Divaina - නෙළුම් කුලූන ගැන බොරු බේගල් ගෙතීම සුදුසු නැහැ - පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p11 2සංචාරක ආකර්ෂණය දිනාගත හැකි රටට ආදායම් මාර්ගයක් ගෙනදෙන නෙළුම් කුලූන වැනි ව්‍යාපෘතියක් වැරදි තොරතුරු මත අවතක්සේරු කිරීමට ප‍්‍රලාපයක් ගෙතීම නුසුදුසු දෙයක් යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවසීය.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) පැවති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මෙසේද කීය.

සාධාරණ, නිදහස් මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අංගයකි. අද ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනකතා කරන එජාපය ඡුන්ද කල් දැමීමේ උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට සම්බන්ධවී සිටිනවා. මේ වන විට දැන ගැනීමට ලැබී තිබෙනවා ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට දින නියම කර තිබෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පුද්ගලයන් තිදෙනකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡුන්ද දායකයන්ගේ හැසිරීම පිළිබඳව මනා අධ්‍යයනයක් කළ හැකි මැතිවරණයක් බවට අනිවාර්යෙන්ම පත්වෙනවා. මෙය වැළැක්වීමට පුද්ගලයන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. මෙහි පිටුපස සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන එක්සත් ජාතික පක්‍ෂයයි.

එමෙන්ම තේරීම් භාර නිලධාරි ලෙස කටයුතු කරන ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා මාරු කිරීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇති බවද අපට දැන ගැනීමට ලැබී තිබෙනවා. ඒ වගේම ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවද අපට දැන ගැනීමට ලැබී තිබෙනවා.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කණ්ඩායම ඉදිරිපත් කරන අරමුණුවලට එකඟ නොවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අප ඉල්ලා සිිටිනවා. මේ අයගේ ප‍්‍රධානම අරමුණ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්දය ජනාධිපතිවරණයට පෙර නොපැවත්වීමයි. එම ඡුන්දයෙන් මේ රටේ ඡුන්ද දායකයාගේ හැසිරීම රටේ ජනතාවට දැන ගැනීමට ලැබෙන නිසා එම මැතිවරණයට ආණ්ඩුව බියවී තිබෙනවා.

එජාපය අද ඉතා බරපතළ ප‍්‍රශ්න ගණනාවකට මුහුණදී තිබෙනවා. එකක් ඔවුන්ගේ පරාජය හොඳට දැනී තිබීමයි. ජනාධිපති අපේක්‍ෂකයෝ තුන් දෙනෙක් පිළිබඳව එජාපය කතා කරනවා. සමහරු අලූත් විදියට ගොඩනැෙඟන්න උත්සාහ කරනවා. සමහරු නායකයා නිර්දය ලෙස විවේචනය කරනවා. මේ තත්ත්වය තුළ එජාපයේ නායක රනිල් අගමැතිවරයා ඉන්නේ හරියට අර ලෙව්කේ මැතිඳු අද තනියම වෙළමැද්දේ වගේ. ඔහු පක්‍ෂ නායක වුණාට තීන්දුවක් ගැනීමට නොහැකිව අකර්මන්‍යවී සිටිනවා.

බොරු ගණනාවක් කියලා බලයට ආපු ආණ්ඩුවක්. එක පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරනවා කියල ඇවිත් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළලීමට කි‍්‍රයාකර තිබෙනවා. නිරවුල් පිරිසිදු යහපාලනයක් ගෙන එන බව කියපු මේ ආණ්ඩුව ගුජුප්සාජනක ලෙස වංචා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා.

නෙළුම් කුලූන ඉදිකිරීමේදී කෝටි 200 ක් අතුරුදන් බවට ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශයක් කළා. මේ වසරේ අගෝස්තු මාසයේ නිකුත් කරපු විගණකාධිපති වාර්තාවේ මේ පිළිබඳව කිසිදු දෙයක් සඳහන්වී නැහැ. මේ පිළිබඳව කෝප් කමිටුවෙත් සාකච්ඡුා වුණා. ඒ එක තැනකවත් මෙවැනි වංචාවක් පිළිබඳව හෙළිවී නෑ. කෝප් කමිටුව කියන්නෙත් එහි ඉදිකිරීම් ප‍්‍රමාද වීම නිසා සිදුවූ පාඩුව ගැන. ඒ වගේ උපදේශනය ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් දෙදෙනෙක් නියමිත ප‍්‍රමාණයට වඩා වැටුප් ලබා ගැනීම පිළිබඳව කෝප් කමිටුවට වාර්තා කර තිබෙනවා. ඒ හැර බිලියන 200 ක් අතුරුදන් වීමක් හෝ වෙන දෙයක් ගැන කෝප් කමිටුව කතා කරන්නේ නෑ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා-

ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා එජාපය තුළ කලල්කා ගැනීමක් ඇතිවෙලා. ඒ අය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්‍ෂණයක්ය ඒ අය පෙන්වන්නේ කියලා. නමුත් ඊළඟට නිදහසට කරුණු අහලා ලිපි නිකුත් කරනවා. නැතිනම් සාමාජිකත්වය තහනම් කිරීමට යනවා. ඒකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල අපි ඒ අයගෙන් අහනවා. ඔවුන් තුළ ඇතිවී තිබෙන ආරවුල වසන් කර ගැනීමට නොයෙක් දේවල් කියනවා.

අද වන විට එජාපය දෙතුන් පැත්තකට බෙදී වාද කර ගන්නවා. එජාපය ජනාධිපතිවරණ පරාජයෙන් බේර

ගන්නේ කොහොමද කියලා හිතන්න පටන් ගන්න. ඒ බේරා

ගැනීමේ මාර්ගය පිළිබඳවයි අර්බුදය ඇතිවී තිබෙන්නේ. මේ අය අතර තිබෙන බෙදීම පරාජයෙන් බේරීමේ මාර්ගය පිළිබඳ බෙදීමයි. අපට කවුරු ඉදිරිපත් වුණත් එකයි.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ වෙලාවේ දුන් පොරොන්දුව ඉටුකරන ලෙසයි අද මේ රණවිරුවෝ උපවාසකරන්නේ. මෙය හංසයා මෙහෙයවපු සියලූ බලවතුන් 2015 වූ පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉටුනොකර ඊට වෙනස් ස්ථාවරයක් ගැනීමට එජාපයට පුළුවන්ද? ඔවුන්ට පුළුවන්. මොකද එජාපය හැමදාම කර තිබෙන්නේ පොරොන්දු කඩ කිරීමයි.

යහපාලන ආණ්ඩුවේ ¥ෂණ සෙවීමට කොමිසමක් දැමීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිය පිරිනැමෙනවා. එමගින් හෙළිවෙන කරුණු බැලූවම ඒකම ඇති මේ ආණ්ඩුවට චෝදනා පත‍්‍රයක් හැටියට. ඒ වගේම බැංකුවලට විභාග නොපවත්වා බඳවා ගැනීම් කර තිබෙනවා. ඊළඟට අඩුම ටෙන්ඩරය නොදී වැඩිම ටෙන්ඩර් භාරගෙන ආණ්ඩුව වැඩි වියදම් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෘෂිකර්මාන්ත අමාත්‍යාංශ ගොඩනැඟිල්ල පිළිබඳව අගමැතිවරයා එකක් කියනවා. හිටපු විෂය භාර ඇමැතිවරයා තවත් දෙයක් කියනවා. අගමැතිවරයා කියනවා මම නෙවෙයි එවකට හිටි විෂය භාර ඇමැති මේක කළේ කියලා. හිටපු ඇමැතිවරයා කියනවා ඔහු නෙවෙයි අගමැති කියලා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා-

ජනාධිපතිවරණයට අපි අපේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරලා මේ වන විට රට පුරා දැවැන්ත දේශපාලන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. ඉතිහාසයේ පළමු වතාවට බලයේ තිබෙන පාලක කණ්ඩායමට තමන්ගේ අපේක්‍ෂකයා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. මෙවැනි ප‍්‍රශ්න මතුවන්නේ විපක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් තෝරා ගැනීමේදියි. නමුත් මෙවර ආණ්ඩු පක්‍ෂයටයි ඒ තත්ත්වය උදාවී තිබෙන්නේ. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා නායකත්වය වෙනත් කෙනෙකුට දීමට සූදානම් නැති තත්ත්වයක් පේන්න තිබෙන්නේ. ඒ නිසා ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ බරපතළ ගැටලූවක් එජාපය තුළ මතුවී තිබෙනවා. කණ්ඩායම් කිහිපයක් බෙදිලා. මේ වන විට සජිත් හොඳයි කියපු අයගෙන් වැඩි පිරිසක් රනිල් හොඳයි කියන තත්ත්වයට පැමිණ ඇති බවත් අපට පේන්න තිබෙනවා.

එක සෙන්ටි මීටරයක් ඉදිරියට තැබූ අඩිය ආපස්සට  ගන්නේ නැතැයි කියපු සජිත් අගමැතිවරයාට ආයාචනාත්මක ලිපියකින් අපේක්‍ෂකත්වය ඉල්ලනවා. ඒ වගේම කථානායකවරයත් ඉල්ලනවලූ. කොළඹ නගරය පුරා පෝස්ටර් ගහල සැප්තැම්බර් 29 නව කථානායකවරයෙක් දිවුරුම් දෙනවා කියලා. එහෙනම් ඉන්න කෙනා අස්වෙනවා ඇති. ඉන්න කෙනා අස්වෙන්නෙ ජනාධිපතිවරණයට ඒමට බලාපොරොත්තුවෙන් විය හැකියි. බරපතළ අර්බුදයක් එජාපය තුළ තිබෙනවා. මේ තත්ත්වය තුළ එජාපය දෙපලූවීම වැළැක්විය නොහැකියි. සජිත්ගේ අනාගත දේශපාලන ඉරණම තීන්දු වන්නේ කොහොමද කියා බරපතළ ගැටලූවක් මතුවෙනවා. සජිත්ට වෙන්නේ දයාසිරිට වුණ දේයි.

අනුර බාලසූරිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles