Divaina - පොහොර නොමිලේ - ගොවි ණය කපා හරිනවා ගෝඨාභය අනුරපුරයේදී කියයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

රට සහලින් ස්වයංපෝෂිත වනතුරු සියලූම ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබාදීමටත්, ගොවි ජනතාව ලබාගත් ණය කපාහැරීමටත් කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ ඊයේ (09 වැනිදා) පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා සංවිධානය කර තිබූ මංගල රැලියට එක්වෙමින් ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේය.

අපි බලයට ආවොත් මිලිටරි පාලනයක් ඇතිවන බවට ඇතැමුන් චෝදනා කරන බවත්, රණවිරුවන්ට නායකත්වය ලබාදෙමින් රටේ ත‍්‍රස්තවාදය නිමා කළේ ඒ මිලිටරි පාලනය බවත් ඒ මහතා කීවේය.

මේ රටට නිදහස ලබාදුන් රණවිරුවන් වත්මන් රජය සිරගත කළ බවත් අපේ රජයක් යටතේ එම රණවිරුවන් නිදහස් කරන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

බිය සැක නැති රටක් අතමිට ඇති හෙටක් බිහි කරන බව කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා විනයගරුක සමාජයක් ගොඩනඟමින් අපේ අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සමාජයක් ඇති කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය - ලසිත දුමින්ද සහ අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles