The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

p1 5බැඳුම්කර පරීක්‍ෂණ නැවැත්විය යුතු බවට බලවත් අයත් කියා ඇතැයිද ඒ නම් ප්‍රකාශ කළ හැකි නමුත් තමා ඒවා හෙළිනොකරන බවද කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අර්ජුන් ඇලෝසියස්‌ මහතා දුරකථනයෙන් කතා කර පසුව හමුවූ අවස්‌ථාවේදී කොමිසමේ පරීක්‍ෂණවලින් ... 04-පිටුවට

බැඳුම්කර

මහේන්ද්‍රන් සහ ඇලෝසියස්‌ යන දෙදෙනාම වැරදිකරුවන් වන නිසා තමාට උදව් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා කියා සිටියේය.

අර්ජුන් ඇලෝසියස්‌ තමා හමු වුවද ඔහු ආරක්‍ෂා කිරීමට කෝප් කමිටුවේදී වචනයක්‌ හෝ කතා නොකළ බවද ඒ බව කෝප් කමිටුවේ පටිගත කළ වාර්තාවල ඕනෑම කෙනකුට බලාගත හැකි බවද ඊයේ (22 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ බැඳුම්කර ගනුදෙනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්‌ බැවින් ඒ පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට කෝප් කමිටු සාමාජිකයන් ඇලෝසියස්‌ මහතා සමග කතා කිරීම වඩා සුදුසු බවයි.

කෝප් කමිටුවේ සභාපතිවරයා නම් ස්‌වාධීනව සිටිය යුතු බවද තමාට හිතෙන හිතෙන කතා කීමට ඔහුට නොහැකි බවද ඇමැතිවරයා කීය. බැඳුම්කර වංචාව පිළිබඳ තමාට අවබෝධයක්‌ ලබා ගැනීමට මෙරට සිටින ප්‍රබලම ආර්ථික විශ්ලේෂකයන් දෙදෙනකු හමු වුවද ඔවුන්ටත් එය පැහැදිලිව කීමට නොහැකි වූ බව ඇමැතිවරයා පැවැසීය.

බැඳුම්කර වංචාව සෙවීමට ජනාධිපති කොමිසම පත් කිරීමට පෙර ඒ පිළිබඳ විදෙස්‌ විශේෂඥයන් ගෙන්වා පරීක්‍ෂා කර උපදෙස්‌ ලබා ගැනීමට තිබූ බව කී රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ කොමිසමෙන් කතා කළේ ගෙවල් ගත්තු ඒවායි. කෝල් ගත්තු ඒවායි, කාපු බීපු ඒවා ගැන විතර යෑයිද කියා සිටියේය. අපිට කළ යුතුව තිබුණේ රටේ ආර්ථිකයට බැඳුම්කර වංචාවෙන් සිදුවූ හානිය සෙවීම බවද හෙතෙම කීය.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කිරීමට මුලින්ම විරුද්ධ වූයේ තමා යෑයිද දිගින් දිගටම විරුද්ධ වුවද තමාගේ අමාත්‍යාංශයේ පත්වීමක්‌ නිසා එය බලා ගන්නම් යෑයි අගමැතිවරයා කී නිසා තම නිහඬ වූ බවද සේනාරත්න මහතා කියා සිටියේය.

රනිල් ධර්මසේන

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles