Divaina - සාමනේර හිමිවරුනට පහරදුන් සැකකරු 25 දා තෙක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 

p1 4හොරොව්පතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන් වාසී සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙළෙඳසල් හිමිකරු ඊයේ (11 වැනිදා) කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙරිණි.
 
 මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කෙරුණේ හොරොව්පතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකි.
 
 සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග කළේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles