Divaina - ‘පොහොට්ටුවේ’ යෝජනාවට අපි බෑයි කිව්වා - වීරකුමාර දිසානායක කියයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

p1 3ජනාධිපතිවරණයේදී ‘පොහොට්ටුව’ ලකුණින් තරග කර වෙනත් ලාංඡුනයකින් මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පැවැති සාකච්ඡුාවකදී එවැනි දෙයක් පිළිබඳව යෝජනා කළ බවත්, එම යෝජනාව පක්‍ෂය ප‍්‍රතික්‍ෂේප කළ බවත් කී වීරකුමාර දිසානායක මහතා නමුත් ඕනෑම කෙනකුට මත තිබිය හැකි බව ද සඳහන් කළේය.

මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරග කළ යුතුයි යන මතයේ සිටින බව ද, ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡුාවලදී එම අදහස වෙනස් විය හැකි බව ද හෙතෙම කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ‘පොහොට්ටුව’ ලකුණින් තරග කිරීම සහ මහ මැතිවරණයේදී වෙනත් ලාංඡුනයකින් තරග කිරීම සම්බන්ධයෙන් ‘දිවයින’ ඊයේ (11 වැනිදා) කළ විමසීමකදී වීරකුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේය.

ලසිත දුමින්ද
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles