Divaina - ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහිම් 11 දෙනා ත‍්‍රස්ත විමර්ශන ඒකකයට

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයා වූ මොහොමඞ් සහරාන් යටතේ පුහුණුව ලබා සිටි ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහිම් තහනම් සංවිධානයේ සාමාජිකයන් එකොළොස් දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ඊයේ (11 වැනිදා) භාරදී ඇත.

මෙම සැකකරුවෝ නුවරඑළිය සහ හම්බන්තොට ප‍්‍රදේශවල තව්හිද් ජමාත් ත‍්‍රස්ත කඳවුරුවලදී අවි පුහුණුව ලැබු පුද්ගලයෝය.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරුවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අම්පාර ප‍්‍රදේශවල සිටියදීය.

එසේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන ගිය අතර වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා මොවුන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කීය.

අම්පාර පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත මෙම පිරිස රඳවා තිබිණි.

එම අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වනුයේ මොහොමඞ් මන්සුර් ෙසෙහුල්ලාහ්, මොහොම්මදු රියාල්, මොහොමද් සාජිද්, මුස්තාත් අලි අම්හර්, මොහොමඞ් තාහිර් හිදියතුල්ලා, මොහොමඞ් ම්සින් රුප්දි අහමඞ්, මොහිදීන් බාවා මොහොමඞ් රූමි අබ්දුල් හලීම් මොහොමඞ් හිමාස්, මොහොමඞ් කාසිම් මොහොමඞ් අකීල්, හිස්බුල්ලා බාස් හුස්නි අහමඞ්, මොහොමඞ් සාහිර් මොහොමදු අන්සන්, මොහොමදු අවුතාක් අතීස් මොහොමඞ් යන අයයි.

හේමන්ත රන්දුණු, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles