Divaina - උසාවි නියෝගයක් හෑල්ලූ කරමින් විදුලි ඉංජිනේරුවන් තාමත් වැඩි කළ වැටුප් ලබනවා - ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

elec1විදුලි ඉංජිනේරුවන්ට නීති විරෝධීව වැඩිකළ වැටුප් නතර කරන ලෙස අභියාචනාධිකරණය නියෝග ලබාදී තිබියදීත් විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය එම අධිකරණ නියෝග කඩකරමින් මසකට ලක්‍ෂ 900 ක් බැගින් වැඩි පුර වැටුප් ගෙවමින් සිටිනවා යැයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පැවසීය.

මෙම ක‍්‍රියාව අධිකරණයට අපහාස කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් විදුලිබල පාලනාධිකාරියට විරුද්ධව අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ බවත් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපතිවරයා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මීට වසර 04 කට පෙර විදුලිබල මණ්ඩලයට පොදුවේ වැඩිකළ සියයට 30 ක වැටුප් වැඩිකිරීම සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉංජිනේරුවන් සඳහා සියයට 130 කින් වැඩිකර

උගැනීමට එරෙහිව ලංකා පොදු සේවක සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමෙන් පසු එම වැටුප් වැඩිකර ගැනීම නීති විරෝධී බවට 2019 අපේ‍්‍ර්ල් 02 වැනිදා අධිකරණය මගින් තීන්දු කර තිබෙන බවද වික‍්‍රමසිංහ මහතා කීය.

අධිකරණය මගින් වැටුප් වැඩිකිරීම අත්හිටුවා වැඩිපුර ගෙවා ඇති මුදල අයකර ගැනීමට නියෝග කර තිබියදී එම නියෝගය හෑල්ලූවට ලක්කරමින් තවදුරටත් විදුලි ඉංජිනේරුවන්ට එම වැටුපම ගෙවීම අධිකරණ නියෝග පිළිනොපදින තත්ත්වයක් බවද ඔහු කීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෑතකදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය මගින් නියෝග කිරීමත් සම`ග මහින්ද රාජපක්‍ෂ මහතා එම නියෝගය පිළිගනිමින් අගමැති ධූරයෙන් ඉවත් වී ගිය බවත් එවැනි ආදර්ශ තිබියදී විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය අධිකරණ නියෝග පිළිනොගැනීම අභියෝගයට ලක්විය යුතු බවත් ඔහු කීය.

රාජ්‍ය සේවයේ දීමනා ලබාගැනීමේ හැකියාව සියයට හැටපහක (65%* සීමාවක තිබුණත් විදුලිබල ඉංජිනේරුවන් එම දීමනාව සියයට එකසිය තිහ දක්වා බුක්ති විඳින බවද ඒ මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය නීති විරෝධී වැටුප් වැඩි කිරීම නිසා මේ වන විට මණ්ඩලයට රුපියල් බිලියන 06 ක පාඩුවක් සිදුව තිබෙන බවත් සමස්ත රාජ්‍ය සේවකයන්ටම රුපියල් 2500 බැගින් වැටුප් වැඩිකිරීමේදී වැය වී ඇත්තේ රුපියල් මිලියන 14 ක් බවත් ඔහු කීය. එම නිසා නිලධාරීන් 1100 කට පමණ කොතරම් මුදලක් ගෙවා ඇති ද යන්න මෙහිදී පෙනී යන බවද ඔහු කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට, පොලිස් වංචා විමර්ශන ඒකකයට, ජනාධිපති කොමිසමට, විෂය භාර ඇමැතිවරුන්ට පැමිණිලි කර ඇතත් මේ වනතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයිද ඔහු කීය.

චමින්ද සිල්වා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles