Divaina - ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ශී‍්‍රලනිපයේ තීරණයෙන් රටට අහිතකර නායකයකු බිහිවීම වැළකුණා - ශී‍්‍රලනිප මහලේකම් දයාසිරි ජයසේකර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

Jayasiriශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ් ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කිරීම නිසා රටට අහිතකර නායකයකු බිහි වීම වළකාලීමට හැකි වූ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රටට ආදරය කරන වමේ ප‍්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධී බලවේගත් සමඟ ගමන් කරන මාවතක සිටියේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පමණක් බවත් එම නිසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්න ශී‍්‍ර ලංකා නිදහස්් පක්ෂය තීරණය කළ බව ද මහලේකම්වරයා ඊයේ (09 දා* පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ මහලේකම්වරයා මෙසේ ද කීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් ඉදිරියටත් කටයුතු කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ගම් මට්ටමින් දිස්ති‍්‍රක් මට්ටමින් හා රට පුරා අපේ කි‍්‍රයාකාරීන් දැනුවත් කරමින් ඉදිරියට යනවා. ඒ වගේම අපේ පාක්ෂිකයන්, මන්තී‍්‍රවරුන්, සංවිධායකවරුන් ආරක්ෂා කර ගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ආරක්ෂා කර ගත යුතුයි. ඒ වගේම ගෝ්්ඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දුන්න සියලූ දෙනා වෙනුවෙන් අපි ආරක්ෂා කරනවා. ඒ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කරනවා. සියලූම සංවිධායකවරුන් ගෙනල්ලා අත්සන් කරනවා. ඒ වගේ ඉදිරියේදී අපේ සම්මේලනය කැඳවලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනල්ලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. සන්ධාන ව්‍යවස්ථාවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවත් ආරක්ෂා කරමින් කටයුතු කරන වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒත් ඒ තුළින් පොහොට්ටුවට එක්වීමක් නොවෙයි සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමක් තමයි සිදු වන්නෙ. ඒ නිසා එකතු වීම අනාගත කටයුතුවලදී වමේ ප‍්‍රගතිශීලී බලවේගත් එකතු වෙලා අලූත් ආණ්්ඩුවක් හදනවා.

ඒ වගේම ලංකා ඉතිහාසයේ පළමුවන වතාවට ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තීරණය කර තිබෙනවා. පොලිසිය හා ආරක්ෂක හමුදා මෙන්ම කැබිනට් මණ්ඩල ප‍්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසා එතුමා ජනාධිපතිවරණය වෙනුවෙන් මධ්‍යස්ථව කටයුතු කරනවා. ජනාධිපතිවරණය සර්ව සාධාරණ ලෙස පවත්වාගෙන යන්න ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබෙනවා. අපි ඉදිරි කි‍්‍රයාමාර්ග තුළින් ජනාධිපතිවරණයෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ගොඩනඟනවා. ඒ නිසා පක්ෂය ගන්න තීන්දු සමඟ පාක්ෂිකයන්ට ඉන්න කියලා කියනවා. සියලූ සංවිධායකවරුද ආරක්ෂා කර ගනිමින් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා අපි වැඩපිළිවෙළක්් සකසා තිබෙනවා. රටට වුවමනා කරන දේශපාලන වෙනස කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ප‍්‍රගතිශීලී කඳවුරු වෙත ලබාදීම මේ තුළින් සිදුවනවා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා,

අපි ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නෙ කාටද යන්න කියන එක ප‍්‍රමාද වීම තුළින් සමහරු කිව්වා කල් අරිමින් සිටින්නෙ ජනාධිපති අපේක්ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතා නම් කරනකන් විතරයි කියලා. එහෙම වුණාම අප සේරම ඔහුට උදව් කරයි කියලා හිතුවා. විශේෂයෙන්ම මේ සාකච්ඡුාවලට සම්බන්ධ වූ අපට ඒ චෝදනා ආවා. අපි හැමදාම කිව්වේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කිසිම වුවමනාවක් නැහැ කියලා. අද එය ඔප්පු වෙලා තිබුණා. අපිට පොදු වැඩපිළිවෙළක් ජයග‍්‍රහණය කරන්න තිබුණා. ඒ නිසා පොදුජන පෙරමුණ අතර සාකච්ඡුා නිල වශයෙන් අටක් ද නොනිල වශයෙන් දහයක් පවත්වලා තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන්න තීරණය කළේ. දෙපාර්ශ්වය අතර ඇතිකරගත් හා සන්ධානයේදී ඇමැතිකම් ලබා ගැනීම පිළිබඳව කතා කළේ නැහැ. අපිට අවශ්‍ය වුණේ ජාතික වැඩපිළිවෙළක් හරහා රට ගොඩනඟන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වහන්න නොවෙයි. මේ එකතු වීම් තුළින් තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කියනවා අපේ සහයෝගය ලැබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ජයග‍්‍රහණයක් ලැබෙනවා කියලා. ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ් මන්තී‍්‍රවරු සියලූ දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා යැයි ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාෆා, පේෂල ජයරත්න යන අය ද මෙහිදී අදහස් දැක්වූහ.

අරුණ බෝගහවත්ත

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles