Divaina - අධ්‍යාපන ප‍්‍රකාශන අංශයේ හිටපු ප‍්‍රධානියාගේ සාක්‍ෂියෙන් තමන්ට අගතියක් සිදුවුණා - අධ්‍යාපන ඇමැති අකිල විරාජ් සාක්‍ෂි දෙමින් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

- ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව

- අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප‍්‍රකාශක අංශයේ හිටපු ප‍්‍රධානියා විසින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ලබාදුන් සාක්‍ෂි නිසා තමන් අගතියට පත්වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (11දා* දිනයේදී ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පැවසීය.

පාසල් පෙළ පොත්වලට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපයක් යෙදීම නිසා අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබඳව සාක්‍ෂි ලබාදීම නිසා තම අධ්‍යාපන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කළ බවට අයි. එම්. ඒ. බී. ඉලංගසිංහ මහතා ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල පිළිබඳව සාක්‍ෂි ලබාදෙමින් අධ්‍යාපන ඇමැතිවරයා එම ප‍්‍රකාශය කළේය.

අධ්‍යාපන ඇමැතිවරයා කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ, පාසල්වලට රසායනික ද්‍රව්‍ය මිලදී

ගැනීමේදී සහ බෙදා හැරීමේදී සිදුවී ඇති අක‍්‍රමිකතාවයක් පදනම් කර ගනිමින් සිදුකරන ලද විමර්ශනයක් පදනම් කරගෙන එම ස්ථාන මාරුව ලබාදුන් බවයි.

රජයේ අධිනීතිඥවරයා සාක්‍ෂි විමසීමක් ප‍්‍රකාශ කර සිටියේ 2017 මැයි 17 වන දින ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් පදනම් කර ගනිමින් එම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ එම වාර්තාව පදනම් කරගෙන අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙන්ම විගණකාධිපතිවරයාට පවා දැනුම් දුන් බවයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිද යන්න ඇමැතිවරයාගෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවන් විමසා සිටි අතර, ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ, එම දැනුම්දීම් තමා වාචිකව පමණක් කළ බවයි.

අධ්‍යාපන ඇමැතිවරයාගේ සේවා කාලය තුළදී මේ දක්වා කාර්යය සාධක ගොනු 429 ක් සම්පාදනය වී ඇති බවත්, ඒ අතරින් ඇමැතිවරයා ලිඛිත සටහනක් යොදා ඇත්තේ ඉලංගසිංහ මහතා සම්බන්ධ ගොනුවේ පමණක් බවත් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේදී හෙළිවිය.

එරික් ගාමිණි ජිනපි‍්‍රය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles