Divaina - ඇප ප‍්‍රතික්‍ෂේප වන අපේක්‍ෂකයින්ගෙන් විශාල දඩ මුදලක් අයකර ගැනීමට පැෆරල් නීති සකසයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

චමින්ද සිල්වා
 
pafa ජනාධිපතිවරණයේදී ඇප මුදල් ප‍්‍රතික්ෂේප වන අපේක්‍ෂකයන්ගෙන් විශාල දඩ මුදලක් අයකර ගැනීමට හැකිවන සේ නීති සකස් කිරීමට පැෆරල් සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (08 වැනිදා* පැවසීය.
 
 මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමට නීතිඥයන් සමග සාකච්ඡුා කරමින් සිටින බව කී ඒ මහතා අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කර අවසන් තීරණයකට එළැඹීමට අදහස් කර සිටින බව ද පැවසීය.
 
 ඒ මහතා වැඩිදුරටත්් මෙසේ ද කීය,
 
 ඕනෑම පුරවැසියකුට දේශපාලන මතයක් ඇතිව තරග කරන්න මානව අයිතිවාසිකමක් තිබෙනවා. නමුත් ඇතැම් පිරිස් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වන්නේ වෙනත් අරමුණු ඇතිව බව පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් විදේශ ගතවීම්වලදී ඇතුළු නොදකින වරප‍්‍රසාද ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වුණාම ලැබෙන බව ඔවුන් දන්නවා.
 
 ගිය ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේ නම්වලට සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටියා. මෙවර ඉන් එහාට ගොස් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් 35 ක් ඉදිරිපත් වී සිටිනවා. මේ පිරිස අතර කිහිපදෙනෙක් මෙවැනි මැතිවරණවලට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ගුවන් කාලය තුළ කතා කිරීම ඇතුළු නොයෙක් වරප‍්‍රසාදවලට එය සිදුකරන බව පෙනී ගොස් තිබෙනවා. මැතිවරණ අවසන් වුණාම අපේක්‍ෂකයාට වාසිසහගත ලෙස කතා කළ අපේක්‍ෂකයාට සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබාදීම් දක්නට ලැබුණා.
 
 ඒ වගේම මෙවර අපේක්‍ෂකයන් 35 ක් ඉදිරිපත් වීම නිසා ඡුන්ද ප‍්‍රතිකාව දිග වැඩි වී තිබෙනවා. මෙය ඇතැම් වයෝවෘද්ධ අයට ඡුන්ද ප‍්‍රකාශ කිරීමේදී ගැටලූවක් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා මේ සියලූ කාරණා අධ්‍යයනය කර මෙවර මැතිවරණයෙන් පසු ජනාධිපතිවරණයකදී දෙවරකට වැඩි ගණනකදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වී කටයුතු කළ ආකාරය අධ්‍යයනය කිරීම ඇතුළු කරුණු රැුසක් සම්බන්ධයෙන් අධ්‍යයනය කර නීති සකස් කිරීමට අපි මැදිහත් වී කටයුතු කරනවා. විශේෂයේ ඇප ප‍්‍රතික්ෂේප වන අපේක්‍ෂකයන්ගෙන් විශාල දඩ මුදලක් අයකර ගැනීමට කටයුතු කරනු ලැබුවහොත් ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ප‍්‍රමාණය අඩුකර ගන්න හැකිවෙයි කියලා හිතනවා. ඒ නිසා මෙය ඊළඟ ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාවට නංවන්න අවශ්‍ය පියවර ගැනීමට අප මූලික වී කටයුතු කරනවා.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles