Divaina - ජනාධිපතිවරණයට පො.පෙ. සමඟ එජාප විරෝධී පක්‍ෂ 35 කට වැඩිය එකට එකතු වෙලා තියෙනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re13 1- ශ‍්‍රීලනිපය නැවත එජාපයට හේත්තු කරන්න  යනවාද කියන සැකයක් ඇතිවෙනවා
 
 ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන එක්සත් ජාතික පක්‍ෂ විරෝධී පුළුල් සන්ධානයට දේශපාලන පක්‍ෂ 35 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට ගිවිසුම් ගත වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
 
 කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (11 දා) පැවති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද  අලූත්ගමගේ මහතා මෙසේ ද කීය.
 
 මෛත‍්‍රී - රනිල් යහපාලන ආණ්ඩුවේ මූලික පොරොන්දුව යහපාලන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරපු මේ ආණ්ඩුව මැතිවරණ කල්දැමූ ආකාරය දැක්කා. පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල්දැම්මා. පළාත් සභා මැතිවරණය අද වනතුරු පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කර නැහැ. මේ ආණ්ඩුවට මැතිවරණ කියන්නේ පිස්සු බල්ලට ජලය වගේ. මැතිවරණ දිගින් දිගට කල්දැමුවා.
 
 මේ මස 15 වැනිදා සිට මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරීමට බලය ලැබෙන බව කොමිසමේ සභාපතිවරයා කියා තිබුණා. ඒ වගේම නොවැම්බර් 15 වැනිදා වනවිට ඒ ආසන්න දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් බවත් ප‍්‍රකාශ කළා.
 
 මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය කාලය පුරාම විවිධ කතා කිව්වා. ඔහු වරෙක කියා සිටියා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් ඔහුට ඉල්ලා අස්වෙන්න තරම් හිතෙනවා කියලා. නොවැම්බර් මාසය වනතෙක් බලලා ඉල්ලා අස්වෙනවා කිව්වා. දිගින් දිගටම මැතිවරණ කල්දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකරයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා චෝදනා කළා. දැන් බෝලය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතට ලැබී තිබෙනවා. බලය අතට ලැබී තිබෙන වෙලාවේ තවත් අතගගා නොසිට වහාම ක‍්‍රියාත්මක කරන්න කියලා කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
 
 මේ වනවිට ආණ්ඩුවත් රාජ්‍ය බලය පාවිච්චි කරමින් ඉතා පහත් කටයුතු කිහිපයක් කරගෙන යනවා. මේ වනවිට රාජ්‍ය බලය යොදාගෙන රාජ්‍ය ආයතන රැුසක් රැුකියා ලබාදීමේ වැඩපිළිවෙළක් හදනවා. මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ගණනාවකට 2500 ක් බඳවා ගැනීමට කටයුතු කරගෙන යනවා. කිසිදු තරග විභාගයක් නැතුවයි මේ බඳවා ගැනීම් කරන්න යවන්නේ.
 
 ඒ වගේම දුම්රිය, ගුවන් තොටුපළ අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට හත් අටදාහක් සේවකයන් බඳවා ගැනීමට මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුවෙන් මේ දිනවල කඩිමුඩියේ සම්මුඛ පරීක්‍ෂණ පවත්වමින් පත්වීම් දීගෙන යනවා.
 
 මැතිවරණයක් ළඟ තබාගෙන ආණ්ඩුව රාජ්‍ය බලය උපයෝගි කරගනිමින් කරගෙන යන මේ ක‍්‍රියාදාමය වහාම නැවැත්වීමට නම් කළ යුත්තේ මැතිවරණය ප‍්‍රකාශයට පත්කර දින නියම කර අවශ්‍ය කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එය කිරීමත් සමඟ රාජ්‍ය බලය යොදාගෙන කරන මේ සියලූ දේ නතර කිරීමට සිදුවෙනවා.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව එ. ජා. ප. විරෝධී පුළුල් සන්ධානයක් ගොඩනැඟී තිබෙනවා. මේ සන්ධානය වටා දේශපාලන පක්‍ෂ ගණනාවක් එකඟතාවන්ට පැමිණ තිබෙන අතර තවත් පක්‍ෂ ගණනාවක් සමඟ සාකච්ඡුා කරමින් එකඟතාවන්ට පැමිණෙමින් සිටිනවා. දේශපාලන පක්‍ෂ 35 කට වැඩි ප‍්‍රමාණයක් ගිවිසුම් ගතවෙමින් තියෙනවා. රජය නියෝජනය කරමින් සිටින දේශපාලන පක්‍ෂ කිහිපයක් මේ දැවැන්ත සන්ධානය සමඟ ඒකරාශීවීමට මේ වනවිට සාකච්ඡුා කරමින් සිටිනවා.
 
 අපේ පුළුල් සන්ධානය සමඟ එකතුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුගිය කාලය පුරා සාකච්ඡුා කළා. ශ‍්‍රී ල. නි. ප. යට අපේ ලොකු ගෞරවයක් තියෙනවා. නමුත් අද දයාසිරි ජයසේකර පක්‍ෂයේ ලේකම්වරයා ශ‍්‍රී ල. නි. ප. ය ගෙනයන්නේ කොහාටද? අපිට පොඩි සැකයක් තිබෙනවා ඔහු ඉටුකරන්නේ කොන්ත‍්‍රාත්තුවක් ද කියලා. ශ‍්‍රී ල. නි. ප. ය නැවත එජාපයට හේත්තු කරන්න යනවා ද කියන සැකය අප තුළ තිබෙනවා. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එතනට යන්න දෙයි කියලා මම හිතන්නේ නෑ.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එම එකතුවීමට සාකච්ඡුා මාලාවක් පැවැත්වුවා. ශ‍්‍රී ල. නි. ප. ය වෙනුවෙන් අප කැපවීම්
 
 ගණනාවක් කළා. අපි ජනාධිපතිවරණයට තරග කිරීමට හිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ශ‍්‍රී ල. නි. ප. ය ඉල්ලීමක් කළා සන්ධානයක් කරන්න කියලා. ඒ අනුව අපි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයක් බවට පත්කළා. මේ වනවිට සියලූ පක්‍ෂ සමඟ අත්සන් කරලා අවබෝධතා ගිවිසුම් ගහලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයක් හැටියටයි තරග වදින්නේ.
 
 ශ‍්‍රී ල. නි. ප. ය සන්ධානයකට එකතු කර ගැනීම පමණක් නොව අපේ සන්ධානයේ ප‍්‍රධාන තනතුරක් ශ‍්‍රී ල. නි. ප. යට ලබාදීමටත් එකඟතාවට ආවා. ඒ විතරක් නෙවෙයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ලකුණකින් තරග කරන්නත් එකඟ වුණා. එමෙන්ම ශ‍්‍රී ල. නි. ප. යේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාගේ වගකීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගත්තා. ඒ සියලූ දෙනාට නැවත තරග කරන්න ඔවුන්ට මැතිවරණ කොට්ඨාස ලබාදීමට මේ සියල්ල කිරීමට කටයුතු සූදානම් කළා.
 
 ශ‍්‍රී ල. නි. ප. යේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 95 ක් තීරණය කරල අවසන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය දීමට.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, මේ වනවිට රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන් අර්බුදයකට ගිහිල්ලා. හේතු ගණනාවක් සම්බන්ධයෙන් පරිපාලන ක්‍ෂේත‍්‍රයේ නියුක්ත 2400 කට අධික නිලධාරීන් ඊයේ පෙරේදා වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීරණය වී සිටියා. ඊට එක් හේතුවක් ගාල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයාට ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් කර තිබෙන්නා වූ බලපෑමක්.
 
 දැන් මැතිවරණ කොමිසමේ වගකීම වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාරව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම. එපමණක් නොව විවිධ ආකාරයේ දේශපාලන බලපෑම්වලට දිස්ත‍්‍රික් ලේකම්වරු හා ප‍්‍රාදේශීය ලේකම්වරු පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නොහැකියාව නිසා පසුගිය අවුරුදු හතර හමාරක් තිස්සේ විවිධ වැඩසටහන්, ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කර ඒවා රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා. නමුත් රාජ්‍ය නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ පරිපාලන රෙගුලාසි සහ මූල්‍ය රෙගුලාසි එක්කයි. එහෙම බලපෑමකට ලක්ව තිබෙනවා.
 
 දීර්ඝ කාලයක් තිස්සේ පරිපාලන සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ඉන් පහළට අතිරේක ලේකම්වරු ප‍්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය 1, 2, 3 මේ ආදී වශයෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට ගිහින් තිබෙනවා. නමුත් රජයට පුළුවන්කමක් ලැබිල නැහැ. රජයේ යාන්ත‍්‍රණය පවත්වාගෙන යන මේ කොඳුනාරටිය වන පරිපාලන සේවයේ ප‍්‍රශ්නවලට විසඳුම් දී මෙය නතර කර ගැනීමට.
 
 මේ අනුව සමස්ත රාජ්‍ය සේවයම අද අකර්මණ්‍ය වන තැනකට ගිහිල්ලා. මොකද ඊට වඩා ආණ්ඩුවේ අර්බුදය ලොකු වී තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරාගැනීමටයි අද ප‍්‍රමුඛතාව දී තිබෙන්නේ. එය තාමත් විසඳී නැහැ. එක්සත් ජාතික පෙරමුණේ අර්බුදය රටේ අර්බුදයක් බවට පත්ව තිබෙනවා. මේ සමස්ත අර්බුදයේ වගකීම එක්සත් ජාතික පක්‍ෂය භාරගත යුතුයි.
 
 දැන් 2020 ට අයවැය ලේඛනයක් නැහැ. එන්නේ අතුරු සම්මත ගිණුමක්. අප රටේ ඉතිහාසයේ 82 න් මෙපිට ජනාධිපතිවරණ තිබ්බා 6ක්. ඒ ජනාධිපතිවරණවලදී අවස්ථා එකකදී හැර අනෙක් හැම අවස්ථාවකදීම අයවැය ලේඛන ඉදිරිපත් වුණා. මැතිවරණ තිබුණා කියලා අයවැය ඉදිරිපත් කිරීමට බැරිකමක් නැහැ. මේ මුදල් ඇමැතිවරයාගේ හා ආණ්ඩුවේ නොහැකියාවයි පේන්නේ. රටේ ආර්ථික සංවර්ධන වේගය තුනෙනුත් පහළට ගිහිල්ලා. මේ තත්ත්වය තවදුරටත් ගියොත් ඍණ වීමට බැරිකමක් නැහැ.
 
 අපේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා හරහා දේශපාලනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කෙරෙනවා. එ. ජා. ප. ය හණමිටි අදහස්වල ඉඳගෙන කටයුතු කරනවා. එ. ජා. ප. යේ විනය අද පිරිහිලා. එවැනි පිරිසකට රටේ විනයක් හදන්න පුළුවන්ද?
 
 ජනාධිපතිවරයා දාපු ජනාධිපති කොමිසමට අගමැති මීඩියා යනවා. අගමැතිවරයාගේ අනුදැනුම මත දාපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා යනවා. මේක තමයි කාලාන්තරයක් තිස්සේ මේ දෙදෙනාම කළේ මෙය තව ඉදිරියට ගෙනියන්නයි එක්සත් ජාතික පෙරමුණ බලය ඉල්ලන්නේ.
 
 මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා ද අදහස් දැක්වීය.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles