Divaina - උසාවියට අපහාස කළැයි තෙවරප්පෙරුම රිමාන්ඞ් තවත් 5කුත් කූඩුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new


 
 කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර, මතුගම විශේෂ - අනුර ජයසේකර, අගලවත්ත - මහිලාල් පද්මසූරිය
 
tevara අධිකරණ නියෝග නොතකා තෙබුවන ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මළ සිරුරක් මිහිදන් කිරීමෙන් අධිකරණ නියෝග කඩකිරීම සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග භාරදීමට ගිය තෙබුවන පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර තිබූ ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු හයදෙනකු ඊයේ (10දා* මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත
 
 බන්ධනාගාරගත කරන ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය.
 
 
 
 අධිනිතීඥ ගාමිණි නල්ලපෙරුම මහතා මාර්ගයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස මෙසේ අධිකරණයට භාර වීමෙන් පසු බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
 
 තෙබුවන ගල්කන්දගොඩ ප‍්‍රදේශයේ වතු සමාගමක් සතු ඉඩමක මෘතශරීර මිහිදන් කිරීම වළකාලමින් තෙබුවන පොලිසිය මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් ලබාගෙන තිබූ නියෝග නොතකා නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය අගෝස්තු 22 වැනිදා මළසිරුරක් මිහිදන් කිරීමට කටයුතු කර තිබිණි.
 
 මේ පිළිබඳව තෙබුවන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිසියේ රාජකාරියට බාධා කළ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය. මේ පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඔක්තෝබර් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත‍්‍රාත්වරිය තෙබුවන පොලිසියට නියෝග කර තිබිණි.
 
 මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, මෝහන්රාජ් තිරුචෙල්වම් රාජා, චින්තක පෙරේරා, සුබ‍්‍රමනියම් රාජසේකරම්, ලෙච්චමන් යන අය වෙති.
 
 මේ පිළිබඳ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව තෙබුවන පොලිස් ස්ථානාධිපති යූ. අරුනාචලම් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
 
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles