක එක් පවුලකින් නොව පොදු ජනතාව විසින්ම බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

රට තුළ සද්ධන්ත ආර්ථික සංවර්ධනයක් ඇතිකර ¥ෂණයට වංචාවට රාජ්‍ය දේපළවලට අත නොතියන යුගයක් ඇතිකරන බවද ඒ මහතා පැවසීය.

කාන්තාවන් තරුණ පරපුර ගොවි ජනතාවට ශක්තිය සැපයීමට මෙන්ම සැබෑ කම්කරු ප‍්‍රඥප්තියක් ද නීතිගත කරන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවේ ඉහළම වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී ජන ජීවිත ආරක්‍ෂා කරනවා සේම වැඩ කළ හැකි දක්‍ෂයන්ට වගකීම් පවරන බවද ඒ මහතා පැවසීය.

කිසිදු දේශපාලනඥයකුට ජම්පර් ඇන්දවීමට කටයුතු නොකරන බවත් එම කටයුතු අධිකරණයට පවරන අතර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවනට උපරිම දඬුවම් ලබාදෙන බවද සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැුලියට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ මැති ඇමැතිවරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් ද සහභාගි වූහ.


 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles