Divaina - වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් මියගොස් ඇත්තේ 3000 ක් - බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා දිවයින සමඟ විශෙෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p13 2- ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් හෙළිකළ කරුණු අනුව

වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 3000 ක් බව ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය තමා වෙත හෙළිකළ බව බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ‘දිවයින’ සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගිවෙමින් අනාවරණය කළේය.

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින නේස්බි සාමිවරයා තවදුරටත් පැවසුවේ තමා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි තොරතුරු දැනගැනීමේ කොමසාරිස්වරිය වෙතින් ලබාගෙන හෙළිදරව් කිරීමෙන් පසු කොටි 64 ක් දුරකථනයෙන් අමතමින් නුඹ කුමක් කරන්නේද යයි විමසූ බවත්ය.

බි‍්‍රතාන්‍ය සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායක ලෙසද කි‍්‍රයාකරන නේස්බි සාමිවරයා ද්‍රවිඩ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ශ‍්‍රී ලංකා හමුදාව දියත් කළ මෙහෙයුම ඇගයීමටද ලක්කළේය.

ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මරුමුවට පත්වූ බව බි‍්‍රතාන්‍ය රජය පිළිගත්තා. එහෙත් ඊට සාක්‍ෂි කෝ. මා ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගෙන්ද ඒ බව ප‍්‍රශ්න කළා. යුද්ධය සමයේ ඔහු සිටියේ ශ‍්‍රී ලංකාවේ. එවැනි විශාල සංඛ්‍යාවක් මියගියේ නැතැයි ගෑෂ් පැවසුවා යයි හෙතෙම පළකළේය.

තමා ලබාගත් ලූතිනන් කර්නල් ගෑෂ්ගේ රහස් ලියවිලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කළ බව නේස්බි සාමිවරයා කියා සිටියේය.

තවදුරටත් අප සමඟ පැවැති සාකච්ඡුාවේදී ඔහු පැවසුවේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට පළවන ප‍්‍රචාර කිසිසේත් පිළිගත නොහැකි බවය.

ඇත්ත සොයාගැනීම සඳහා මේ රහස් ලියවිලි බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය විසින් ප‍්‍රකාශයට පත්කළ යුතු බවද නේස්බි සාමිවරයා අවධාරණයෙන් පළකළේය.

නේස්බි සාමි හෙළිකළ රහස් ලියවිලි මෙරට මාධ්‍ය අතරින් ප‍්‍රකාශයට පත්කළේ ‘දිවයින’ සහ ‘ඉරිදා දිවයින’ පුවත්පත් පමණකි.

කොටි ඩයස්පෝරාව එල්ල කරන මෙම ද්‍රවිඩ වැසියන් 40000 ක් මියයෑමේ සංඛ්‍යාලේඛන බි‍්‍රතාන්‍ය රජයට ලැබුණු ආකාරය එරට විදේශ කටයුතු කාර්යාලය හෙළිකර නැත.

මේ අතර නේස්බි සාමිවරයා තවදුරටත් පැවසුවේ චැනල් ෆෝ සහ එහි අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ කොටි අරමුදල් මත යැපෙන්නන් බවයි.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles