Divaina - රුසියාව ශී‍්‍ර ලංකාවේ සහාය ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

බණ්ඩාරගම ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක
 
russia ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකාය සතු විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන් රුසියන් හමුදාවේ නොමැති බවත් ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ඇතිව රුසියානු හමුදාවේද විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි කණ්ඩ ස්ථාපිත කිරීමට සැලසුම් කරන බවත් රුසියන් හමුදාවේ ගුවන් සංක‍්‍රමික බළසේනාවට අයත් ෆැරෝවි ( ත්‍්රරදඅඅ* නිලධාරියා පැවසීය.
 
 ඔහු මේ බව පැවසුවේ පුුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වැටලීමට ඊයේ (10 දා* පෙරවරුවේ පුල්මුඬේ නගර මධ්‍යයේ පැවැති දියකාවා යුද අභ්‍යාසයේ නිදර්ශනයකට සහභාගි වීමෙන් පසුව අදහස් දක්වමිනි.
 
 එහිදී ඔහු මෙසේද පැවසීය. ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවන්ගේ හැකියාවන් විශිෂ්ටයි. මෙවැනි පුහුණුව ලත් කණ්ඩායමක් රුසියානු හමුදාවේවත් නැහැ. ඉදිරියේදී ශී‍්‍ර ලංකා හමුදාවේ සහාය ලබාගෙන රුසියානු හමුදාවේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදි බළඇණියක් ආරම්භ කිරීමට අදහස් කරනවා.
 
 ‘දියකාවා’ යුද අභ්‍යාසයේ දසවන දිනය වූ ඊයේ (10 දා* පෙරවරුවේ පුල්මුඬේ නගරයේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන බවට ‘දියකාවා’ යුද අභ්‍යාස මුලස්ථානයෙන් ලද තොරතුරකට අනුව යුද හමුදා විශේෂ බළකායේ විශේෂ සංග‍්‍රාමික යතුරුපැදිකරුවෝ 16 දෙනෙක් වැටලීම් සිදුකිරීමේ විශේෂ යුද අභ්‍යාසයක් සිදුකළහ.
 
 ‘දියකාවා’ යුද අභ්‍යාසයට ති‍්‍රවිධ හමුදා සාමාජිකයෝ 2845 දෙනෙක්, විදේශ හමුදා සාමාජිකයෝ 70දෙනෙක් සහ නිරීක්‍ෂණ නිලධාරීහු 11දෙනෙක් සහභාගි වී සිටියහ.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles