Divaina - ‘ළඟම පාසල හොඳම පාසල’ තේමාවෙන් ගොඩනැඟිලි 500 ක් විවෘත කිරීම දේශපාලන ප්‍රෝඩාවක් - ලංකා ගුරු සංගමය කියා සිටී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

‘ළඟම පාසල හොඳම පාසල’ තේමා කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ගොඩනැඟිලි 500 ක් විවෘත කිරීම දේශපාලන ප්‍රෝඩාවක් යැයි ලංකා ගුරු සේවා සංගමය කියා සිටී.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා විසින් වසර 05 කට පසු කඩිමුඩියේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ ප‍්‍රමිතියෙන් තොරව සමහර පාසල් තුළ ඉදිකළ ගොඩනැඟිලි බොහොමයක් මේ වනවිට ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ලවා විවෘත කරමින් සිටින බවත් ඒ අතර පැරණි ගොඩනැඟිලි අලූත්වැඩියා කර නව ගොඩනැඟිලි ලෙස විවෘත කරන බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ගතවූ වසර 05 ක සිය පාලන කාලය තුළ ‘ළඟම පාසල හොඳම පාසල’ ලෙස ආකර්ශණීය දේශපාලන තේමාවක් රටට හඳුන්වා දුන්න ද මෙරට දස දහසකට අධික පාසල් පද්ධතියට අවශ්‍ය ගුරුවරුන් හා පන්ති කාමරවලට අවශ්‍ය ගොඩනැඟිලි ඇතුළු භෞතික සම්පත් අහිමිව පාසල්, කලාප හා පළාත් සභා ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වන දෙමාපියන් හා සිසු දරුවන් දිනපතා මාධ්‍ය මගින් දැක ගත හැකි යැයි ද ඔහු කියා සිටී.

එමෙන්ම දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරන බවට නන්දොඩවමින් පාසල් නඩත්තු කිරීම සඳහා ඊට අදාළව දියත්් කරනු ලබන සියලූ ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කර එම පිරිවැය පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදා එම මුදල් දෙමවුපියන්ගෙන් අය කිරීමට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කටයුතු කළේ ද වර්තමාන ආණ්්්ඩුව බව පිළිගත යුතුව ඇතැයි ද ඔහු කීය.

චමින්ද සිල්වා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles