Divaina - නායාරු ගුරුකන්ද විහාරයේ අයිතිය නීරාවිඅඩි ගණදෙවි කෝවිලට ඉල්ලා පෙත්සමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


  දිනසේන රතුගමගේ
 gurus
 මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධයන්ට අයත් නොමැති නිසා එහි අයිතිය නායාරු නීරාවිඅඩි
 
 ගණදෙවි කෝවිල වෙත පවරන ලෙස ඉල්ලා 7 වැනිදා කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් වවුනියාව මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු යොදා තිබේ.
 
 ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් එහි වැඩ වාසය කළ කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමින්වහන්සේ විසින් වවුනියාව මහාධිකරණය වෙත ගොනු කොට තිබූ නඩුව උන්වහන්සේගේ අපවත් වීමත් සමගම හමාර වූ අතර ඒ නඩුව අවසන් වීමත් සමගම එහි අයිතිය ගණදෙවි කෝවිලට ලබාදෙන මෙන් ඉල්ලා සිටීමට කෝවිල් භාරකාර මණ්ඩලය සූදානම් වෙයි.
 
 මේ වෙනුවෙන් ඔවුන් වවුනියාව මහාධිකරණයට අයිතිවාසිකම් පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම් අතර ඔවුන් පසුගිය සතියේදී එම කෝවිලේ අයිතිය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට තිබේ.
 
 ඔවුන් කියා සිටින්නේ ගුරුකන්ද විහාරය බෞද්ධයන්ට අයත් බව ඔප්පු කිරීමට කිසිම ලියැවිල්ලක් මේ දක්වා මුලතිව් හෝ වවුනියාව අධිකරණවලට ඉදිරිපත් කිරීමට ඒ පාර්ශ්වයට නොහැකි නිසා යළිත් මහජන කැළඹීමක් ඇති වීමට පෙර එම ස්ථානයේ අයිතිය නීරාවිඅඩි ගණදෙවි කෝවිලේ පිරිසට ලබාදෙන ලෙසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles