Divaina - වත්කම් ප‍්‍රකාශ නොකළ කැබිනට් ඇමැතිවරුන් 8 කට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 ලසිත දුමින්ද
 
 වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමැතිවරුන් අට දෙනකුට එරෙහිව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඊයේ (10 වැනිදා* අල්ලස් හෝ ¥ෂණ චෝදනා කොමිසමට පැමිණිලි කර ඇත.
 
 2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප‍්‍රකාශයට පත් නොකළ බවට දැක්වෙන තොරතුරු දැන ගැනීමේ ඉල්ලූම්පතෙහි කරුණු උපුටා දක්වමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
 
 නවීන් දිසානායක, සජිත් පේ‍්‍රමදාස, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන් සහ එම්. එච්. එ්. හලීම් යන කැබිනට් ඇමැතිවරුන් මෙසේ සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකළ කැබිනට් ඇමැතිවරුන් බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසීය.
 
 වත්කම් හා බැරකම් ප‍්‍රකාශන නීතියෙහි 4 (එ්* (11* කොටසට අනුකූලව සියලූම කැබිනට් ඇමැතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප‍්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2019 අගෝස්තු 28 වැනිදා ඉදිරිපත් කළ ආර්ටීඅයි ඉල්ලූම්පත‍්‍රයට ප‍්‍රතිචාර දක්වමින් 2019 අගෝස්තු 20 දා වන විට කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු තම වත්කම් හා බැරකම් ප‍්‍රකාශන ඉදිරිපත් කර නැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා තිබේ.
 
 මේ අනුව වත්කම් හා බැරකම් ප‍්‍රකාශයට පත් නොකිරීමේ වරදට රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ වසරක සිර දඬුවමකට ලක් කිරීමේ හැකියාව ඇති බව ද, පැමිණිල්ල සැලකිල්ලට ගෙන නිසි පියවර ගන්නා ලෙසට අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම කීවේය.
 
 තම වත්කම් ප‍්‍රකාශයට පත් නොකළ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් හ`දුනා ගැනීමට මේ හා සමානව තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ කථානායක කාර්යාලයෙන් ඉල්ලා ඇති බව ද එම තොරතුරු ලද වහාම අදාළ ක‍්‍රියාමාර්ග ගන්නා බවද අසෝක ඔබේසේකර මහතා ස`දහන් කළේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles