Divaina - ජනාධිපතිවරණ ඡන්ද පත‍්‍රිකාව අඟල් 26 ක් දිගුවේ

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 සුජීව තත්සර
 
 ඉදිරි ජනාධිපතිවරණය සඳහා භාවිත කරන ඡුන්ද පති‍්‍රකාව ඉතිහාසයේ දිගම ඡුන්ද පත‍්‍රිකාව වන අතර එය අඟල් 26 ක් (අඩි 2 යි අඟල් 2 ක්* පමණ වනු ඇත.
 
 අදාළ ඡුන්ද පත‍්‍රිකාව සහ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්‍ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡුන්ද පොළ නියෝජිතයන් 70 ත් ගණනය කිරීමේ නියෝජිත සංඛ්‍යාව ද 175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම කොමිසම සඳහන් කරයි.
 
 අපේක්‍ෂකයන් වැඩිවීම නිසා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට දැරිය යුතු වියදම ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් කෝටි 500 කට සීමා කර ගැනීමට උත්සාහ කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.
 
 හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී ඊයේ (08 දා* මුද්‍රිත මාධ්‍ය ප‍්‍රධානීහු හමුවූ අවස්ථාවේදීය.
 
 මෙම තත්ත්වය යටතේ ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීමට සිදුවීම හෝ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි මෙරටට ගෙන්වීම, ඡන්ද පොළවල් නැවත පරීක්‍ෂා කොට වඩාත් ඉඩ පහසුකම් සහිත විකල්ප ස්ථාන කරා යෑමට සිදුවීම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නාමිකව පරීක්‍ෂා කර ඉඩ පහසුකම් සහිත ස්ථාන වෙත යොමුවීම, ඡුන්ද පෙට්ටි ප‍්‍රමාණය වැඩිවීම, ඡුන්ද පොළ කාර්ය මණ්ඩල වැඩිකිරීම සහ සහාය කාර්ය මණ්ඩල වැඩිකිරීම, විදුලිය, ජලය, දුරකථන වැනි පොදු පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් හේතුවෙන් මෙවර ජනපතිවරණය වෙනුවෙන් වියදම් කිරීමට අපේක්‍ෂා කර සිටී.
 
 ඇස්තමේන්තු ගත මුදල් ප‍්‍රමාණය ඉක්මවා යමින් වැඩි වියදමක් සිදු කිරීමට සිදුව ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.
 
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles