Divaina - දිනන ගෝඨාට ඇප තැන්පත් කළා.... ඇප නැතිවෙන එජාප අපේක්‍ෂකයාත් එවන්න...! විමල් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

 

apa444

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අයුරු.
 
 ඡායාරූපය - කමල් බෝගොඩ
 කමල් බෝගොඩ
 
 දිනන අපේක්‍ෂකයාට ඇප තැන්පත් කළා හැකි ඉක්‌මනින් ඇප අවලංගු වන එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නට යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (20 දා) මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී කීවේය.
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඊයේ (20 දා) විමල් වීරවංශ මහතා එසේ කීවේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාලන ලේකම් රේණුක පෙරේරා යන මහත්වරු ඇප මුදල් තැන්පත් කළ එම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ ද එක්‌වූහ.
 
 මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.
 
 ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් තමයි අද අපි ඇප තැන්පත් කළේ. අපි මේ විදියට දවසින් දවස ක්‍රියාශීලීව අපේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ක්‍රියාත්මක කරනකොට අපේ ප්‍රතිවාදියා වන එක්‌සත් ජාතික පක්‍ෂයට අත්වෙලා තියෙන ඉරණම බලන්නකො. අපි අපේ අපේක්‌ෂකයා දිනවීමට ජන රැලි තියෙන කොට එ. ජා. ප. ය ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ හොයාගන්න රැස්‌වීම් තියෙනවා. මොන තරම් කරුමයක්‌ ද මේක කියලා එක්‌සත් ජාතික පාක්‍ෂිකයෝ අපිත් එක්‌ක කියනවා.

 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles