Divaina - පදවි දිය යුත්තේ සමාජයට යුතුකම් ඉටුකළ කෙනකුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

 සිරිල් විමලසුරේන්ද්‍ර - සමන්තී වීරසේකර
 
karuu135නායකත්වයක්‌ හෝ පදවි තානාන්තරයක්‌ ලබා දිය යුත්තේ සමාජයේ උන්නතිය සඳහා යුතුකම් වගකීම් ඉටුකළ පුද්ගලයකුට පමණක්‌ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
 
 අද රටේ පවතින සමාජ පිරිහීම දුටු විට එය වළක්‌වාලීම පිණිස රජයත් පොලිසියත් කටයුතු කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බවත් නිරන්තරයෙන් සංඝරත්නයේ ආශිර්වාදය සහ මඟපෙන්වීම අවශ්‍ය බවත් කථානායකවරයා කීවේය.
 
 හෙතෙම මේ බව කියා සිටියේ උඩරට අමරපුර මහා නිකායේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ මහෝපාධ්‍යාය ශාස්‌ත්‍රපති පණ්‌ඩිත නියංගොඩ සමිද්ධිමංගල මහා ස්‌ථවිරයන් වහන්සේ වෙත සන්නස්‌පත්‍ර පිරිනැමීමේ උත්සව අවස්‌ථාවට සහභාගි වෙමිනි.
 
 එහිදී කථානායකවරයා මෙසේ ද පැවසීය.
 
 සමාජයේ අද ඇතිව තිබෙන පිරිහීම දුටුවිට විශාල වේදනාවක්‌ දැනෙනවා. දරුවෝ තම දෙමාපියන් මරනවා. දෙමවුපියන් දරුවෝ මරනවා. පසුගිය දින කිහිපය තුළම අසන්නට දකින්නට ලැබුණේ අති දරණු මිනීමැරුම්. සුරාව, සූදුව, කුඩු සංස්‌කෘතියක්‌ දැන් රටේ ඇතිවෙලා. මේ අය හරිමගට ගැනීමට නම් සංඝරත්නයේ මඟපෙන්වීම අවශ්‍යයි. අපි ප්‍රාර්ථනා කරන්නේ යහ සමාජයක්‌. මෙයට වසර පනහකට පෙර රටේ යහ සමාජයක්‌ තිබුණා. එවිට ගම මූලික කරගෙන යහගුණ පැතිරුණා. මූලිකත්වය ගත්තේ ගමේ පංසලේ නායක හාමුදුරුවෝ ඇතුළු සංඝරත්නය. ගමේ විනය ආරක්‌ෂා වන විට රටේ විනය ආරක්‌ෂා වුණා. එකිනෙකාට උදව්කරගත්තා. අද විවිධ බලපෑම් මත මේ තත්ත්වය නැතිවෙලා. වාණිජ සමාජයක්‌ ගොඩනැඟුණු විට රට පිරිහෙනවා. මුදල් මතම යෑපෙන සමාජයක්‌ ගොඩනැඟෙනවා.
 
 අද ලෝකයේ බෞද්ධ දර්ශනයට ලොකු ඉල්ලුමක්‌ ඇතිවෙලා තිබෙනවා. රාජ්‍ය නායකයෝ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ බුද්ධාගමේ දර්ශනය සොයා යනවා. අද වනවිට ලෝකයේ ප්‍රධානීන් බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරනවා. උදාහරණයක්‌ විදියට ඇමරිකාවේ හිටපු ජනාධිපති භාවනා කරමින් බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නවා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා එක සිතින්ම කියා සිටින්නේ ඉන්දියාව කියන්නේ බුදුන්ගේ දේශය කියායි.
 
 ලංකාවට බුද්ධ දර්ශනය කියා දෙන්න උගත් බුද්ධිමත් බෞද්ධ නායකයෝ පිරිසක්‌ සිටිනවා. මේ නිසා රටේ අයහපත දුරලන්න ඉතාම පහසුයි. අපි අද බුදුන් වහන්සේ ගිය මග යන්නේ සංඝරත්නයට ගෞවරයක්‌ කරමින්.
 
 නමුත් ඇතැම්විට මේ චීවරය දරාගෙන සිටින තරුණ කොටස්‌ බොහොම ආවේගශීලීව කෑමොර දෙමින් සමාජයේ කෑගහනවා අපට පෙනෙනවා. රැවුල් වවාගෙන සිවුරට අගෞරව වන විදියට හැසිරෙන අවස්‌ථා බොහොමයක්‌ අපි දකිනවා. මේවා වළක්‌වා ගැනීම ගරුතර සංඝරත්නයේ නායක හිමිවරුන්ගේ යුතුකමක්‌, වගකීමක්‌.
 
 මෙම අවස්‌ථාවේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ අනුශාසනාවක්‌ කළහ.
 
 සන්නස්‌පත්‍ර ප්‍රදානෝත්සවය රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී බෝධිමළු මහා විහාරාධිකාරි කඩවත්සතර සහ ගඟවට කෝරළයේ ප්‍රධාන ලේඛකාධිකාරි (උතුර) පූජ්‍ය වරකාපිටියේ සරණ ස්‌වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පසුගිය 19 දා පැවැත්විණි.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles