Divaina - ආර්ථිකය සමබරතාවක් නැහැ - කෘති‍්‍රම සැනසිල්ලක් ඇතිකිරීමට ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා - සජිත් පේ‍්‍රමදාස

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

re10 1- දිවංගත අල්හාජ් එම්. ඒ. බාකීර් මාකර් 22 වැනි ගුණ සමරුව

මේ රට තුළ කි‍්‍රයාත්මක වන්නේ සමබරතාවයකින් තොරවූ ආර්ථිකයක් බවත් ජනසංඛ්‍යා ලේඛන වලින් පෙන්වන තත්ත්වයට වඩා බරපතල තත්ත්වයක් රට තුළ ඇති බැවින් කෘති‍්‍රම සැනසිල්ලක් ඇති කිරීමට ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ශක්තිමත් හා සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් සඳහා වන මඟ’ මැයෙන් පැවැති දිවංගත අල්හාජ් එම්. ඒ. බාකීර් මාකර් මහතාගේ 22 වැනි ගුණ සමරු උත්සවයට සහභාගිවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එම උත්සවය කොළඹ පදනම් ආයතනයේදී පෙරේදා (10දා) සවස පැවැත්විණි. මීට මැති ඇමැතිවරුන්, විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා සෞභාග්‍යවත් ශ‍්‍රී ලංකාවක් ගැන කතා කරන කොට අද අපට අහන්න වෙලා තිබෙන්නේ පුරවැසියාගේ  සෞභාග්‍යයද, නැත්නම් යම් කිසි කණ්ඩායමකගේ සෞභාග්‍යයක්ද කියලා. නිදහසින් පසුව විවිධ කි‍්‍රයාදාමයන් අපේ රට තුළ සෞභාග්‍යයේ නාමයෙන් කි‍්‍රයාත්මක වෙලා තිබෙනවා. එමගින් මේ රටේ සියලූම දෙනාටම සෞභාග්‍ය උදාවෙලා තිබෙනවාද?

මේවා ගැන අපි නිවැරදි අවබෝධයක් ලබාගන්න ඕනෑ. ශක්තිය නමින් විග‍්‍රහ කළොත් ආරක්‍ෂක ශක්තිය, ආර්ථික දේශපාලන, සමාජ ශක්තීන් ලෙස මේ වගේ ශක්තීන් රැුසක් ගැන අපට සිතිය හැකියි අපි ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් කියන ඒ අභිමානය රටේ සියලූම ජනතාවගේ රීරිමාංශයටම දැනිය යුතුයි. ඇතැම් අය හිතනවා තමන් නියෝජනය කරන ආගමික හා ජාතික ශක්තිය තහවුරු විය යුතුයි කියලා. එවැනි ශක්තියකින් වැඩක් තිබෙනවාද? රටේ සියලූම පුරවැසියන්ට පෞඪ, ආඩම්බර උසස් ජන ජීවිතයක් ගත කරනවා කියන හැඟීම සෑම දෙනකුටම දැනිය යුතුයි.

වර්ග, කුල ගෝත‍්‍ර වලින් තොරව ජාතික අභිමානය සෑම පුද්ගලයකුම භුක්ති විඳිය යුතුයි. රටේ සශ‍්‍රිකභාවය ඉහළයනවිට ඒ රටේ ජන පරපුර උසස් ජන ජීවිතයක් ගත කළ යුතුයි. මෑත කාලය ගත්තොත් අපට ප‍්‍රශ්න කරන වෙනවා. රට තුළ නිර්මාණය වුණා කියන සෞභාග්‍ය රටේ ජනතාවට දැනුනාද කියලා ඇසිය යුතුයි.

මේවා ගැන බැලූවොත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද දත්ත ලෙස බැලූවහොත් එම දෙපාර්තමේන්තුව සංඛ්‍යාත්මක ලෙස ඔප්පු කර තිබෙනවා. මේ රටේ ජාතික ආදායමෙන් 55% ක්ම භුක්ති විඳින්නේ රටේ පොහොසත්ම 20% යි. මේ රටේ ජාතික ආදායමෙන් 05% ක් පමණයි දුප්පත් 20% ක් වන ජන කොට්ඨාසය භුක්ති විඳින්නේ. මේ සෞභාග්‍යයේ තරම ඒක පාර්ශ්විකයි. එක්තරා කොටසකට පමණයි රටේ සෞභාග්‍ය උදාවෙලා තිබෙන්නේ.

මේ අපි හැමෝම කතා කරන විවෘත ආර්ථික වෙළෙඳපොළ ක‍්‍රමවේදය උදාකරදී තිබෙන්නේ ඇති, හැකි, නැති බැරි පරතරය වසරින් වසර වැඩි කිරීමටයි. ඒ වගේම එම දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනකු ජීවත්වන පවුලකට මාසික වියදම රුපියල් 55000 ක් පමණ වෙනවා කියලා.

ඒ වගේම ලෝක බැංකුව කියනවා මේ රටේ 40% ක පමණ පිරිසක් රුපියල් 25000 ක් 27000 ක් වැනි ආදායමක් ලබන්නේ කියලා. එහෙම කියලා රජය කියනවා අපේ රටේ දුප්පත්කම 6.5% යි කියලා. අපි මේ තත්ත්වය වෙනස්කළ යුතුයි.

නව තාක්‍ෂණය ඔස්සේ අපි අලූත් රටක් නිර්මාණය කළ යුතුයි. එහිදී සැමට සෞභාග්‍යය නිර්මාණය කළ යුතුයි.

අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වෙන්න ඉගෙන ගත යුතුයි. නැත්නම් අපි මෝඩයන් ලෙස විනාශයට පත්වන බව මාටින් ලූතර් කිං ප‍්‍රකාශ කරලා තිබෙනවා. එය ඉතාමත්ම කාලෝචිත වදනක්. අපි රටක් ලෙස ජාතීන්, ආගම් අතර සහයෝගය වර්ධනය කරගෙන රට ගොඩනැඟිය යුතුයි.

රටක් සෞභාග්‍යවත් වන්න නම් ඒ රට ජාතික ආරක්‍ෂාව අතින් තහවුරු විය යුතුයි. අපි අනෙකුත් ආගම් සහ ජාතීන් සමග සමගි සම්පන්නව ජීවත් විය යුතුයි. විවිධ ජාතීන්වලට පහර ගහලා, කොන් කරලා කරන කි‍්‍රයාවන් ජාතික ආරක්‍ෂාවට හානි කරදායකයි. ජාතීන් අතර මිත‍්‍රශීලීත්වය වර්ධනය වන ක‍්‍රමවේදයන් අපි නිර්මාණය කළ යුතුයි. එවිට ස්ථාවර ශ‍්‍රී ලංකාවක් බිහිවේවි. එවිට අපේ රට ආයෝජකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වේවි.

දැන් අපට කාලය එළඹිලා තිබෙන්නේ පරාර්ථකාමීව රටේ සුබ සිද්ධිය උදෙසා අපි හැමෝම ප‍්‍රාර්ථනා කරන

සෞභාග්‍යවත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමටයි. ඒ සඳහා ජාතික විඥානය ඇති කරගැනීමයි. සැබෑ ජාතික විඥානය තුළ රට ගිනි තබන්න බැහැ. රට සුරක්‍ෂිත කිරීමයි සිදුවිය යුත්තේ. මේ ජාතික විඥානය රටේ ශක්තිය බවට පත්කරගත යුතුයි. එවිට රට ඉබේම සෞභාග්‍යවත් වේවි.

හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා

මගේ පියතුමාගේ ගුණසමරු දේශනය අදයි. එයට සහභාගීවුනු ඔබ සැමට ස්තුතිය පළකළ යුතුයි. අද මේ දේශනය කරන කොට සජිත් පේ‍්‍රමදාස මහතාට මගේ මුණුබුරාගෙන් බාධාවක් වුණා. මේ විදිහටම මාගේ මුණුබුරාගේ පියා වන ආදිල්ගෙන් එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට කරදරයක් වුණා. එදා එතුමා විවෘත කිරීමකට සහභාගීවෙලා අපේ නිවසට ආ වෙලාවේ කෑමකට මගේ පුතා ආදිල් ජනාධිපතිතුමාගෙ අත අල්ලාගෙන හිටියා. ජනාධිපතිතුමා පුතේ ඔය ටයි එක ඇදවෙලා ගිහින් කණ්ණාඩියෙන් බලලා හදාගෙන එන්න කිව්වත් පුතා එතැනම ඉඳගෙන අතින් ටයි එක හදාගෙන දිගටම පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ළඟ හිටියා.

අද ගත්තොත් දේශපාලනඥයන් ගැන ජනතාවට විශාල කරදරයක් වෙලා. අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අද මේ රට ගැන ජනතාවට විශාල සැකයක් තිබෙනවා. අපි අපේ දරුවන්ට හිඟන රටක් නොවෙයි, ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුළුවන් රටක් අපි ඇති කළ යුතු වෙනවා.

අකිත පෙරේරා, විජයසිරි විද්‍යාසේකර

ඡුායාරූප - ගාමිණී මුණසිංහ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles