Divaina - ජනාධිපතිවරයා නඩත්තු කරන්න යන මුදලින් 90% ක් අඩුකරනවා - ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තඹුත්තේගමදී කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p1 445අද අපේ රටේ මුදුනට හෙනගසා ඇති බවත් ජාතික ජන බලවේගයෙන් පත්වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය දැනට තියෙන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් සීයට අනූවකට වඩා අඩුකරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක හා ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක පැවසීය. මන්තී‍්‍රවරයා මේ බව පවසා සිටියේ එම පක්ෂයේ නාම යෝජනා ලබාදීමෙන් පසු තම ගම වන තඹුත්තේගම නගරයේ පවත්වපු පළමු ජන රැුලිය අමතමනිග

එහිදී පක්ෂ නායකවරයා මෙසේද කීය. අපි මේ ගමට ආවේ 1972 වර්ෂයේයිග අපි මේ ගමට ඇවිල්ල මාසෙකට රුපියල් විස්සක කුලියටයි ජීවත් වුණේග පස්සෙ අපේම කියල නිවසක් හදාගෙන ඒ ගෙදරට ගියාග එතැන් සිට මේ තඹුත්තේගම නගරය කේන්ද්‍ර කරගෙන දසක ගානක් මේ ගමේ ජීවත් වෙලා හිටියාග අපි ඉස්සර ?ට පාඩම් කළේ තැපැල් කන්තොරුවේ. අපිට එදා ලයිට් දාගෙන පාඩම් කරන්න තිබිච්ච තැන තමයි ඒ තැපැල් කන්තොරුවග අපි ගම්මානවල ජන ජීවිතයත් සමග ඉතා සමීපව ජීවත් වුණ මිනිස්සු. ඔවුන්ගෙ වුවමනාවල් ඔවුන්ගේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තු බි`දවැටුණු ආකාරය අපි හො`දට දැකල තියෙනවාග එදා තඹුත්තේගම රෝහලේ හිටියේ දෙමළ මහත්තයෙක්. අපේ අප්පච්චි වැඩකරපු මිනින්දෝරු කාර්යාලයේ හිටියෙ දෙමළ මහත්තයෙක්. තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති හිටියෙ දෙමළ කෙනෙක්ග අපි එදා ඒ අයත් එක්ක සමීපව කටයුතු කළා හැබැයි ඒ ඔක්කොම විනාශකරමින් අපේ රටේ එදා හිටපු පාලකයෝ යුද්ධයක් නිර්මාණය කළාග ඒ යුද්ධයෙන් අපේ ළ`ගින් සුහදව හිටපු ගොඩක් දෙනෙක් මිය ගියාග ඒ අත්දැකීම් දන්න අපි, ඒ අත්දැකීම් වින්ද අපි නැවත මේ වගේ රටතුළ බිහිසුණු තත්ත්වයක් ඇතිකරන්න ඉඩදිය යුතු නෑග හැබැයි අපි එදා මේක වෙනස් කළානම් රටේ මේ විදිහට රණවිරුවන්ගෙ සොහොන් කොත් ඉදිවෙන්නෙ නෑග ඒක නිසා කවර හෝ දරු පරම්පරාවක් එවැනි ව්‍යසනයකට ලක්වෙන්න ඉඩදිය යුතු නෑග අපේ මේ ගම්වල ජීවත්වන අහිංසක මිනිසුන්ට සැපත, සතුට තියෙන ජීවිතයක් උරුම කර දෙන්න අපිට වගකීමක් තියෙනවාග අද අපේ ගම්වල මිනිස්සු ඔහේ ඉපදෙනවා. ඔහේ මොනව හරිකරනවා, ඔහේ මැරිල යනව, හරියට කෙහෙල් ගස්වල පර`ඩැල් වගේ. අද රටේ සෞඛ්‍යයේ අඩුපාඩුකම් නිසා කොපමණ පිරිසක් මිය යනවද? අධ්‍යාපනයේ නිසි දොරටු විවෘත කරගැනීමට නොහැකි වීම නිසා කොපමණ පරිමාණයක් කළකිරිල ඉන්නවද? අන්න ඒක නිසයි අපි මේ සටනට අවතීර්ණ වෙලා ඉන්නෙ. අපි පාසල් ගිහිල්ලා ඇවිල්ල නිවාඩු කාලෙට කෝච්චියේ අඹ විකුණපු අයග ඒ නිසා අපි ගමේ ජනතාවගේ දුක හො`දට අඳුනනවා. ඉන්න නිවසක් නැතිනම්, හරිහමන් ආදායමක් නැතිනම්, දරුවන්ට නිසිපරිදි අධ්‍යාපනයක් නැතිනම්, නිසිපරිදි සෞඛ්‍ය සේවයක් නැතිනම්, මානසික නිදහසක් නැතිනම්, මානසික සුවයක් නැත්තන්, මේකෙ අපි ජීවත් වෙන්න ඕනෙද? මෙතනට මගෙ අක්කයි අම්මයි ඇවිල්ල ඉන්නවාග අක්කගේ අත කුලියට කැවුම් බදින්න ගිහිල්ල පිච්චිලා තියෙන්නේග අවුරුදු 71ක අපේ ගම්වල ඉන්න අම්මල තාත්තල වැරදි දේශපාලනයක් තෝරගත්තග හැබැයි දේශපාලන පක්ෂයකට ඒ කට්ටිය ඡුන්දය දුන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන. හැබැයි ඒ කිසිම බලාපොරොත්තුවක් ඒ අයට ඉටුකරගන්න මේ වෙනකම් හැකිවෙලා නෑ. අන්න ඒ දේ ඉටුකරන්නයි අපි ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඇවිල්ල ඉන්නේග ඔබ කිසිම කෙනෙකුට යුක්ති සහගත අයිතියක් නෑ. අපිව අත්ඇරල යන්න. ඔබ කිසිවෙකුට සාධාරණ අයිතියක් නෑ අපිට පිටුපාන්නග අපි ඔබතුමන්ලාගේ මිනිස්සු. අපි ඔබලාගේ නියෝජිතයෝ, අපි ඔක්කොම එකතු වුනොත් අවුරුදු 71 ක් ඔහේ දේශපාලන පක්ෂ වටේ ගියපු අයට නොලැබුණු දෙයට වඩා සතුට සැනසුම ගේන්න පුළුවන් මාවතක් අපි විවර කරනවාග මේ රට කවුරු පාලනය කළත් මේ රට හදන්නනම් ඉස්සරවෙලාම රටේ හොරකම නවත්වන්න ඕනෙ. හැබැයි මේ දේ රට පාලනය කරපු කිසිම කෙනෙක් හරියට කළේ නෑ. හැබැයි අපි බලයට ආවොත් අනිවාර්යෙන්ම හොරකම නතර කරනවා. අපිට එක සැරයක් ආණ්ඩුව දෙන්න අපි ස්ථීර වශයෙන්ම හොරකම නතරකරනවා. අපි ඒ ගැන ඔබලාට සහතිකයක් දෙනවා. අපි මහජනතාවගෙ සතයක්වත් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවෙ ඉන්න කිසිවෙක් මහජනයාගේ එක සතයක්වත් හොරකම් කරල නෑ. ඔය අය පුළුවන්නම් ගිහින් බලන්න අපේ අම්ම ඉන්න ගෙදරට. ඒ ගෙදරට අත්තිවාරම දැම්මේ රුපියල් අටදහස් පන්සීයක ණයක් අරන් 1988 අවුරුද්දෙයි. නමුත් අවුරුදු 31ක් වෙලත් තාම නිවසේ සාලෙ හදනවා. අපි මහජනයාගෙන් සතයක් හොරකම් නොකරපු මිනිස්සු. ඔබ ඕනෙනම් අපේ ජීවිත වලට එබිල බලන්නග මේ රට ගොඩනගවන්න පාලකයො හොරකම් නොකරන පාලකයො වෙන්න ඕනේ, රට ගොඩනංවන්න පාලනය හොරකම් නොකරන පාලනයක් වෙන්න ඕනෙ. හැබැයි එහෙම විය යුතු ආණ්ඩුවක් නිර්මාණය කරන්න ද`ගලන ජනාධිපති අපේක්ෂකයන්ගෙ වේදිකාවෙ වැඩිපුර ඉන්නෙ වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අයයි. නමුත් අපේ වේදිකාවේ ඉන්නෙ සතපහකවත් හොරකම් නොකරපු රුපියල් සතවලට වික්නෙන්නෙ නැති විකිණෙනවනං ලොකු ලොකු ගණන් වලට විකිණෙන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් පිරිසක්ග ඔබ මගේ ජීවිතය දිහා බලන්න, එස්. එම්. චන්ද්‍රසේන දිහා බලන්න. ඒ වගේම මහ ඇමැති වුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ඔහුගෙ මල්ලි ගැන හොයල බලන්න. ඒ අය දේපළ හොයාගත්තෙ කොහොමද කියල. අපි ජනබලවේගයෙන් ආණ්ඩුවක් හැදුවොත් පළමුව හොරකම නැතිකරනවා. දෙවනුව හොරකම් කරපු මුදල් යළි පවරගන්නවා. රවි කරුණානායකට, බැසිල් රාජපක්ෂට, ලක්ෂ්මන් කිරිඇල්ලට, කබීර් හෂීම්ට, රනිල් වික‍්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට මේ හැමදෙනාටම මැදමුලනෙන් ආදායමක් ගත්තනං ඒක ලබාගන්න අයිතියක් තියෙනවා. රනිල් වික‍්‍රමසිංහට කුරුණෑගල පොල්වත්තෙන්, බණ්ඩාරවෙල තේ වත්තෙන් ආදායම ගන්න අයිතිය තියෙනවා. රවි කරුණානායකට තමන්ගේ ව්‍යාපාරයෙන් ආදායමක් ගන්න අයිතිය තියෙනවා. ඒ ආදායම හැර මහජනතාවගෙන් හොරාගත්ත හැම සතයක්ම යළි අපි පවරගන්නවා. අද පාරේ ඉන්න පොලිසියේ මහත්තයට චෝදනා තියෙනවා නිල ඇඳුමක් ඇඳගෙන කප්පං ගන්නවා කියල. කාර්යාලවල සේවය කරන අය පයිල් එකක් අදින්න කීයක් හරි කප්පමක් ඉල්ලන්න පෙළඹිලා තියෙනවා. පොලිසියේ මහත්තයටත්, කාර්යාලයේ සේවකයාටත් ඒ දේ වෙන්න හේතුව තමයි ඔවුන්ගේ අධික ණය බරග ඔවුන් පවුල නඩත්තු කරන එකයි ඒ අමතරව හොයාගන්න මුදලින් කරන්නේග නැත්තං නිල ඇඳුමක් ඇඳගෙන තරුවක් කරේ ගහගෙන පටියක් ගහගෙන ඒ මිනිස්සු තමන්ගේ ආත්මය පීචං කරගෙන මේ දේවල් කරයිද? මේව මේ මිනිස්සු කරන්නේ ජීවත් වෙන්න බැරිම තැනයිග හැබැයි බැසිල් හොරකම් කරන්නෙත්, රවි හොරකම් කරන්නෙත්, මහින්ද හොරකම් කරන්නෙත්, ගෝඨාභය හොරකම් කරන්නෙත් ජීවත් වෙන්න බැරි නිසා නෙවෙයිග මෙන්න මේ මුදල් අපි අපේ රජයකින් ආපසු සහතික වශයෙන් ගන්නවාග අද මේ රටේ පාලකයො වෙනුවෙන් අසාමාන්‍ය මුදලක් වියදම් කරනවා. රට හැමතැනම ජනාධිපති මන්දිර තියනවා. නමුත් ඒ මන්දිරයක එක දවසක් ඔය ජනාධිපතිවරු ඉඳල නෑග නමුත් ඒ මන්දිර නඩත්තු කරන්න අසාමාන්‍ය මුදල් කන්දරාවක් වියදම් කරනවා වගේම හමුදාවේ සොල්දාදුවන් එම මන්දිර ආරක්ෂාවට යොදවල තියෙනවාග අපේ ආණ්ඩුවක් ගත්ත ගමන් අපි ඒව සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්කරල ඒව ජනතාවට විවෘත කරනවාග මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේ ඇහැව්වා ජනාධිපති කාර්ය මණ්ඩලය කීයක් ඉන්නවද කියල. එතකොට හොයාගත්ත උත්තරය තමයි 1200 ක් කියන එක. එක් අයෙකුට කැබ් එකයි රුපියල් 30000 ක තෙලූයි, රුපියල් 60000 ක වැටුපකුයි ගෙව ගෙවා අහිංසක මිනිසුන්ගේ ශ‍්‍රමය සූරාගෙන කනවාග ඔය දැං කෑ ගහන හාමුදුරුවරු කීප දෙනෙකුත් මේ අතර ඉන්නවාග හැබැයි අපි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සීයට අනූවකට වඩා අඩුකරනවා. මේ දේවල් හදන්න පටන් ගන්න ඕනෙ මුදුනින්. දැං අපේ රටේ මුදුනට හෙන ගහල තියෙන්නේ. ඒ නිසා අපි මේ පිරිසිදු කිරීම පටන් ගන්නේ මුදුනිින්ග අපි මේ රටේ අමාත්‍යාංශ දැරුව. අපි මිල්කො ආයතනයට යනකොට රුපියල් මිලියන පහක් තිබ්බේ නැති ආයතනය අපි මාස පහකින් ආපහු එනකොට මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් දාලයි ආවෙග එදා අපි මිල්කො ආයතනයට කිරිදුන්න ගොවියන්ට බෝනසුත් දුන්නා. නමුත් අද බෝනස් තියා විකුණපු කිරි ටිකට වෙලාවට මුදල් ගෙවන්නෙ නෑග අද වී අලෙවි මණ්ඩලය කෝටි ප‍්‍රකෝටි ගණනින් පාඩු ලබනවා. මෙහෙම වෙන්න හේතුව තමයි ගොවියන්ගෙන් වී අරන් ගබඩා කරල ඒ වී අඩු මුදලට මෝල් කාරයන්ට විකුණන් කනවා. මේක අද ඊයේ නෙමේ. මේක 1994 ඉඳලම පාඩු ලබන ආයතනයක්ග මහවැලි ව්‍යාපාරය ආරම්භයේදී ගොවීන්ට කීවෙ කන්න තුනක් වගා කරන්න වතුර දෙනවා කියල. මහවැලි ව්‍යාපාරයත් එක්ක අතරමැද තිබ්බ කුඩාවැව් විශාල පද්ධතියක්ම විනාශ කළා. අපේ රටේ වැව් 32000 ක් තිබුණ එයින් වැඩිපුරම වැව් තිබුණෙ අපේ උතුරුමැද පළාතේ. නමුත් දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නෙ වැව් 14000 ක් පමණයි. ඒ වැව් වලිනුත් වැව් 12000 ක් අභාවයට යමින් තිබෙනවා. මේ නිසාම අපිට කන්න තුනක් තියා එක කන්නයකුත් කරන්නේ බොහොම අමාරුවෙන්. අද පුදුම වැඬේ කියන්නේ ගොවියගේ අස්වැන්නේ මිල තීරණය කරන්නේ වෙළෙන්ඳා. නමුත් වෙනත් නිෂ්පාදන වල මිල තීරණය කරන්නේ නිෂ්පාදකයා විසිනුයි. එහෙමනං ඇයි අපිට දහඩිය මහන්සියෙන් වගාකරන ගොවියගෙ අස්වැන්නට මිලක් නියම කරන්න ගොවියට අවස්ථාව දෙන්න බැරි වෙලා තියෙන්නේ. මේ සියල්ලට අපි ජාතික ජන බලවේගයෙන් හො`ද විසඳුම් ලබා දෙනවා.

මකුලෑව - ලේකම්ගේ අනුර, තඹුත්තේගම සී. එම්. ආරියපාල, තලාව - වසන්ත බණ්ඩාර කළුආරච්චි

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles