Divaina - කොමිසමට අද නොඑන බව අගමැති කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 4444මන්නාරම් දිස්ත‍්‍රික්කයේ කලින් යොදා ගත් වැඩ කටයුතු කිහිපයක් ඇති බැවින් අද (12 දා) දින ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිය නොහැකි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම කොමිසම වෙත දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය ස්ථාපිත කිරීම සඳහා රාජගිරියේ ඞී. පී. ජේ. ගොඩනැගිල්ල ලබා ගැනීමේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබඳව සාක්‍ෂි ලබාදීම සඳහා අද (12 දා) දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 09 වැනිදා අගමැතිවරයා වෙත දැනුම් දී තිබුණි.

එම පැමිණිල්ල පිළිබඳව සාක්‍ෂි ලබාදීම සඳහා ලබන 16 වැනිදා පෙරවරු 9.30 ට ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (11 දා) යළිත් එම කොමිසමේ ලේකම්වරිය විසින් අගමැතිතුමා වෙත දැනුම් දී ඇත.

එරික් ගාමිණි ජිනප‍්‍රිය

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles