Divaina - පොලිසියේ 58 ක්‌ අල්ලන්න යස්‌මින් සුකා ලෝක දැලක්‌ එළයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 sukana133ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 58 දෙනකු විදේශයන්ට පැමිණියහොත් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා ඊයේ (20 වැනිදා) මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 47 ක්‌ වෙතින් ඉල්ලීමක්‌ කර ඇත.
 
 මෙම පොලිස්‌ නිලධාරීන් වධකයන් බවත් ඔවුන්ට එරෙහිව සාක්‌ෂිකරුවන් 73 දෙනකු සාක්‌ෂි ලබාදී ඇති බවත් දන්වමින් ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ රහස්‌ වාර්තාවක්‌ මගිනි.
 
 මෙම පොලිස්‌ නිලධාරීන්ට එල්ලවී ඇති බරපතළම චෝදනාව වන්නේ කෲර වධ හිංසා පැමිණවීමේ චෝදනායි. ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ මින් පෙර මෙවැනි විශාල සංඛ්‍යාවකට මේ ආකාරයේ චෝදනා එල්ලවී නැත.
 
 මේ නිසා මෙම නිලධාරීන් විදේශගත වුවහොත් ඔවුන් යුද අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමේ අවදානමක්‌ පවතියි.
 
 මෙලෙස චෝදනා එල්ලවී ඇති නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් සහ පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන් සිටින බව අනාවරණය වෙයි.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles