Divaina - ඉදිරි දිනවලත් වැසි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

දිවයිනට බලපා තිබෙන වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (11 දා) පැවැති වැසි සහිත තත්ත්වය අද (12 දා) වනවිට අඩුවීමක් දක්නට ලැබුණත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාවක් ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසුවාය. මෙම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක වර්ෂාපතනයන් අපේක්‍ෂා කළ හැකි බවද ඇය කීවාය. සෙසු පළාත් වල තැනින් තැනට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඇය කීවාය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඇය කීවාය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර් 70-80 වැනි තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එවිට එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවත් ඇය වැඩිදුරටත් කීවාය.

චමින්ද සිල්වා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles