Divaina - දෙකෝටි පනස් හතර ලක්‍ෂයක අයිස් තොගයක් සමග අම්මයි දුවයි කටුනායකදී දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කටුනායක - ටී. කේ. ජී. කපිල
 
 iceරුපියල් දෙකෝටි පනස් හතර ලක්‍ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක සහ දියණියක පෙරේදා (07 වැනිදා*... 04-පිටුවට
 
 රාත‍්‍රි කටුනායක ගුවන්තොටුපළට පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
 
 මොවුන් දෙදෙනා ඉන්දියාවට ගොස් රෙදිපිළි මෙරටට රැුගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයන් වන අතර මෙහි අම්මා වත්තල ප‍්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇයගේ දුව 36 හැවිරිදි කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචිකාරිනියකි.
 
 ඔවුන් දෙදෙනා 10/07 දින රාත‍්‍රී 10.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. - 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
 ඔවුන් විසින් රැුගෙන ආ ගමන් මලූවල තිබූ රෙදි පිළි අතර වූ සිවිලිම් විදුලි පංකා අඩංගු පෙට්ටි දෙකක සහ එහි මෝටර් කොටස අඩංගු පෙට්ටි තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය දෙදෙනා විසින් සඟවා ගෙන තිබුණි.
 
 එහිදී අම්මා විසින් රුපියල් එක් කෝටි පනස් ලක්‍ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 500 ක් ද දුව විසින් රැුගෙන ආ විදුලි පංකාවේ මෝටරය අඩංගු පෙට්ටිය තුළ රුපියල් එක් කෝටි හාර ලක්‍ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 40 ක් ද සඟවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 
 මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්‍ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ රාජිකා ගන්කේවෙල මහත්මියගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන කේ. එච්. පී. කුමාරසිරි, අමිතා දොඩන්වෙල සහ එම්. විමලසේන, රේගු අධිකාරීවරුන් වන එරික් පෙරේරා, ටී. ලෝගනාදන්, බර්නාඞ් සුමිත්, ලාල් සිල්වා, රුද්‍රිගු, සහකාර රේගු අධිකාරීවරුන් වන මනුල ධර්මරත්න, ශ‍්‍රී ලාල් විජේවර්ධන, චන්නක වේලාරත්න, රාජිත සිල්වා, මාධව වීරක්කොඩි, අනුප‍්‍රිය ගුණවර්ධන, කුෂ්ලානි පෙරේරා, බුද්ධික දිසානායක සහ ආර්. එම්. රෂීන් යන නිලධාරීහු පිරිසක් විසින් සිදුකරමින් සිටිති.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles