Divaina - පරිපාලන සේවයේ ගැටලූ ලිහන්න කැබිනට් පති‍්‍රකාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 - ජනාධිපති ලේකම් පොරොන්දු වූ බව  පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය කියයි

ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන් ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා ලබන කැබිනට් මණ්ඩල රැුස්වීමට කැබිනට් පති‍්‍රකාවක් යොමු කරන බවට ජනාධිපති ලේකම්වරයා ඊයේ (11 වැනිදා) තම සංගමයට පොරොන්දු වූ බව ශී‍්‍ර ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විදුල රෝහණ ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා ගැනීම සඳහා අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේත් (11 වැනිදා) පෙරේදාත් (10 වැනිදා) ඔවුහු වෘත්තිය කි‍්‍රයා මාර්ගයක නිරත වූහ.

මෙම වෘත්තිය කි‍්‍රයා මාර්ගය නිසා ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ යන දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැුසක දෛනික කටයුතුවලට බාධා එල්ල විය.

ඊයේ පැවැති වෘත්තිය කි‍්‍රයා මාර්ගය අතරතුර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සමඟ සාකච්ඡුාවක් පැවැත්වූ බව සඳහන් කළ රෝහණ ද සිල්වා මහතා එහිදී ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සමග දුරකථනය ඔස්සේ සාකච්ඡුා කර තම සංගමය ඉදිරිපත් කර ඇති ගැටලූ සම්බන්ධව සාකච්ඡුා කළ බව ද කීවේය.

ජනාධිපති ලේකම්වරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබීම නිසා ඒ පිළිබඳව විශ්වාසය තබා ඇති බවත් ඔහුගෙන් ද විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන අඟහරුවාදා (17 දා) තම සංගමයේ විධායක සභාව රැස් වී ඉදිරි කි‍්‍රයා මාර්ග ගැන සාකච්ඡුා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles