Divaina - රතුපස්වල වෙඩි තැබීම ; බි‍්‍රගේඩියර් ඇතුළු සිවුදෙනාට ගම්පහ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

court4පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් සිදුකර විසිර යමින් සිටි වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශවාසීන් තිදෙනකු වෙඩිතබා ඝාතනය සිදුකිරීම තවත් 12 දෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94 ක් යටතේ බි‍්‍රගේඩියර් අනුර දේශප‍්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (11 දා) ගම්පහ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

2013.08.01 වැනිදා රතුපස්වල ප‍්‍රදේශයේ පැවති එකී උද්ඝෝෂණය නිමකර යමින් සිටියදී එල්ල වූ එකී වෙඩි ප‍්‍රහාරවලට ගොදුරු වූ අකිල දිනේෂ්, සම්ලි රාමසාන් හා නිලන්ත පුෂ්පකුමාර යන තිදෙනා මියගොස් තිබුණි.

විත්තිකාර බි‍්‍රගේඩියර්වරයාගේ නියෝගය මත සිදුකළ එම වෙඩි ප‍්‍රහාරවලට ගොදුරු වූ තවත් ප‍්‍රදේශවාසීන් 12 දෙනකු බරපතළ තුවාල ලබා තිබූ අතර කැරලි මර්දන අංශ විසින් සිදුකළ තුවක්කු බට ප‍්‍රහාරවලින් තවත් 21 දෙනකු ද තුවාල ලබා තිබුණි.

බි‍්‍රගේඩියර් අනුර දේශප‍්‍රිය ගුණවර්ධන මහතාට හා ඞී. අරුණගේ සිරිසේන, ජේ. එම්. තිලකරත්න හා ලලිත් ගේ‍්‍ර යන විත්තිකාර හමුදා සෙබළුන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කරන ලද ඉල්ලීම අනුව මේනකා විජේසුන්දර, විමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන මහාධිකරණ විනිසුරු මඬුල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත්කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles