Divaina - රූපවාහිනිය පවරා ගැනීමට පෙර දැනුවත් නොකිරීම කනගාටුවක් ඇමැති රුවන්ගෙන් ජනපතිට ලිපියක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 අකිත පෙරේරා
 
 rewaරූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම පිළිබඳව අවම සදාචාරය හෝ ආරක්‍ෂා කරමින් තමා දැනුවත් කිරීමට කටයුතු නොකිරීම ගැන කනගාටුව පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යවා ඇත.
 
 
 එය සම්පූර්ණයෙන් මෙසේය.
 
 ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස 2019 පෙබරවාරි 22 වැනි දින ඔබතුමා හමුවේ දිවුරුම් දීමෙන් අනතුරුව අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් පාඩු ලබමින් තිබෙන ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් පරිපාලනය ඉවත් කරමින් සුදුසු දක්ෂ හා කාර්යක්ෂම සභාපතිවරයකු පත්කිරීමට මා විසින් අවස්ථා කිහිපයකදී උත්සාහ කළ අතර ඔබතුමා එම සියලූ අවස්ථාවන්හිදී විවිධ හේතු දක්වමින් ඊට බාධා කළ බව ඔබතුමන්ට පෙන්වා දෙමි.
 
 මේ වනවිට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මහා භාණ්ඩාගාරයට බරක් වෙමින් මාසයකට රුපියල් කෝටි 05 කට අධික පාඩුවක් ලබමින් තිබෙන බව විගණන වාර්තා අනුව පැහැදිලි වෙයි. මාධ්‍ය සමීක්ෂණ වාර්තා අනුව ජාතික රූපවාහිනිය මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ටෙලිවිෂන් චැනල අතර 06 වැනි ස්ථානයට වැටී තිබේ. ජාතික රූපවාහිනිය පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් නාළිකාවක් බවට පත්කිරීමට වර්තමාන සභාපතිනිය අපොහොසත් වී ඇති බව මෙයින් ඔබට පැහැදිලි වනු ඇත. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ බහුතර සේවකයන් ද සාක්ෂි දරනු ඇත.
 
 කරුණු එසේ තිබියදීත් ඔබතුමා විසින් නිකුත් කළ 2019/10/09 දින අංක 2140/2 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැනීම ගැටලූසහගත තත්ත්වයක් බව හැ`ගී යයි. ඉතිහාසයේ කිසිදු දිනක, රට අතිශය දරුණු යුද්ධයකට මැදිව තිබුණු අවස්ථාවකදී හෝ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර නොගත් බවද කනගාටුවෙන් පෙන්වා දෙමි. ඒ අනුව ඔබතුමාගේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තර්ජනයකට ලක්වීමක් ලෙස අර්ථ දැක්වීම නතර කළ නොහැකි බවද මගේ අදහසයි.
 
 ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ජනතාව අතර සාමය, සමගිය සහ සංහිඳියාව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් වර්ධනය කිරීමටත් අති නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ජනතාවගේ රසඥතාව වර්ධනය කිරීම හා උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදුකළ බව ගැසට් නිවේදනයේ සඳහන් වුව ද ගෙවී ගිය වසර 4 ක කාලය තුළදී ඔබතුමන් ඒ පිළිබඳව කිසිදු විටක මැදිහත් නොවූ බව ද මතක් කරමි. එමෙන්ම උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්‍ෂා කරන ඔබතුමන් අවම සදාචාරය හෝ ආරක්‍ෂා කරමින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර විෂයභාර අමාත්‍යවරයා ලෙස මා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම ගැන මම අතිශයින් කනගාටුවට පත්වෙමි.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles