Divaina - 2016 සිට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රු. කෝටි 5223 ක වියදමක්.... කෝප් කමිටුවේදී හෙළිවේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා
 
e කෙරවලපිටිය, සාම්පූර් සහ නොරොච්චෝල විදුලි බලාගාරවලින් අපේක්‍ෂිත විදුලි උත්පාදනයක් සිදු නොවූ නිසා හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා 2016 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 5223 ක මුදලක් වැය වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේදී ඊයේ (08 දා* අනාවරණය විය.

2016 වසරේදී රුපියල් කෝටි 856 ක් ද 2017 වසරේදී රුපියල් කෝටි 1940 ක් ද 2018 වසරේදී රුපියල් කෝටි 1158 ක් ද ලෙසින් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා මුදල් වැය වී ඇති බව ද අනාවරණය විය.
 
 මෙම වසරේ ජනවාරි මස සිට ජූලි මස දක්වා සිදුකරන ලද හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1267 ක් ලෙස ද එහිදී අනාවරණය විය.
 
 විදුලි ජනන සැලැස්වීමට පිටින් හදිසි විදුලි මිලදී ගැනීම් කිරීමේදී මෙම මුදල් වැය වී ඇති බව ද අනාවරණය විය.
 
 සාම්පූර් සහ නොරොච්චෝල බලාගාරවලින් අපේක්‍ෂිත විදුලි සැපයුම නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවේ ඊයේ (08 දා* ප‍්‍රකාශ කළේය.
 
 කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කෝප් කමිටුව රැස්විණි.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles