Divaina - අද ගෝඨාගේ අනුරාධපුර ප‍්‍රචාරක රැලියට ශ‍්‍රීලනිප බහුතරයක් එක්වෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අනුර බාලසූරිය
 
 pohitsශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා අනුරාධපුරයේදී අද (9දා* පැවැත්වෙන මංගල රැලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත‍්‍රීවරු බහුතරයක් නිසැක වශයෙන්ම එක්වන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (8දා* පැවසීය.
 මෙයට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද විශාල පිරිසක් ද ඊට එක්වනු ඇතැයිද සඳහන් කළේය.
 
 ඉන්පසු දිස්ත‍්‍රික්ක මට්ටමින් පැවැත්වෙන රැලිවලදී ඒ ඒ දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ශ‍්‍රී. ල. නි ප. පළාත් පාලන මන්ත‍්‍රිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිතය.
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කළ යුතු බවට ශ‍්‍රී. ල. නි. ප මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයට අනුව එම මන්ත‍්‍රීවරු මෙලෙස එක්වෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැලිය අද (9දා* පස්වරු 2 ට අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
 මෙම මංගල රැලියට හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, යන මහත්වරුන් ප‍්‍රධාන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයෝ සහභාගි වෙති.
 
 ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝසමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පස්වරුවේ පැවැත්වෙන ජන රැලියට එක්වනු ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles