Divaina - ත‍්‍රස්තවාදය වැළැක්වීමට නව නීති කඩිනමින් සකසන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

maithri- ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ  කමිටුවේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති කියයි

- ත‍්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ඊයේ (11 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවත්වුණු ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමට එක් වෙමිනි.

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයකු මෙම කමිටු රැුස්වීමකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයවේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගත යුතු තීන්දු තීරණ කිසිසේත් ප‍්‍රමාද නොකළ යුතු අතර ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ එම මොහොතේදීම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බවයි.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා රටට මුහුණ දීමට සිදුවූ ආකාරයේ අභාග්‍ය සම්පන්න සිදුවීමක් යළි රට තුළ ඇති වීමට ඉඩ නොතැබීමට සියලූ වගකිවයුතු පාර්ශ්වයන්ගේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බවයි. එහෙත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වැදගත්කම සලකා බලමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබඳව ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් විසින් යෝජනාවලියක් සකස් කර භාරදී තිබෙන අතර එම කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනමින් අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති සම්පාදනය පිළිබඳව සොයා බැලීමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

ජාතික ආරක්‍ෂාව ප‍්‍රධාන තේමාව කර ගනිමින් ආගමන හා විගමන කටයුතු, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම, වෙබ් ප‍්‍රකාශ සහ අසත්‍ය ප‍්‍රචාර, සයිබර් ආරක්‍ෂාව, අධ්‍යාපන ක‍්‍රමය ආදී පුළුල් ක්‍ෂේත‍්‍ර ගණනාවක් පුරා විහිදී යන ප‍්‍රධාන අංශ 15 ක් යටතේ කරුණු සොයා බැලීම මෙහිදී සිදුකෙරෙන අතර එම වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුව වෙත භාරදීමට නියමිතය.

මෙම කමිටුවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක මහතා විසින් දරනු ලබයි.

කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, අජිත් පී. පෙරේරා, ආශු මාරසිංහ යන මහත්වරුන් ද ආරක්‍ෂක ලේකම්, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප‍්‍රධානීහු මීට එක්ව සිටියහ.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles