Divaina - ශ‍්‍රීලනිපයේ සහයෝගය පොහොට්ටුවට - නිමල් සිරිපාල ද සිල්වා කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

කොන්දේසි කිහිපයකට යටත්ව පොදුජන පෙරමුණට සහයෝගය ලබා දෙන බවත් ඊට අදාළ ගිවිසුම් තුනක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (9 දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පළාත් සභා ආයතන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පොදුජන පෙරමුණ සමග ගිවිසුමක්ද ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ගිවිසුමක්ද දොපර්ශ්වය ඇති කර ගැනීමට නියමිත සන්ධාන සඳහා ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිත බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

පොදුජන පෙරමුණ සම`ග ඇතිකර ගැනීමට නියමිත සන්ධානය හරහා ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණය පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පුටුව ලකුණින් තරග කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා සඳහන් කළේය.

එම අවබෝධතා ගිවිසුම් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සියලූ දෙනාගේ එක`ගතාව මත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය ඒ සඳහා ලැබුණු බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධවී කටයුතු කිරීමට තීරණය කළ බවත් හෙතෙම කියා සිටියේය.

සන්ධානය ගොඩනැගීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් පාක්‍ෂිකයන්ගේත් සියලූම මන්ත‍්‍රීවරුන්ගේ අනන්‍යතාව හා දේශපාලන අනාගතය සුරක්‍ෂිත කිරීම මෙම අවබෝධතා ගිවිසුම් මගින් ඇතිකර ගත් බව කී ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා පුද්ගලයෙකු ජයග‍්‍රහණය කිරීමට වඩා රටේ ජාතික ආරක්‍ෂාව, බුදුදහමට ප‍්‍රථමස්ථානය ලබාදීම සියලූ ජාතීන්ට ආරක්‍ෂාව ලබාදීම ඇතුළු කාරණා එම අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති බවද හෙතෙම කීවේය.

ආර්ථිකය ඉහළ දැමීම, පිරිසිදු පාලනයක් ඇතිකිරීම මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඉදිරියට ගෙන යෑම, පාතාලය මර්දනය කිරීම, රටේ ජාතික ආරක්‍ෂාව ඇති කිරීම, ඇමැති මණ්ඩලය තිහකට සීමා කිරීම සහ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අමාත්‍යාංශ වෙන්කිරීම ඇතුළු යෝජනා මාලාවක් සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග ඇතිකර ගන්නා ගිවිසුම හරහා එක`ගතාවට පැමිණීමට නිමිත බවද හෙතෙම සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රතිපත්ති මාලාව තුළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපතිවීමෙන් පසු කටයුතු කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් මෙන්ම සියලූම මහජන නියෝජිතයන්ට අසාධාරණයක් නොවන ලෙස ආරක්‍ෂාව සහ රැකවරණය ලබා දෙනු ඇති බවට සිය පක්‍ෂය පූර්ණ විශ්වාසයකින් සිටින බවද ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles