Divaina - වන්නි මෙහෙයුම ද්‍රවිඩ සමූල ඝාතනයක් ලෙස නම් කරන්නැයි බි‍්‍රතාන්‍ය මැති සබයට යෝජනාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 වන්නි මෙහෙයුම ද්‍රවිඩ සමූල ඝාතනයක් ලෙස නම් කරන්නැයි ද්‍රවිඩයන් සඳහා වූ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක පෝල් ස්කලි පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
 
 වන්නි මෙහෙයුමට සම්බන්ධ වූවන්ට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා ඔවුන් ඊට වගකිවයුතු බව දක්වන පෝල් ස්කලි මුල්ලවයික්කාල්හි සිදුවූයේ සමූල ඝාතනයක් බවත් තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
 
 බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර බොබි ඒ. බ්ලැක්මන් ද ප‍්‍රකාශයක් කරමින් යුද අපරාධ සිදුකළ පිරිසට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේදී කරුණු දැක්වීමට සිදුවන බවද සඳහන් කර ඇත.
 
 මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින කොටි හිතවාදී මන්තී‍්‍රවරුන් පිරිසකගේ සහාය මතය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles