Divaina - සොරකම් කරන්න පුළුවන් නම් නිදහස්‌ අධ්‍යාපනයේ පියා කියන වචනයත් සොරකම් කරයි - අමාත්‍ය වජිර අබේවර්ධන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

සොරකම් කරන්න පුළුවන් වුණා නම් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බලවතුන් නිදහස්‌ අධ්‍යාපනයේ පියා යන වචනයත් සොරකම් කරනවා යෑයි ස්‌වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ, ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ගාල්ල නගරයේ පාසල් හතරක නව ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්‌ථාවට පෙරේදා (09 දා) එක්‌වෙමිනි.

මහින්ද විද්‍යාලයේ රුපියල් මිලියන 32.5 ක වියදමකින් ඉදිකළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ රුපියල් මිලියන 35 ක වියදමකින් ඉදිකළ නව සිව්මහල් පන්ති කාමර ගොඩනැගිල්ල, රිපන් බාලිකා විද්‍යාලයේ රුපියල් මිලියන 30 ක වියදමකින් ඉදිකළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ සහිරා විද්‍යාලයේ රුපියල් මිලියන 16.5 ක වියදමකින් ඉදිකළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල මෙහිදී සිසු අයිතියටපත් කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳව දැක්‌වූ අදහස්‌ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සටහන් වෙනවා. නිදහස්‌ අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා පිළිරුව තමයි ගෝල් ෙµaස්‌ පිට්‌ටනියේ හදන්න ඕන කියලා මම එදා විපක්‌ෂයේ මන්ත්‍රීවරයකුව සිටියදී කිව්වා. තරහට නෙමෙයි කිව්වේ. මේ රටේ දේශපාලන බලවතුන් සොරාගත හැකි සියල්ල සොරා ගෙන. සොරා ගන්න බැරි අධ්‍යාපනයයි. කන්නංගර මහතා ජාතියට දායාද කළ නිදහස්‌ අධ්‍යපනය, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි මහා පෙරළියක්‌ ඇති කරනවා. උගත්කමට, දක්‌ෂකමට සමානතාවය හදල දෙනවා. එතුමා තරග විභාග ක්‍රමය ඇති කරනවා. විද්‍යා පීඨ ඇති කරනවා. දක්‌ෂ විදුහල්පතිවරු ඇති කරන ක්‍රමවේදය ඇති කරනවා.දකුණු පළාතේ වැඩිම ජනගහනය ගාල්ලේ. දකුණු පළාතේ ප්‍රධාන කාර්යාල අපට අහිමි වෙලා.

චමින්ද සිල්වා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles